Jun 29, 2012

කරදරකාරී ඇමතුම්වලට සදාකාලික විසදුමක්..!!!

      ඔබ පිරිමි පාර්ශවයේ හෝ ගැහැණු පාර්ශවයේ කවුරැ වුනත් ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙන අයගෙන් බේරෙන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලව දැනුවත් කරන්න හිතන් හිටියේ.. ඔබට එවැනි කරදරකාරී ඇමතුම් එක දිගට ලැබෙන්නට ගත්තොත් ඔබ මොකද කරන්නේ..? Blacklist කරනවාද?  බොහොමයක්  Blacklist  කරන මෘදුකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස. එම කාලය නිම උනාම එයට මුදල් දී තමා එය නැවත සක්‍රිය කරගන්න අවශ්‍ය වෙනවා.. ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ...






මේකයි ක්‍රමය :
  • මුලින්ම http://www.mcleaner.com වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මෘදුකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න...
  • දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන Install කරගන්න..
  • දැන් එක  Install  වුණාටපසුව  මෘදුකාංගය විවෘත කරගන්න...
  • 15 day trial කියලා වැටුනට බය වෙන්න එපා. එකේ trial කියන එක ඔබලා  මෘදුකාංගය  ඇතුලට යන්න..
  • ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න...
  • එත් අංකයක් ඉල්ලනවා... බය වෙන්න එපා.. එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න...
  • දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක Blacklist එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද (Calls), නැත්තම් කෙටි පණිවිඩද (SMS) නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න.
  • දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයි නම් නැවතත් Option ගිහින් Start Service කියන එක ඔබන්න.
  • ඊට පස්සේ ඔයාගේ මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාට...

පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.

  1. Nokia
  2. Motorola
  3. Sony Ericsson
  4. iPhone
  5. Samsung
  6. Siemens
  7. Panasonic
  8. LG
  9. Lenovo
  10. Ben Q
  11. Ari ma
     
      ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත. එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.

වැදගත් : ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය Java මෘදුකාංගයක් නොවන අතර, මෙය චීනයේ නිශ්පාදිත දුරකථන මාදිලි සදහා වලංගු නොවේ.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

1 comment:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..