Jul 25, 2012

E-mail එකට එන කරදරකාරී E-mail block කරන්නේ මෙහෙමයි..!

      ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ විද්‍යුත් තැපෑල නැත්නම් Email හා සම්බන්ධ කාරණයක් පිළිබදවයි. ඊට කළින් විශේෂ යමක් කීමට තිබෙනවා.. Sandriesoft අඩවියට පැමිණෙන ඔබ සැම මෙය දැනගත යුතුමයි. ඒ Sandriesoft අඩවියේ යාවත්කාලීන කිරීම පිළිබදවයි.. මෙවර අ.පො.ස උ/පෙ විභාගයට මා පෙනී සිටින බැවින් ඉදිරි සති කිහිපයක කාලය Sandriesoft අඩවිය යාවත්කාලීන කිරීම පිළිබද ගැටලු ඇතිවිය හැකිය. ඉතින් ඒ නිසා ඉදිරි සති කිහිපයක කාලය තුළ ලිපියක් පලකිරීමට නොහැකි වීමෙන් Sandriesoft අඩවියට පැමිණෙන ඔබ සැමට වන අපහසුතාවය පිළිබදව මා සමාව ඉල්ලනවා.. කෙසේ නමුත් හැකි සෑම අවස්ථාවකම නව ලිපියක් හෝ නව මෘදුකාංගයක් එලිදක්වන්නට මම උත්සාහ ගන්නා බව සදහන් කරමි.. Sandriesoft අඩවියෙහි නව ලිපියක් පළවූ විගස එය ඔබේ Sandriesoft Black Pussycat මෘදුකාංගය තුළින් දැනුවත් කරන බැවින් සිදුවන අපහසුතාව යම් දුරකට හෝ අඩුකර ගත හැකි වේවි...

      හරි.. දැනුම් දීම පිළිබදව මතකයේ තබාගෙනම අද ලිපියට අවධානය යොමු කරමු.. අද මම ඔයාලව දැනුවත් කරන්නට හිතුවේ E-mail එකට එන කරදරකාරී  E-mail block කරන ආකාරය පිළිබදවයි, ඒබොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් නිසායි.. පහත උපදෙස් අනුගමනය කිරීමෙන් E-mail එකට එන කරදරකාරී  E-mail block කළ හැකිය.


ඔයාට තියෙන්නේ Gmail account එකක් නම්






1. මුලින්ම Gmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Settings" වලට යන්න..දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter" ක්ලික් කරන්න.. 
2. දැන් ඒකෙ "From" කියල තියෙන තැනට block කරන්න අවශ්‍ය කරන mails එන Email address එක type කරන්න..
උදා : freezo@gmail.com කියල දුන්නොත් freezo@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනවා..
අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒ සදහා "From" කියන තැනට *@facebook.com විදිහට type කරන්න.
3. දැන් Next Step එකට යන්න.. එතනින් Delete it option එක select කරන්න.
වැදගත් :- අවශ්‍ය වුවහොත් නැවතත් block කරපු Email address ඔයාට unblock කරන්න පුලුවන්... ඒ සදහා ඔයා create කරපු filter එක delete කරන එක විතරයි කරන්න තියෙන්නෙ...



ඔයාට තියෙන්නේ Yahoo account එකක් නම්


1. ඔයාගේ Yahoo account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" වලට යන්න.
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.
3. ඒකෙ වම් පැත්තේ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න.
4. දැන් ඒකෙ "Add" click කරන්න.
5. දන් ඔය Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න.
උදා : freezo@gmail.com කියල දුන්නොත් freezo@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනවා..
අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒ සදහා "From header" කියන තැනට *@facebook.com විදිහට type කරන්න. 
6. දැන් "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න.



ඔයාට තියෙන්නේ Hotmail account එකක් නම්






1. ඔයාගේ Hotmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" වලට යන්න.
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.
3. දැන් Junk e-mail යටතේ තියෙන "Safe and blocked senders" link එක click කරන්න.
4. "Block senders" click කරන්න.
5. දැන් ඔයට block කරන්න ඔනෙ mails එන Email address එක හරි domain එක හරි type කරන්න.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jul 21, 2012

Cricket වලට කැමති අයට Live Score Widget එකක්...!

