Jul 9, 2012

ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!

      ඔන්න යාලුවනේ මම අද අලුත් ලිපියක් අරන් ආවා..  ලිපිය ගැන කියන්න කලින් දෙයක් කියන්න තියනවා.. මේක මෙම ලිපියට අදාළ වෙන්නේ නැහැ.. මම ඔයාලට කිව්වා නේද අපේ මෘදුකාංග හොරකම් ගැන.. අලුත්ම කාරණය තමයි මේ ළගදී නිතුත් කළ අපගේ බ්ලොග් කියවනයත් එදිනම ටොරන්ට් ගත කරලා තිබුනා.. කවුරැ මොකට කරනවා ද යන්න තවමත් අපට නම් සැකයි.. කෙසේ නමුත් මීට අමතරව අපගේ Sandriesoft Screen Saver Builder මෘදුකාංගයට අමතරව දැන් Sandriesoft Facebook Smile  මෘදුකාංගය තවදුරටත් වෙනත් වෙබ් අඩවිවල පළවී තිබුනා.. ඔවුනට දෙන ප්‍රසිද්දියක් වශයෙන් මෙහි එම ලින්ක් පළකිරීමෙන් මම වළකින නමුත් ඔබට ඒ පිළිබදව වැඩිදුර සෙවීමට අවශ්‍ය නම් මෙය ක්ල්ක් කර අදාළ වෙබ් අඩවි සෙවීමට ලක්කළ හැකිය.. හරි හරි.. දැන් ලිපිය කියවමුකෝ..

      මේක මම ලියන්න හිතුවේ සමහර අපේ යාලුවන්ට  තවමත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හරි හැටි ස්ථාපනය කරගන්නට හැකියාවක් නැතිවෙලා තියන නිසයි.. මොකද නොමිලයේ දෙන ඒවා ගොඩක් හොයන්නත් ආමාරැයිනේ.. අනික ඒවා ගොඩක් වෙලාවට අත්හදා බැලීම සදහා නොමිලයේ ලබා දෙන ඒවා.. ඉතින් තවත් ඔබගේ පරිගණකය ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නොමැති පරිගණකයක් කරගත යුතු නැහැ..

දැන්ම පහත කෙටි පියවරයන් අනුගමනය කරන්න.

  • පහත ලින්ක් එකෙන් ඇවාස්ට් ප්‍රතිවයිරස් මෘදුකාංගය බාගත කරගන්න.
  • ස්ථාපනය කරගැනීමෙන් පසුව ඔබ කළ යුත්තේ එය ඇක්ටිවේට් කරගැනීමය. 
ඇක්ටිවේට් කරගැනීම සදහා මා සපයා ඇති ගොණුව බාගත කොට ගෙන එහි ඇති ඕනෑම ඇක්ටිවේෂන් අංකයක් යොදා ඇක්ටිවේට් කරගත හැකිය.

( මම භාවිතා කරන ඇවාස්ට් ප්‍රතිවයිරස් මෘදුකාංගය පෙර ඇක්ටිවේට් කළ නිසා දර්ශන ඇසුරින් පැහැදිළි කරදීමට අපහසු විය. )

      වැදගත් : බොහෝ දෙනෙක්ට නව සංස්කරණ සදහා මුලින් ලබාදුන් යතුරු ක්‍රියා නොකරන නිසා, යාවත්කාලීන කළ හැකි සම්පූර්ණ සෙටප් ගොණුවද මේ සමග දැන් ඔබට ඇවාස්ට් බාගැනීමට දැන් පහත ලිනක් එකෙන් පුලුවන්..! 

නිවැරදිව ක්‍රැක් කරගන්නා අන්දම 

1. මුලින්ම පරිගණකයේ දිනය 2003 ට සකස් කරන්න.
2. Setup_av_free1.exe  විවෘත කරගන්න.

3. ස්ථාපනය වූ පසු vpsupd.exe අප්ඩේට් ෆයිල් එක ඕපන් කරන්න.
4. අවසානයේ ඇවාස්ට් මෘදුකාංගය විවෘත කර පහත දැක්වෙන ඒවායින් එක කී එකක් යොදා ඇක්ටිවේට් කරගන්න.

5. දැන් සම්පූර්ණ මෘදුකාංගය අප්ඩේට් කරගන්න. 

84.32 MB


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..