Jun 19, 2012

Trial Version එක හැමදාටම නොමිලයේ භාවිතා කරන්නේ මෙහෙමයි...!

      කොහොමද යාළුවනේ,  අද මම ඔයාලට තවත් වැදගත් මෘදුකාංගයක් අරන් ආවා.. Original මෘදුකාංග සංස්කරණ මිලදී ගැනීමට නොහැකි නිසා අපිට පවතින ප්‍රශ්නයක් තමයි හුගාක් ප්‍රයෝජන ගත හැකි මෘදුකාංග Internet එකෙන් නොමිලේ බාගත කරගත්ත ඒවා නොමිලේ ලබාදෙන්නේ නිශ්චිත දින ගණනකට පසු ඉබේ අක්‍රිය වේ. එහෙමත් නැත්නම් ඒවා Trial Version ය. එදිනෙන් පසු එම මෘදුකාංග මිලදි ගත යුතු වෙනවනේ මුදල් නොමැති කමින් දුකට පත්වී ඉන්න අයට මෙන්න මේ මෘදුකාංගය හොදම පිළියමකි. මෙම මෘදුකාංගය මගින් සිදුවන්නේ  Trial Version Software Version වල දින දීර්ඝකාලින කර දීමයි. මුලින්ම මේක ඉන්ටෙර්නෙට් එකෙන් බාගත කරගන්න. ඒ සදහා පහත බොත්තම  Click කරන්න..




      මුලින්ම මෙම මෘදුකාංග ඔයාලගේ computer එකේ ස්ථාපිත කර ගන්න. එහෙනමේ යාලුවනේ වැඩේ පටන්ගමු ඔයාලගේ පරිඝනකයේ Desktop එකේ ඇති Time Stopper මෘදුකාංගය විවෘත කරගන්න. මුලින්ම Select the Main EXE of the trial version කියන ස්ථානයට Browse click කර ඔබගේ ට්‍රයල් Software සංස්කරණයේ ප්‍රධාන EXE file එක තිබෙන ස්ථානය පෙන්වා එය තෝරාගන්න.Choose the new date කියල පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ පරිගණකයේ අද දිනයට පසු දිනයක් තෝරාගන්න.මෙම දිනයට ඔබගේ Trial Software සංස්කරණයේ අවසන් දිනයට පෙර දිනයක් යොදාගත යුතුයි. Enter a name for crate desktop icon කියන ස්ථානයට මෙම නවදිනය සිහිත සංස්කරණයේ ඩෙස්ක්ටොප් icon එකට ලබාදෙන නමයි. ඒ සදහා ඔයාලට ඕනෑම නමක් දෙන්න පුළුවන්, Create desktop shotcut යන Button එක click කළ පසු ඩෙක්ස්ටොප් එක මත icon එකක් සැදේ .මෙම icon එක සාදාගත් පසු ඔබේ එම Trial සංස්කරණයේ විසින්  desktop  එක මත සහ Start menu එකෙහි පෙරදී සාදා ඇති shotcut  සහ icon සියල්ල මක දැමිය යුතුය... දැන් ඔබේ වැඩේ අවසන් ය.. දැන් එම  Trial  සංස්කරණය ඉතා දිගු කාලයක් පාවිච්චි කිරීමට පුළුවන්....!






       එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....

4 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..