     ඔන්න අද මම Cricket වලට කැමති අයට වැදගත් වෙන දෙයක් අරන් ආවා.. මේක ඇත්තෙන්ම ඔබේ බ්ලොගයට දාන්න පුලුවන් ගැජට් එකක්.. මේකෙන් වෙන්නේ සජීවී ක්‍රිකට් ලකුණු හා ඒ හා සම්බන්ධ විස්තර ඔයාගේ බ්ලොගය නරඹන්නන්ට දර්ශනය කිරීමයි.. ඉතින් ඔයාලගේ බ්ලොගයටත් මේක අනිවාර්යෙන්ම දාගනීවි කියලා මම හිතනවා..

      ඉතා පහසුවෙන් මෙම බ්ලොගර් ගැජට් එක ඔයාලාගේ බ්ලොගයට දමන්නට පුලුවන්.. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න..


 කොහොමද Live Score Widget එක Blog එකට දාගන්නේ..?

  • Generate your code for free now යටතේ ඇති Domain Name යන ස්ථානයේ ඔයාගේ බ්ලොග් අඩවියේ ලිපිනය ලබාදෙන්න..
  • Select the format යටතේ ඇති Score card එකේ ඔබට අවශ්‍ය ප්‍රමාණය තෝරන්න.
  • දැන් Select the Language යටතේ අදාළ භාෂාව තෝරාගන්න.
  • දැන් Select the Team යටතේ ඔබට අවශ්‍ය ක්‍රිකට් කණ්ඩායම තේරිය හැකිය. මෙහිදී All teams යන්න තේරීම වඩා යෝග්‍ය වේ.
  • අවසාන වශයෙන් Genarate and copy the code මගින් ඔබගේ Live Score Widget එක සදහා Blog එකට අවශ්‍ය code එක ලබාගන්න.
  • දැන් Blogger එකෙහි ඇති Add and Arrange Page Elements වෙත ගොස් Add a gadget මගින් HTML/JavaScript එකක් ලෙස ඔබ ලබාගත් code එක save කරගන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jul 18, 2012

සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන උපදෙස්...

      ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්නේ සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන උපදෙස් කිහිපයක් පිළිබදවයි.. ඔබ අලුතින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සූදානම්වනවා නම් මේ කරැණු පිළිබදව ඔබේ අවධානය යෙදීම ඉතා වැදගත් වේවි.. දැනට වෙබ් අඩවියක් පවත්වා ගෙන යන ඔබටත් තවදුරටත් ඔබගේ වෙබ් අඩවියේ සාර්ථකත්වය සදහා මෙම පියවරයන් අනුගමනය කරන්න පුලුවන්... බ්ලොග් අඩවියක් පවත්නාගෙන යන අයටත් වැදගත් වන ආකාරයේ කරැණුද මෙහි ඇතුළත්ය.. හොදයි... මෙහිදී මම ඉතාම වැදගත් කරැණු කිහිපයක් පිළිබදව ඔබේ අවධානය යොමු කරවන්නම්...

  • භාවිතා කිරීමට පහසු Navigations ආදිය යොදන්න. සියලුම Menu පැහැදිළිව සහ සරළ ලෙස සකසන්න.
  •  භාවිතා කරන්නාට ඇසට හිතකර වර්ණ, අකුරැ රටා, අකුරැ ප්‍රමාණ, පින්තූර සහ පසුතල භාවිතා කරන්න. ඔබේ වෙබ් අඩවිය ආබාධිත පුද්ගලයෙකුට වුවද භාවිතා කිරීමට හැකි අයුරින් නිර්මාණය කිරීමට වගබලාගන්න. ඔබේ වෙබ් අඩවිය වර්ණ අන්ධතාවය හා පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයින්ට ද පහසුවෙන් භාවිතා කළ හැකිවිය යුතුය.

