Jun 14, 2012

නොමිලයේ ඩොන්ගල් Unlock කරගන්නේ මෙහෙමයි...!

      ඔන්න යාලුවනේ මම අද තවත් මෘදුකාංගයක් අරන් ආවා... නමින් එය DC Unlocker. මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ ඔයාට Lock කරපු ඩොංගල් එකක් තියනවානම් තමයි.. මොකද මම අද අරන් ආවේ ඩොන්ගල් Unlock කරන මෘදුකාංගයක්.. ඒ වගේම ඩේටා කාඩ්, ස්කයිප් ෆෝන්, මොබයිල් ෆෝන් වගේ දේවල් අන්ලොක් කිරීමටත් මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා... මේ මෘදුකාංගය මගින් ඔයාට කිසිම මුදලක් වැය නොකරගෙන ඔයාගේ ඩොන්ගල් එක  Unlock කරගන්න පුලුවන්වීම තමයි විශේෂම කරැණ...  මා දන්නා පරිදි ඔබ Communication එකකින් මේ වැඩේ කරගන්න ගියොත් රැ: 1000/= ක පමණ මුදලක් නිකරැනේ වියදම් කරන්න වෙනවා..


        මෙම මෘදුකාගයෙහි ඇති විශේෂත්වය වන්නේ ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කල විට ඩොන්ගල් එකේ model එක, භාවිතා වන port එක ආදිය සොෆ්ට්වෙයාර් විසින්ම හදුනා ගැනීමයි...
එසේ හදුනා ගැනීමෙන් අනතුරුව Unlock Button එක Click කිරීමෙන් ඔබගේ ඩොන්ගල් එක පහසුවෙන් අන්ලොක් කරගන්න පුළුවන්.


*. DC Unlocker භාවිතයෙන් අන්ලොක් කල හැකි ඩොන්ගල් මාදිලි කිහිපයක් වේ..
මෙහි Click කර ඔබගේ මාදිලිය මෙහි තිබේදැයි විමසා බලන්න.

ඔබගේ ඩොන්ගලය Unlock කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න...
 *. ප්‍රථමයෙන් මෘදුකාගය බාගත කරගන්න..

 DC Unlocker File Size - 2.9 MB

*. Unlock කිරීමට අවශ්‍ය ඩොන්ගලය පරිගණකයට සම්බන්ධ කරන්න.
(ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුය)

*. බාගත කරගත්  ZIP ෆයිල් එක Extract කර ගන්න.  එවිට එය තුල ෆයිල් තුනක් ඔබට දැක ගත හැකි වේ.එහි නිල් පාට Iconයෙන් පෙන්නුම් කරන dccrap මත ඩබල් ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් ඔබට දිස්වේ. 

*. අංක 1 දැක්වෙන ස්ථානයට ඔබගේ ඩොන්ගල් එක අයත් වන නිෂ්පාදකයා තෝරා දෙන්න.
ඉන් පසු අංක 2 දැක්වෙන ස්ථානයෙහි ඇති කිසිවක් වෙනස් නොකරන්න. මෘදුකාංගයට මගින් ඔබගේ ඩොන්ගල් එක අයත් වන model  එක Auto detect  කර ගැනීමට ඉඩ හරින්න.

*. ඉන්පසු අංක 3 Button එක ක්ලික් කරන්න. එවිට ඩොන්ගල් එකට අදාල දත්ත පහත පරිදි දිස්වේ.

*. එහි ඩොන්ගල් මොඩෙල් එක, IMEI Number එක දක්වයි. එහි ඇති SIM Lock status යන්න ඉදිරියෙන් ඉහත පරිදි දිස්වේ නම් ඔබගේ ඩොන්ගල් එක Locked ඩොන්ගල් එකකි.
ඉන්පසු කලින් දැක්වූ රූපයේ ඇති 4 යන ස්ථානය ක්ලික් කරන්න. එයට යටින් ඇති Unlock button එක click කරන්න.


*. එවිට මෙසේ දිස්වේ.


*. ස්වල්ප වේලාවකට පසු මෙසේ දිස්වේ..



ඔබ මෙතෙක් සිදුකළ කාර්යය සාර්ථකව අවසන් වී ඇත..දැන් ඔබට අවශ්‍ය ඕනෑම SIM එකක් දාලා ඕනි විදියට Internet යාමට පුලුවන්...!!!



Huawei ඩොන්ගල් අන්ලොක් කරගැනීම සදහා.



1.     මුලින්ම මෙතන ක්ලික් කර මෘදුකාංග ගොණුව බාගත කරගන්න.


2.    දැන්  ඩොන්ගල් එක ප්ලග් කරන්න.


3.    Mobile Partner මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි Tool > Diagnostic යන වෙත ගොස් ඔබගේ ඩොන්ගල් එකේ IMEI Number එක ලබාගන්න.


4.    දැන් බාගත කරගත් ගොණුවේ ඇති First find Code for Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි IMEI ලෙස සදහන් කොටුවට ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය ඇතුළත් කරන්න.


5.    දැන් එම මෘදුකාංගය Calc යන්න ක්ලික් කරන්න.


