Jun 21, 2012

මෘදුකාංග නැතිව File Convert කරන්නේ මෙහෙමයි...

      කොහොමද යාලුවනේ...? අද කියන්න යන්නේ කට්ටියට ටිකක් වැදගත් වෙන දෙයක්, ඔයාල එදිනෙදා Word, PDF, Excel වගේ දෙවල් භාවිතා කරනවනේ මෙ ෆයිල් සමහර වෙලාවට Convert කරගන්න වෙනවනේ.... ඒ කියන්නේ Word එකක් PDF විදිහට නැත්තම් PDF එකක් Word විදිහට මෙකට ඉතින් Converter එකක් ඔයාලගේ පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕනි. ඒත් ඔයාලා Office එකක නැත්තම් කොහේ හරි ලැබ් එකක නම් මෘදුකාංග ස්ථාපනය කරන එක ටිකක් අමාරු වැඩක්නේ. ස්ථාපනය කරන්න පුලුවන් උනත් හොද Converter එකක් Key එකත් එක්ක හොයා ගන්න පොඩි කට්ටක් කන්නම වෙනවා. මේ ඔක්කොම කරදර වලින් බේරෙන්න පුලුවන් විදිහ තමා Online විදිහට කරගන්න එක... මේවට ගොඩක් සයිට් තිබුනත් මට හොද එකක් අද හම්බුනා... convertpdftoword.net

මෙම සයිට් එකෙන් පහසුවෙන් පහල තියන විදිහට File Convert කරගන බාගත කරගන්න පුලුවන්...


  • PDF to Word
  • PDF to Text
  • PDF to JPG 
  • PDF to HTML
  • PDF to DOC
  • DOC to PDF
  • Text to PDF
  • HTML to PDF
  • JPG to PDF
  • JPG to Text

      පොඩි වැඩ ටිකක් තියන නිසා අද කලින්ම යන්න වෙනවා.. මේ දවස්වල අපේ යාලුවන්ගෙන් ගොඩක් ඉල්ලීම් තියනවා මෘදුකාංග නිර්මාණය කරගැනීම සදහා.. ඉතා ඉහළ ප්‍රතිචාර නිසාත්, අපේ මෘදුකාංග අඩුම මිලකට නිර්මාණය කරගැනීමට හැකි නිසාත්, උපරිම සේවයක් ලබාදෙන එකම ආයතනය  නිසාත්, මේ දවස්වල මෘදුකාංග නිර්මාණය කරගැනීමට බොහෝ දෙනෙක්ගෙන් ලිපි ලැබෙනවා.. කෙසේ නමුත් ඒ සෑම මෘදුකාංගයක්ම අප ඔබට නිර්මාණය කර දෙන්නට කැපවීමෙන් කටයුතු කරන බව මතක් කරන්නම ඕන දෙයක්.. අපේ යහලුවන්ටත්, ඔබ සේවය කරන වැඩපලට, සේවා ස්ථානයට අවශ්‍ය මෘදුකාංග ඉතා අඩු මුදලකට නිර්මාණය කර දෙන්න අප සූදානම්.. වැඩි විස්තර සදහා gihankashnuka@gmail.com ට හෝ sandriesoft@gmail.com යන විද්‍යුත් ලිපිනයන්ට ලිපි එවා දැනගන්නට පුලුවන්...

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..