  • සියලුම පිටු පෙනුමෙන් ආකර්ශනයට පත්වන ආකාරයෙන් නිර්මාණය කරන්න. නමුත් ඔබේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථයට අදාළ දේ පමනක් පිටුවල අන්තර්ගත කරන්න.

  • ඔබේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථය තොරතුරැ සැපයීමයි. තොරතුරැවලට ඇස යොමු නොවන අයුරින් වැඩියෙන් Graphics හා Flash Files ආදිය යෙදීමෙන් වෙබ් පිටු ලෝඩ්වීමට ගතවන කාලයද වැඩිවේ. එමෙන්ම Links වැඩිපුර යෙදීමෙන්ද තොරතුරැවලට හානි වේ. එම නිසා එක් පිටුවකට Links 100කට අඩු ප්‍රමාණයක් යෙදීම සුදුසුය. එමෙන්ම තොරතුරැ ප්‍රමාණය වැඩිකර සැරසිලි ප්‍රමාණය අඩුකළ යුතුය.

  • සියලුම Links ක්‍රියාකාරී තත්ත්වයේ තිබිය යුතුය.

  • නිවැරදි HTML Tags හා Client Side Script භාවිතා කිරීම.

  • Browsersවලට ගැලපෙන ලෙස වෙබ් පිටු නිර්මාණය විය යුතු වීම විශේෂයි.

  • Search Enginesවලට සහාය වන ලෙස වෙබ් පිටු නිර්මාණය කරන්න. වෙබ් අඩවියේ ඇති සියලුම වෙබ් පිටු තවත් පිටු සමග සම්බන්ධ කිරීමෙන් Search Engine Crawlersවලට සම්පූර්ණයෙන් වෙබ් අඩවියම ග්‍රහණය වී List වීම ඉක්මනින් කරගත හැකිය.
 


  • මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතාවයකදී වුවද සුලු කාලයක් තුළදී වෙබ් පිටු ලෝඩ් වන ලෙස නිර්මාණය කළ යුතුය.

  • Forms  භාවිතා කිරීමේදී නිවැරදි Client Side සහ Server Side Validations යොදා අවශ්‍ය Fields Required ලෙස සැකසීම වැදගත්ය. 

  • Images සදහා Alt Tags යෙදීමෙන් Search Engines හි වාසි ලබාගත හැකිය.

  • Site map එකක් වෙබ් අඩවියක ඇතුළත් කිරීමෙන් පිවිසෙන්නන් සදහා වෙබ් අඩවිය පිළිබදව නිවැරදි මග පෙන්වීමක් ලබාදිය හැකිය.

  • වෙබ් පිටු Link කිරීමට Image maps, Hot keys ආදිය භාවිතා කිරීමෙන් වළකින්න.

  • ප්‍රමාණවත් උපතාර තොරතුරැ ආදිය සැපයීමෙන් වෙබ් අඩවිය භාවිතා කරන්නන් සමග අන්තර් සබදතාවක් ගොඩනගා ගත හැකිය.

  • සියලුම වෙබ් පිටු සදහා “Privacy Policy” links ඇතුළත් කළ යුතුය.

  • සියලුම වෙබ් පිටු සදහා “Terms and user agreement” links Post කළ යුතුය.

  • වෙබ් අඩවියට පිවිසෙන්නන් සදහා වෙබ් අඩවියේ පරමාර්ථය දර්ශනය කළ යුතුය.

  • ඔබේ වෙබ් අඩවිය Search Engine සදහා නොව භාවිතා කරන්නන් සදහා අරමුණු කරගෙන නිර්මාණය කිරීම වැදගත්වේ. එවිට ඔබගේ වෙබ් අඩවියේ ගුණාත්මක භාවය වැඩි නිසා එය සාර්ථක වී එය පුද්ගලයින් අතර ප්‍රචලිත වේ.
  •  Banners, Popups ආදිය වැඩිපුර යෙදීමෙන් වළකින්න.


