Jul 21, 2012

Cricket වලට කැමති අයට Live Score Widget එකක්...!

     ඔන්න අද මම Cricket වලට කැමති අයට වැදගත් වෙන දෙයක් අරන් ආවා.. මේක ඇත්තෙන්ම ඔබේ බ්ලොගයට දාන්න පුලුවන් ගැජට් එකක්.. මේකෙන් වෙන්නේ සජීවී ක්‍රිකට් ලකුණු හා ඒ හා සම්බන්ධ විස්තර ඔයාගේ බ්ලොගය නරඹන්නන්ට දර්ශනය කිරීමයි.. ඉතින් ඔයාලගේ බ්ලොගයටත් මේක අනිවාර්යෙන්ම දාගනීවි කියලා මම හිතනවා..

      ඉතා පහසුවෙන් මෙම බ්ලොගර් ගැජට් එක ඔයාලාගේ බ්ලොගයට දමන්නට පුලුවන්.. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න..


 කොහොමද Live Score Widget එක Blog එකට දාගන්නේ..?

  • Generate your code for free now යටතේ ඇති Domain Name යන ස්ථානයේ ඔයාගේ බ්ලොග් අඩවියේ ලිපිනය ලබාදෙන්න..
  • Select the format යටතේ ඇති Score card එකේ ඔබට අවශ්‍ය ප්‍රමාණය තෝරන්න.
  • දැන් Select the Language යටතේ අදාළ භාෂාව තෝරාගන්න.
  • දැන් Select the Team යටතේ ඔබට අවශ්‍ය ක්‍රිකට් කණ්ඩායම තේරිය හැකිය. මෙහිදී All teams යන්න තේරීම වඩා යෝග්‍ය වේ.
  • අවසාන වශයෙන් Genarate and copy the code මගින් ඔබගේ Live Score Widget එක සදහා Blog එකට අවශ්‍ය code එක ලබාගන්න.
  • දැන් Blogger එකෙහි ඇති Add and Arrange Page Elements වෙත ගොස් Add a gadget මගින් HTML/JavaScript එකක් ලෙස ඔබ ලබාගත් code එක save කරගන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..