6.    Code ලෙස කළු පාටින් ඇති කොටුවේ ඔබගේ ඩොන්ගල් එක අන්ලොක් කරගැනීමට අවශ්‍ය කෝඩ් එක ලැබෙන අතර එය කොපි කරගන්න.


7.    පසුව ඔබ බාගත කරගත් ගොනුවේ ඇති Second run this & Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එවිට එම මෘදුකාංගයේ ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය පෙන්වයි. මෙහිදී ඔබගේ IMEI අංකය දිස් නොවේ නම් කළ යුත්තේ නැවත ඩොන්ගල් ප්ලග් කරගැනීමයි. මේ අවස්ථාවේ දී වෙනත් අමතර උපාංග ප්ලග් කිරීමෙන් වළකින්න.


8.    දැන් එහි ඇති Unlock Code ලෙස සදහන් කොටුවට කලින් ඔබ කොපි කරගත් කෝඩ් එක ලබා දී OK යන්න ක්ලික් කරන්න.


9.    දැන් ඔබගේ ඩොන්ගල් එක සාර්ථකව අන්ලොක් වුණු බව පණිවිඩයක් මගින් දන්වාවි.



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



17 comments:

  1. nata kiyanna alcatel x220d un lock karanne kohomada kiyala.

    ReplyDelete
    Replies
    1. Try karala balanna :)

      1. Connect dongle with unsupported sim card
      2. Copy following text,
      SriLankaDialog
      3. Paste this into "Input the right Unlock code here" text field
      4. Click Ok


      Happy Unlocking.. Enjoy.

      Delete
  2. macho me seen 1 karanna oni unlock krpu sim 1 natuwa wena sim crd 1k dalada???????unlock krpu nati 1 dala meka karama card not found kyla watenawane............

    ReplyDelete
  3. Huawei E303 dongle eka unlock karanna haduwata card not found kiyala enawane. wena sim ekak dammath ehemamai......

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදී වෙනත් මෘදුකාංගයක් ලබාදෙන්න හිතන් ඉන්නවා... (:

      Delete


  4. DC - Unlocker 2 Client 1.00.0460

    Detecting card :

    selection :
    manufacturer - Huawei datacards
    model - Auto detect

    Found modem : E1550
    Model : Huawei E1550
    IMEI : 356052041354607
    Firmware : 11.608.13.02.00
    Dashboard version : UTPS11.302.09.01.297_MAC11.303.08.02.297
    Serial NR. : B5A4CA1112807440
    Voice feature : enabled
    SIM Lock status : Locked (Card Lock)
    Wrong codes entered : 0 (unlock attempts left : 10)

    ===================================================================

    Unlocking, please wait ...

    Card successfully unlocked !

    Credits left : 0


    ===================================================================
    mehema wetunata sim 1 demmama connect wennene...ayeth unlock karanna heduwama me widihata wetenawane....

    DC - Unlocker 2 Client 1.00.0460

    Detecting card :

    selection :
    manufacturer - Huawei datacards
    model - Huawei E1550

    Found modem : E1550
    Model : Huawei E1550
    IMEI : 356052041354607
    Firmware : 11.608.13.02.00
    Dashboard version : UTPS11.302.09.01.297_MAC11.303.08.02.297
    Serial NR. : B5A4CA1112807440
    Voice feature : enabled
    SIM Lock status : Locked (Card Lock)
    Wrong codes entered : 0 (unlock attempts left : 10)

    mokakda case 1..pls help..!

    ReplyDelete
    Replies
    1. How to Unlock Huawei e1550 Modem
      ============================

      1. First get Huawei E1550 Firmware Download. (http://www.modemunlock.com/huawei-e1550-firmware-download-3g-modemnetsetter-dashboard.html)

      2. Download Universal Master Code.exe. (http://su.pr/4X5BDS) Enter your 15 Digit IMEI number as shown in the below screen and generate your Unlock Code and Flash Code.Example: From IMEI number (353474024585481), I have generated unlock code (60684032) and flash code (58346543)

      3. Universal Master Code Generator Will give you Unlock code and Flash Code

      4. Plug-in your data card with your laptop or desktop (No need to remove sim card from the modem).

      5. Once your data card is detected in your just double click

      6. onE1550pdate_11.609.18.00.00.B418.exe file and it will find the data card and start processing.

      7. Searching for Huawei DeviceAfter above screen it will ask you for the unlock code, at this time you need to give FLASH CODE as your password or unlock code and then your data card software upgrade will be done successfully.

      8. Now Download and install Huawei Mobile Partner Software (http://su.pr/1XjGHx), it will work on Windows XP, Windows Vista and Windows 7 as well. Now Open the Huawei Mobile Partner from the desktop, and if asked use your unlock code you have generated in the step 2.

      9. Create new profile for you network provider (Using APN and User name and password), try to connect to the internet now.

      Hope you will be able to unlock your Modem!

      Delete
  5. unlocking kiyana thena unlock kiyala newei enne...do job kiyala select karanna..select kalata hariyannene

    ReplyDelete
  6. මමත් සොයමින් සිටිය එකක්. තැන්ක්ස්.

    ReplyDelete
  7. E303 dialog eka unlock karanne kohomada bnz???

    ReplyDelete
    Replies
    1. ලිපිය යාවත්කාලීන කළා. දැන් බලන්න.

      Delete
  8. softwere eka download wenne na

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..