  • ඔබ වාණිජමය Links හා සාමාන්‍ය Links එකම ස්ථානයකදී යෙදීමේදී වෙන වෙනම නම් කිරීම මගින් පිවිසෙන්නන් නිවැරදි මග යනු ඇත.

  • සියලුම Meta tags, Titles සහ key words සෑම පිටුවක් සදහාම යොදන්න.

  • ලේඛකයන්ට හා නිර්මාණ කරැවන්ට වෙබ් අඩවිය තුළ කීර්තියක් ලබා දෙන්න.

  • යම් නිශ්චිත පිවිසෙන්නන් පිරිසක් අරමුණූ කරගෙන තොරතුරැ සපයන්න.

  • පිවිසෙන්නන් තෘප්තිමත්වන ආකාරයේ දේ ඔබේ වෙබ් අඩවිය තුළ ඇතුළත් කිරීමට ඉඩ ලබාදෙන්න.

  • පිවිසෙන්නන් හට ඔවුන්ගේ අදහස් පළකිරීමට, Comments ආදිය යෙදීමට අවසථාවන් සපයන්න.
 
      පිවිසෙන්නන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගතහොත් ඔබේ වෙබ් අඩවිය ඉතා සාර්ථක එකක් වනු නොඅනුමානයි..

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jul 14, 2012

සිංහල උපසිරැසි හදන්නේ මෙහෙමයි...!

      කොහොමද යාලුවනේ.., ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කොහොමද අපි සිංහල උපසිරැසි හදාගන්නෙ කියලා.. ගොඩක් අය කැමති දෙයක් කියලා හිතුන නිසයි මේ පිළිබදව ඔයාලව දැනුවත් කරන්න හිතුවේ.. මේක හැබැයි ලේසි වැඩක් නම් නෙවෙයි.. ඒක මුලින්ම කියන්න ඕන දෙයක්... උපසිරැසි හදාගන්න  ඉස්සෙල්ල හිතල බලන්න ඔයාට ඒකට යොදවන්න කාලය තියනවද කියලා... සාමාන්‍යයෙන්  උපසිරැසි දාන්න ලියාම එක චිත්‍රපටයක පේලි 1500ක් විතර තියනවා... තමන්ට කාල වේලාව තියනව නම් විතරක් වැඩේට අත ගහන්න... 






අවශ්‍ය වෙන දේවල්
අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා..

      මුලින්ම අවශ්‍ය මෘදුකාංග ටික බාගන්න... ගොඩක් චිත්‍රපටිවලට ඉංග්‍රීසි උපසිරැසි ඉක්මනට දාන හින්ද අපිට මුල ඉඳන් උපසිරැසි හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ... මුලින්ම  උපසිරැසි එක හදන එක්කෙනාට තමයි ටයිම් ස්ටෑම්ප් එහෙම හදන්න වෙන්නෙ... (සබ්ටයිටල් ලයින් එක ඩිස්ප්ලේ වෙන වෙලාව සහ කාලය). ඒ හින්ද අපිට එහෙම වුණොත් අපට ටිකක් වැඩිපුර මහන්සි වෙනවා...

      මුලින් අපි කරන්න ඕනෙ අපි කැමති  චිත්‍රපටයකට හොඳ   ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් හොයාගන්න එකයි... හොඳ ඉංග්‍රීසි උපසිරැසි එකක් කිව්වේ හරියට වේලාවට පේලි දර්ශනය වෙන, හරියට ටයිප් කරල තියන උපසිරැසි  එකකටයි..

