Jul 25, 2012

E-mail එකට එන කරදරකාරී E-mail block කරන්නේ මෙහෙමයි..!

      ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ විද්‍යුත් තැපෑල නැත්නම් Email හා සම්බන්ධ කාරණයක් පිළිබදවයි. ඊට කළින් විශේෂ යමක් කීමට තිබෙනවා.. Sandriesoft අඩවියට පැමිණෙන ඔබ සැම මෙය දැනගත යුතුමයි. ඒ Sandriesoft අඩවියේ යාවත්කාලීන කිරීම පිළිබදවයි.. මෙවර අ.පො.ස උ/පෙ විභාගයට මා පෙනී සිටින බැවින් ඉදිරි සති කිහිපයක කාලය Sandriesoft අඩවිය යාවත්කාලීන කිරීම පිළිබද ගැටලු ඇතිවිය හැකිය. ඉතින් ඒ නිසා ඉදිරි සති කිහිපයක කාලය තුළ ලිපියක් පලකිරීමට නොහැකි වීමෙන් Sandriesoft අඩවියට පැමිණෙන ඔබ සැමට වන අපහසුතාවය පිළිබදව මා සමාව ඉල්ලනවා.. කෙසේ නමුත් හැකි සෑම අවස්ථාවකම නව ලිපියක් හෝ නව මෘදුකාංගයක් එලිදක්වන්නට මම උත්සාහ ගන්නා බව සදහන් කරමි.. Sandriesoft අඩවියෙහි නව ලිපියක් පළවූ විගස එය ඔබේ Sandriesoft Black Pussycat මෘදුකාංගය තුළින් දැනුවත් කරන බැවින් සිදුවන අපහසුතාව යම් දුරකට හෝ අඩුකර ගත හැකි වේවි...

      හරි.. දැනුම් දීම පිළිබදව මතකයේ තබාගෙනම අද ලිපියට අවධානය යොමු කරමු.. අද මම ඔයාලව දැනුවත් කරන්නට හිතුවේ E-mail එකට එන කරදරකාරී  E-mail block කරන ආකාරය පිළිබදවයි, ඒබොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් නිසායි.. පහත උපදෙස් අනුගමනය කිරීමෙන් E-mail එකට එන කරදරකාරී  E-mail block කළ හැකිය.


ඔයාට තියෙන්නේ Gmail account එකක් නම්






1. මුලින්ම Gmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Settings" වලට යන්න..දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter" ක්ලික් කරන්න.. 
2. දැන් ඒකෙ "From" කියල තියෙන තැනට block කරන්න අවශ්‍ය කරන mails එන Email address එක type කරන්න..
උදා : freezo@gmail.com කියල දුන්නොත් freezo@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනවා..
අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒ සදහා "From" කියන තැනට *@facebook.com විදිහට type කරන්න.
3. දැන් Next Step එකට යන්න.. එතනින් Delete it option එක select කරන්න.
වැදගත් :- අවශ්‍ය වුවහොත් නැවතත් block කරපු Email address ඔයාට unblock කරන්න පුලුවන්... ඒ සදහා ඔයා create කරපු filter එක delete කරන එක විතරයි කරන්න තියෙන්නෙ...



ඔයාට තියෙන්නේ Yahoo account එකක් නම්


1. ඔයාගේ Yahoo account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" වලට යන්න.
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.
3. ඒකෙ වම් පැත්තේ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න.
4. දැන් ඒකෙ "Add" click කරන්න.
5. දන් ඔය Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න.
උදා : freezo@gmail.com කියල දුන්නොත් freezo@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනවා..
අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒ සදහා "From header" කියන තැනට *@facebook.com විදිහට type කරන්න. 
6. දැන් "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න.



ඔයාට තියෙන්නේ Hotmail account එකක් නම්






1. ඔයාගේ Hotmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" වලට යන්න.
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.
3. දැන් Junk e-mail යටතේ තියෙන "Safe and blocked senders" link එක click කරන්න.
4. "Block senders" click කරන්න.
5. දැන් ඔයට block කරන්න ඔනෙ mails එන Email address එක හරි domain එක හරි type කරන්න.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

2 comments:

  1. ගොඩක් වැදගත් වෙන ලිපියක්. බොහොම ස්තූතියි යාලුවේ.......!!!

    ReplyDelete
  2. පෙට්ටියේ අධිපති - බොහොම ස්තූතියි...!
    :)

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..