Jun 16, 2012

ව්‍යාජ Sandriesoft මෘදුකාංග ජාවාරමක සුළමුල...!!

      යහලුවනේ, අද නම් මම කියන්න යන්නේ Sandriesoft අපිට වෙලා තියෙන සිදුවීමක් පිළිබදවයි.. Sandriesoft වෙනුවෙන් Sandriesoft  සාමාජික ඔබව මේ පිළිබදව දැනුවත් කිරීම මාගේ වගකීමයි.. මෙම සිදුවීම සිදුවී දැනට මාසයක පමණ කාලයක් ගෙවී ගොස් තිබේ..


      මෙම සිදුවීම ඇති වී තිබෙන්නේ අප Sandriesoft Screen Saver Builder මෘදුකාංගය ප්‍රධාන කොටගෙනය. මෙම සිදුවීම සිදුවන්නේ 2012/06/1 වනදාය. සිදුවීම ඉතා කෙටියෙන්ම කිවහොත් සිදුවී ඇත්තේ ව්‍යාජ Sandriesoft මෘදුකාංග ජාවාරමකි. මේ සදහා විදේශීය සමාගම් කිහිපයක්ම සමිමාදම් වී ඇත. 


      මම අපගේ ශ්‍රීලාංකික ඔබට මාගේ මෘදුකාංග නොමිලයේ දෙන බව ඔබ සැම නොදන්නා කාරණයක් නොවන බව මා දනිමි.. එනමුත් මීට සති කිහිපයකට කළින් සිට මම මාගේ මෘදුකාංග විදේශිකයින්ට මිළදීගැනීමට හැකිවනසේ CNET Download.com වලට Upload කළෙමි.. මාගේ හොදකම වැඩි නිසාදෝ එය අවශ්‍ය නම් නොමිලයේම ලබාගැනීමේ පහසුකමද සැළැස්වීමී...



      ඉහත දැක්වෙන්නේ එයයි.. එය මා විසින් CNET Download.com වලට Upload කළ එකයි... නමුත් වරද ඇත්තේ එතැන නොවෙයි.. පහත රෑපසටහන් බලන්න..



      විශාලම අපරාධය සිදු කර ඇත්තේ, පහත වෙබ් අඩවිය විසින් ය. ඔවුන් අප විසින් නිර්මාණය කර බෙදාහරිනු ලැබූ Sandriesoft Screen Saver Builder මෘදුකාංගයට Keygen එකක් ද නිර්මාණය කර තිබේ..


      මේ පිළිබදව පැහැදිළි දසුන් නැරඹීමට Sandriesoft යනුවෙන් Google Search කර බලන්න, නැතහොත් "Sandriesoft" <= Click කරන්න...


     
      කෙසේ නමුත් අපට කිව හැක්කේ මෙවැනි ව්‍යාජ පිටපත් බෙදාහරින්නන්ට ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට Sandriesoft නොපසුබට වන බවත් හා තවත් ඒ සදහා උත්සාහ දරන්නන්ව නීතිය ඉදිරියට ගෙනයන බවත්ය. Sandriesoft සාමාජික ඔබ මෙවැනි සිදුවීම් පිළිබදව යම් කරැණක් දන්නේ නම් ඒ පිළිබදව අපව දැනුවත් කරන මෙන් මා ඉල්ලා සිටිමි.. කෙසේ නමුත් ඉදිරියේදී Sandriesoft අප නිර්මාණය කරන මෘදුකාංගවලට දැඩි Security system එකක් යෙදීමට අප දැනටමත් කටයුතු කරන බව ඔබට සතුටින් දන්වා සිටිමි.. Sandriesoft අපිට ඔබගෙන් ලැබෙන නිබද සහාය නිරතුරැවම අගේ කරන්නෙමු.


ස්තූතියි.!

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..