     ඔයා  උපසිරැසි  එක දාන චිත්‍රපටය බාගෙන, එක සැරයක් බලලා තියන එක හොඳයි... මොකද එතකොට  උපසිරැසි  එක වැටෙන අවස්ථාව අපි දන්න හින්ද... එතකොට වැරදීම් වෙන්න තියන ඉඩ ප්‍රමාණය අඩුයි.... ඒ චිත්‍රපටය මුලින් බාගත්තු  ඉංග්‍රීසි උපසිරැසි ගොණුවත් එක්ක බලන්න වැරදි තියනවද කියලා... උපසිරැසි ගොණුව හොඳ නැත්තං වෙන එකක් බාගන්න.. ඒ ඔක්කොම හරි නම් වැඩේ පටන්ගන්න පුළුවන්... අපි දැන් කරන්න යන්නෙ ඉංග්‍රීසි උපසිරැසි ගොණුව සිංහලයට පරිවර්තනය කරන එක.

හරි දැන් වැඩේ පටන් ගමු..








     මුලින් Subtitle Edit run කරල Sinhala sub ගොණුව විවෘත කරගන්න. ඊට පස්සෙ Options > Settings වලට ගිහිල්ලා Subtitle font size කියන එක 12ට විතර හදාගන්න...


      ඊට පස්සෙ File > Open original subtitle (translator mode) වලින්  ඉංග්‍රීසි උපසිරැසි ගොණුව විවෘත  කරගන්න. ඊට පස්සෙ ලයින් එකෙන් ලයින් එක Select කරලා යට තියන Text කියන් box එකේ පරිවර්තනය කරපු ලයින්ස් ලියලා Save කරගන්න.


      ඉතින් ඔච්චරයි සිංහල උපසිරැසි දමන්න කළ යුත්තේ.. නමුත් මම මුලිනුත් කිව්වා වගේ තමයි වැඩේ අපහසු භාවය තේරෙන්නේ සිංහල උපසිරැසි ටයිප් කරන්න යද්දී තමයි... ඉතින් ඔබ අධ්‍යාපන කටයුතු අතරතුරේදී ලැබෙන කෙටි විවේකයක් ඇතුළතදී මේ සදහා යොමුවීම තමයි වැදගත් වන්නේ.. මොකද නැත්නම් ඔබේ වටිනා කාලය අපතේ යැවීමක් සිදුකරගන්නේ.. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ සිංහල උපසිරැසි දමන අන්දමයි.. මීළග ලිපියෙන් තවත් වටිනා දෙයක් ලබාදෙන්න මම පොරොන්දු වෙනවා..

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jul 10, 2012

Sandriesoft Radio නිකුත්වෙයි..!

      කොහොමද යාලුවනේ.., ඔන්න ඉතින් මම අද ඔයාලට මගේ අලුත්ම මෘදුකාංගය හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ.. මේ දවස්වල මෘදුකාංග නිර්මාණය කරන්න අලුත් අදහස් එනවා නම් අඩුයි.. මොකද මේ දවස්වල උ.පෙ. ට ලෑස්තිවෙන කාලයනේ.. ඉතින් දවස් දෙක තුනක් ලිපියක් පළ නොකරන්නත් ඉඩ තියෙනවා.. ඒ වුණාට එහෙම  කියලා යාලුවෝ මාත් එකක් තරහා වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.. හ්ම්.. හරි හරි.. මම අද ඔයාලට දෙන්න අරගෙන ආවේ Radio එකක්...


මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..?

      Sandriesoft Radio කියන්නේ මගේ අලුත්ම නිර්මාණය.. කොයි තරම් අලුත්ද කියනවා නම් මේ මෘදුකාංගය නිර්මාණය වී අවසන් වුණේ මීට විනාඩි කිහිපයකටත් වඩා අඩු කාලයකින්... මෙම මෘදුකාංගය Portable මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්..


      ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි.. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා ආදිය මෙහි කමෙන්ට් එකක් විදිහට දමාවි කියලා මම හිතනවා...










      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jul 9, 2012

ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!

