Jun 28, 2012

නොමිලයේ Top Level Domain දෙනු ලැබේ...!

      ඔන්න යාලුවනේ ගොඩක් කල් වෙනකම් මමත් බලාගෙන හිටපු අවස්ථාවක් ඇවිත්.. අපේ යාලුවෝ ගොඩක් අය ගන්න කැමති දෙයක් නොමිලයේම ගන්න පුලුවන් ක්‍රමයක් මට හමුවුණා.. මොකක් ගැන ද මම දැන් ඔයාලට කියන්න යන්නේ?

      මම ඔයාලට කියන්න යන්නේ නොමිලයේම Top Level Domain එකක් ගන්න ක්‍රමයක් ගැනයි.. සමහරැ ඒ වුණාට Top Level Domain කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිවෙන්නට පුලුවන්.. Top Level Domain එකක් කියන්නේ .com / .net / .org ලෙසට අවසන් වන ආකාරයේ වෙබ් ලිපිනයන්වලටයි.. සාමාන්‍යයෙන් මෙවැනි Top Level Domain එකක් ලබාගැනීමට සැළකිය යුතු මුදලක් වැය වෙනවා.. බොහෝ දෙනෙක්ට Top Level Domain ක් ලබාගැනීමට ඇති ගැටලුව මෙයයි.. සාමාන්‍යයෙන් අප භාවිතා කරන Domain නාමයක් තමයි .tk. නමුත් Top Level Domain ක වටිනාකම එහි ඇත්තේ නැහැ..

      ඔබ Top Level Domain නාමයක් ලබාගැනීම වැදගත්වන එක් දෙයක් තමයි Google Adsense ලබාගැනීමට වීම. එපමණක් නොව එය ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට පැමිණෙන්නන්ටත් පහසුවක්..

      හොදයි මම දැන් නොමිලයේ Top Level Domain එකක් හෝ දෙකක් ලබාගැනීමේ ක්‍රමය ඔයාලට කියලා දෙන්නම්.. මේ සදහා පහත වෙබ් අඩවියේ Register වන්න..


      මෙහිදී ඔබට නොමිලයේ අවශ්‍ය Top Level Domain ගණන අනුව ඉදිරි පියවරයන් අනුගමනය කළ හැකිය.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..