Jul 18, 2012

සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන උපදෙස්...

      ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්නේ සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන උපදෙස් කිහිපයක් පිළිබදවයි.. ඔබ අලුතින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සූදානම්වනවා නම් මේ කරැණු පිළිබදව ඔබේ අවධානය යෙදීම ඉතා වැදගත් වේවි.. දැනට වෙබ් අඩවියක් පවත්වා ගෙන යන ඔබටත් තවදුරටත් ඔබගේ වෙබ් අඩවියේ සාර්ථකත්වය සදහා මෙම පියවරයන් අනුගමනය කරන්න පුලුවන්... බ්ලොග් අඩවියක් පවත්නාගෙන යන අයටත් වැදගත් වන ආකාරයේ කරැණුද මෙහි ඇතුළත්ය.. හොදයි... මෙහිදී මම ඉතාම වැදගත් කරැණු කිහිපයක් පිළිබදව ඔබේ අවධානය යොමු කරවන්නම්...

  • භාවිතා කිරීමට පහසු Navigations ආදිය යොදන්න. සියලුම Menu පැහැදිළිව සහ සරළ ලෙස සකසන්න.
  •  භාවිතා කරන්නාට ඇසට හිතකර වර්ණ, අකුරැ රටා, අකුරැ ප්‍රමාණ, පින්තූර සහ පසුතල භාවිතා කරන්න. ඔබේ වෙබ් අඩවිය ආබාධිත පුද්ගලයෙකුට වුවද භාවිතා කිරීමට හැකි අයුරින් නිර්මාණය කිරීමට වගබලාගන්න. ඔබේ වෙබ් අඩවිය වර්ණ අන්ධතාවය හා පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයින්ට ද පහසුවෙන් භාවිතා කළ හැකිවිය යුතුය.

  • සියලුම පිටු පෙනුමෙන් ආකර්ශනයට පත්වන ආකාරයෙන් නිර්මාණය කරන්න. නමුත් ඔබේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථයට අදාළ දේ පමනක් පිටුවල අන්තර්ගත කරන්න.

  • ඔබේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථය තොරතුරැ සැපයීමයි. තොරතුරැවලට ඇස යොමු නොවන අයුරින් වැඩියෙන් Graphics හා Flash Files ආදිය යෙදීමෙන් වෙබ් පිටු ලෝඩ්වීමට ගතවන කාලයද වැඩිවේ. එමෙන්ම Links වැඩිපුර යෙදීමෙන්ද තොරතුරැවලට හානි වේ. එම නිසා එක් පිටුවකට Links 100කට අඩු ප්‍රමාණයක් යෙදීම සුදුසුය. එමෙන්ම තොරතුරැ ප්‍රමාණය වැඩිකර සැරසිලි ප්‍රමාණය අඩුකළ යුතුය.

  • සියලුම Links ක්‍රියාකාරී තත්ත්වයේ තිබිය යුතුය.

  • නිවැරදි HTML Tags හා Client Side Script භාවිතා කිරීම.

  • Browsersවලට ගැලපෙන ලෙස වෙබ් පිටු නිර්මාණය විය යුතු වීම විශේෂයි.

  • Search Enginesවලට සහාය වන ලෙස වෙබ් පිටු නිර්මාණය කරන්න. වෙබ් අඩවියේ ඇති සියලුම වෙබ් පිටු තවත් පිටු සමග සම්බන්ධ කිරීමෙන් Search Engine Crawlersවලට සම්පූර්ණයෙන් වෙබ් අඩවියම ග්‍රහණය වී List වීම ඉක්මනින් කරගත හැකිය.
 


  • මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතාවයකදී වුවද සුලු කාලයක් තුළදී වෙබ් පිටු ලෝඩ් වන ලෙස නිර්මාණය කළ යුතුය.

  • Forms  භාවිතා කිරීමේදී නිවැරදි Client Side සහ Server Side Validations යොදා අවශ්‍ය Fields Required ලෙස සැකසීම වැදගත්ය. 

  • Images සදහා Alt Tags යෙදීමෙන් Search Engines හි වාසි ලබාගත හැකිය.

  • Site map එකක් වෙබ් අඩවියක ඇතුළත් කිරීමෙන් පිවිසෙන්නන් සදහා වෙබ් අඩවිය පිළිබදව නිවැරදි මග පෙන්වීමක් ලබාදිය හැකිය.

  • වෙබ් පිටු Link කිරීමට Image maps, Hot keys ආදිය භාවිතා කිරීමෙන් වළකින්න.

  • ප්‍රමාණවත් උපතාර තොරතුරැ ආදිය සැපයීමෙන් වෙබ් අඩවිය භාවිතා කරන්නන් සමග අන්තර් සබදතාවක් ගොඩනගා ගත හැකිය.

  • සියලුම වෙබ් පිටු සදහා “Privacy Policy” links ඇතුළත් කළ යුතුය.

  • සියලුම වෙබ් පිටු සදහා “Terms and user agreement” links Post කළ යුතුය.

  • වෙබ් අඩවියට පිවිසෙන්නන් සදහා වෙබ් අඩවියේ පරමාර්ථය දර්ශනය කළ යුතුය.

  • ඔබේ වෙබ් අඩවිය Search Engine සදහා නොව භාවිතා කරන්නන් සදහා අරමුණු කරගෙන නිර්මාණය කිරීම වැදගත්වේ. එවිට ඔබගේ වෙබ් අඩවියේ ගුණාත්මක භාවය වැඩි නිසා එය සාර්ථක වී එය පුද්ගලයින් අතර ප්‍රචලිත වේ.
  •  Banners, Popups ආදිය වැඩිපුර යෙදීමෙන් වළකින්න.


  • ඔබ වාණිජමය Links හා සාමාන්‍ය Links එකම ස්ථානයකදී යෙදීමේදී වෙන වෙනම නම් කිරීම මගින් පිවිසෙන්නන් නිවැරදි මග යනු ඇත.

  • සියලුම Meta tags, Titles සහ key words සෑම පිටුවක් සදහාම යොදන්න.

  • ලේඛකයන්ට හා නිර්මාණ කරැවන්ට වෙබ් අඩවිය තුළ කීර්තියක් ලබා දෙන්න.

  • යම් නිශ්චිත පිවිසෙන්නන් පිරිසක් අරමුණූ කරගෙන තොරතුරැ සපයන්න.

  • පිවිසෙන්නන් තෘප්තිමත්වන ආකාරයේ දේ ඔබේ වෙබ් අඩවිය තුළ ඇතුළත් කිරීමට ඉඩ ලබාදෙන්න.

  • පිවිසෙන්නන් හට ඔවුන්ගේ අදහස් පළකිරීමට, Comments ආදිය යෙදීමට අවසථාවන් සපයන්න.
 
      පිවිසෙන්නන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගතහොත් ඔබේ වෙබ් අඩවිය ඉතා සාර්ථක එකක් වනු නොඅනුමානයි..

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

2 comments:

  1. mama blog aekak hadala thiyenne ane yoluwo ae blog aeke uda.home photos. video.kiyala aeva veda karana vidihata hadanne kohomada?

    ReplyDelete
    Replies
    1. Oya kiyanne animated images gena wenna ona. Animate wena image ekak hadaganna apita Flash ho Photoshop nawa sanskaranayak awashaya wenawa. meeta amatharawa thawath software keepayakma mee sahada soyageneemata puluwan.

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..