      ඔන්න යාලුවනේ මම අද අලුත් ලිපියක් අරන් ආවා..  ලිපිය ගැන කියන්න කලින් දෙයක් කියන්න තියනවා.. මේක මෙම ලිපියට අදාළ වෙන්නේ නැහැ.. මම ඔයාලට කිව්වා නේද අපේ මෘදුකාංග හොරකම් ගැන.. අලුත්ම කාරණය තමයි මේ ළගදී නිතුත් කළ අපගේ බ්ලොග් කියවනයත් එදිනම ටොරන්ට් ගත කරලා තිබුනා.. කවුරැ මොකට කරනවා ද යන්න තවමත් අපට නම් සැකයි.. කෙසේ නමුත් මීට අමතරව අපගේ Sandriesoft Screen Saver Builder මෘදුකාංගයට අමතරව දැන් Sandriesoft Facebook Smile  මෘදුකාංගය තවදුරටත් වෙනත් වෙබ් අඩවිවල පළවී තිබුනා.. ඔවුනට දෙන ප්‍රසිද්දියක් වශයෙන් මෙහි එම ලින්ක් පළකිරීමෙන් මම වළකින නමුත් ඔබට ඒ පිළිබදව වැඩිදුර සෙවීමට අවශ්‍ය නම් මෙය ක්ල්ක් කර අදාළ වෙබ් අඩවි සෙවීමට ලක්කළ හැකිය.. හරි හරි.. දැන් ලිපිය කියවමුකෝ..

      මේක මම ලියන්න හිතුවේ සමහර අපේ යාලුවන්ට  තවමත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හරි හැටි ස්ථාපනය කරගන්නට හැකියාවක් නැතිවෙලා තියන නිසයි.. මොකද නොමිලයේ දෙන ඒවා ගොඩක් හොයන්නත් ආමාරැයිනේ.. අනික ඒවා ගොඩක් වෙලාවට අත්හදා බැලීම සදහා නොමිලයේ ලබා දෙන ඒවා.. ඉතින් තවත් ඔබගේ පරිගණකය ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නොමැති පරිගණකයක් කරගත යුතු නැහැ..

දැන්ම පහත කෙටි පියවරයන් අනුගමනය කරන්න.

  • පහත ලින්ක් එකෙන් ඇවාස්ට් ප්‍රතිවයිරස් මෘදුකාංගය බාගත කරගන්න.
  • ස්ථාපනය කරගැනීමෙන් පසුව ඔබ කළ යුත්තේ එය ඇක්ටිවේට් කරගැනීමය. 
ඇක්ටිවේට් කරගැනීම සදහා මා සපයා ඇති ගොණුව බාගත කොට ගෙන එහි ඇති ඕනෑම ඇක්ටිවේෂන් අංකයක් යොදා ඇක්ටිවේට් කරගත හැකිය.

( මම භාවිතා කරන ඇවාස්ට් ප්‍රතිවයිරස් මෘදුකාංගය පෙර ඇක්ටිවේට් කළ නිසා දර්ශන ඇසුරින් පැහැදිළි කරදීමට අපහසු විය. )

      වැදගත් : බොහෝ දෙනෙක්ට නව සංස්කරණ සදහා මුලින් ලබාදුන් යතුරු ක්‍රියා නොකරන නිසා, යාවත්කාලීන කළ හැකි සම්පූර්ණ සෙටප් ගොණුවද මේ සමග දැන් ඔබට ඇවාස්ට් බාගැනීමට දැන් පහත ලිනක් එකෙන් පුලුවන්..! 

නිවැරදිව ක්‍රැක් කරගන්නා අන්දම 

1. මුලින්ම පරිගණකයේ දිනය 2003 ට සකස් කරන්න.
2. Setup_av_free1.exe  විවෘත කරගන්න.

3. ස්ථාපනය වූ පසු vpsupd.exe අප්ඩේට් ෆයිල් එක ඕපන් කරන්න.
4. අවසානයේ ඇවාස්ට් මෘදුකාංගය විවෘත කර පහත දැක්වෙන ඒවායින් එක කී එකක් යොදා ඇක්ටිවේට් කරගන්න.

5. දැන් සම්පූර්ණ මෘදුකාංගය අප්ඩේට් කරගන්න. 

84.32 MB


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

Jul 6, 2012

Sandriesoft Black Pussycat නිකුත්වෙයි..!

       කොහොමද යාලුවනේ.., ටික කාලයක් යනකම් ලිපියක් නම් පලකරන්න මට බැරිවුණා.. ඒකට මාගේ කණගාටුව යලිත් ප්‍රකාශ කරනවා.. මට ඔයාලට ලිපියක් ලියන්න බැරිවුණේ එක්තරා විශේෂ කාරණාවක් නිසයි.. මම අලුත් වැඩක් පටන් ගත්තා.. මොකක් ද මේ අලුත් වැඩේ..? ඔයාලට මේ වනවිටත් කුතුහලයක් ඒ පිළිබදව ඇතිවෙලා ඇති... හොදයි.. මම මගේ මේ අලුත් වැඩසටහන පිළිබදව ඔයාලව දැනුවත් කරන්නම්...

      Sandriesoft Black Pussycat කියන්නේ වටිනා මෘදුකාංගයක් කියලා ඉදිරියේදී ඔයාලා කියාවි කියලා මට විශ්වාසයක් තියනවා.. ඇත්තටම Sandriesoft Black Pussycat කියා මම මෘදුකාංගයක් නිර්මාණය කරන්නට හේතු වුණේ ඔබගේ වටිනා කාලය අපතේ යාමක් වළක්වන්නයි.. අපේ යාලුවෝ ගොඩක් කාර්යයබහුලයි.. ඒක අපි දන්න නිසාම මේ මෘදුකාංගය සතියක්  හෝ පමා නොවන  පරිදි ඉක්මනින්ම නිර්මාණය කළා.. මම තාම කිව්වේ නැහැ මෙම මෘදුකාංගය මගින් සිදුකරන කාර්යය.. හොදයි.. මම කෙටියෙන් ම පැහැදිළි කරන්නම්..


      Sandriesoft Black Pussycat මෘදුකාංගය මගින් Sandriesoft අඩවියේ නැතහොත් අපගේ බ්ලොගයේ යාවත්කාලීන සෑම තොරතුරක්ම ඔබගේ Desktop එකටම එවනු ලබනවා.. කිසිදු අපහසුවක් නොකරම (Sandriesoft බ්ලොගයට නොපැමිණියත්) ඔබට අපගේ බ්ලොගයේ යාවත්කාලීන සෑම තොරතුරක්ම එවීමට මෙම මෘදුකාංගය සමත්ය. නිදසුනක් ලෙසට අපගේ බ්ලොගයේ යම් නව ලිපියක් පලවූ විගස එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කළ Sandriesoft Black Pussycat මෘදුකාංගය මගින් ඔබව දැනුවත් කරයි. මෙමගින්  Sandriesoft මෘදුකාංගය යාවත්කාලීන සංස්කරණ පිළිබදව ද නොමිලයේම දැනුවත් කරනු ලබයි. ඉතින් මෙම මෘදුකාංගය ඔබට විශාල උපකාරයක්ම වේවි.. මම තවත් අංගයක් මෙම මෘදුකාංගයට එක්කළා...

        Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය එහි අනිත් අංගයයි.. මෙමගින් ඔබට වෙනත් බ්ලොග් අඩවිවල යාවත්කාලීන තොරතුරැ ලබාගත හැකිය. මෙහි ක්‍රියාකාරීත්වය ඉතා සරළය. බ්ලොග් කියවනයක් නිර්මාණය නිරීමට මට තිබූ ආශාව නිසාම මම එය මෙම මෘදුකාංගය‍ට එක් කළෙමි.. එය ඔබට තවත් උපකාරයක්ම වේවි කියා මම සිතනවා... දැන් ඔබට නොමිලයේම Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට ඔබගේ බ්ලොගයද එක් කළ හැකිය.


Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට ඔබගේ බ්ලොගය එකතු කරන්නේ කෙසේද?

  • පහත සදහන් විස්තර පුරවා පහත විද්‍යුත් ලිපිනයට එවීමෙන් ඔබටත් ඔබගේ බ්ලොග් අඩවිය Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට එක් කළ හැකිය.



  • ඔබගේ  නම :
  • ඔබගේ බ්ලොගයෙහි නම :
  • බ්ලොග් ලිපිනය :
  • නවතම ලිපියට අදාළව සකස් කළ 250x90 ප්‍රමාණයේ ඡායාරෑපයේ ලිපිනය :

වැදගත් : ඉහත සදහන් කළ ලිපිනය නැවත වෙනස් කිරීමෙන් වළකින්න. නව ලිපියට අදාළව සකස් කරන සෑම ඡායාරෑපයක්ම ඉහත සදහන් කළ ලිපිනයට සකස් කරන්න. එසේ ඡායාරෑප Upload කිරීම සදහා google site එකක් නිර්මාණය කරගැනීම වඩාත් පහසු වේ.



Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය‍යෙන් බ්ලොග් අයිතිකරුවන්ට ඇති වාසිය කුමක්ද?


  • Sandriesoft Black Pussycat බ්ලොග් කියවන ස්ථාපනය කරගත් මිතුරන් හරහා ඔයාගේ බ්ලොග් එකට විසිටස්ලා ගෙන්න ගන්න පහසුයි.
  • ඔයාගේ බ්ලොග් ලිපිනය නොදන්න කෙනෙකුය වුණත් ඔයාගේ වැදගත් ලිපි කියවන්න පුලුවන්.
  • ප්‍රධානම දෙය නම් සිංහල බ්ලොග් කියවීමට කැමති අයට එකම තැනකදී සියලූම සිංහල බ්ලොග් සොයාගැනීමට හැකියාව ලබා දීමයි.
  • යාවත්කාලීන සෑම තොරතුරක්ම ඔබගේ Desktop එකටම එවනු ලබන නිසා අනවශ්‍ය වෙහෙසක් නොගෙනම අදාළ බ්ලොගයට පැමිණිය හැකිය.



Black Pussycat බ්ලොග් කියවනය ට එක් කරන ඔබගේ අඩවිය වෙනුවෙන් පහත Black Pussycat බ්ලොග් කියවනය ලින්කුව ඔබගේ අඩවියට Black Pussycat බ්ලොග් කියවනයට කරන උදව්වක් ලෙසට එක්කරගන්න.




Sandriesoft Black Pussycat බාගත කරගැනීම සදහා පහත ලින්කුව භාවිතා කරන්න.


Sandriesoft Black Pussycat

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...



Jul 5, 2012

Skype බාගන්නේ නැතුව Skype Call ගන්නේ මෙහෙමයි..!

      කොහොමද යාලුවනේ.. ටික කාලයකින් ලිපියක් පලකරන්නත් බැරැවුණා.. ඒ ගැන මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා.. මේ මාසය Sandriesoft අපට විශේෂ මාසයක්.. මොකද මේ මස 24 වනදා අපගේ හතරවන සංවත්සරය සමරනවා.. ආහ්.. අනිත් එක ජුලි 7 මගේ උපන් දිනය... හ්ම්.. තවත් විශේෂ මෘදුකාංගයක් ඉදිරි දින කිහිපය ඇතුළත ඔයාලට ලබාදෙන්නත් මම සූදානම්.. හරි හරි.. ඒවත් මතක තියාගෙනම ලිපිය කියවන්නකෝ.. අද මම ඔයාලට කියලා දෙන්නේ Skype බාගන්නේ නැතුව Skype Call ගන්න ක්‍රමය ගැනයි.. මේකට ඔයාලට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල ඕගොල්ලන්ගේ Account එකේ විස්තර  දෙන එක විතරයි.




      මේකෙන් Skype විතරක් නෙවෙයි, Yahoo Messenger, G-Talk, MSN වගේ ගොඩක් Messengers වලට මෙමගින් Log වෙන්න පුලුවන්...



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...