Jun 26, 2012

ආදරේ බිදුනොත් මොකද කරන්නේ..?

‍‍‍‍      "Sandriesoft අඩවියට පිවිසෙන ඔබට ගුණාත්මක යමක් අපි නිතරම ලබාදෙන්නට කැපවන්නේ , බොහෝ දෙනෙක් කථා නොකරන දේ අප ඔබට ලබාදෙන්නේ ‘මෙය තවත් එක් බ්ලොග් අඩවියක් පමණක්ම නොවේ. යන සංකල්පයෙනි.." ඉතින් අද පටන් ජීවිතයට වැදගත් දේ පිළිබදවත්, තාක්ෂණික ලිපිවලය අමතරව මම පළකිරීමටයි සූදානම් වන්නේ... ඒ අනුව ‘Love’ යන මාතෘකාව යටතේ වටිනා හරබර ලිපි මාලාවක් පළකිරීමටයි බලාපොරොත්තුවන්නේ... මේ ලිපි මාලාව ලියවෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යය ධනාත්මක චින්තන ලේඛක හා දේශක දයා රෝහණ අතුකෝරාල මහත්මා සමග කළ සාකච්ඡාවන් කිහිපයක් ඇසුරින් සකස් කළ ලිපි මාලාවක් ඇසුරින් බව කරැණාවෙන් සිහිපත් කරමි... 2012/06/07"


      ආදරයෙන් පරාජය වුනාම සමහරැ සියදිවි නසාගන්නවා.. අපි ආදරය කරන්නේ තෘප්තිකරව ඉන්න, ජීවිතය සතුටින් පවත්වාගෙන යන්න.. මෙ සදහා නම් අපි ආදරය කරන්නේ අපේ මුල, මැද, අග හැම අවස්ථාවක්ම තෘප්තිකර බවක් තිබෙන්නට ඕන.. අපි කිසියම් කෙනෙකුට ආදරය පවත්වනකොට ඒ ආදරය පවත්වන පුද්ගලයා තුළ තිබෙන්නේ නැත්නම් ඇතිවන්නේ වෛරයක් නම් පීඩාවක් නම් එතැන ආදරය පිළිබද ගැටලුවක් තිබෙනවා.. තමක් තමන්ට මෙිනතරම් ආදරේද කියන එක මත තමයි මෙය රදාපවතින්නේ.. අපි යම් කෙනෙ‍කුට ආදරය කරනවා කියන්නේ ඉන් තමන් තෘප්තිකර වෙන්න ඕන.. එහෙම නැතිව අපි ආදරය කරලා ඉවරවෙලා අතෘප්තියට පත්වෙනවා නම් ඒක අපට හිතකර වෙන්නේ නැහැ..

      අනෙක් පැත්තෙන් අපේ ආශාවන් අපේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වේවි කියලා කාටවත් කියන්න බැහැ.. ආශාවන්, බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න පුලුවන්.. එසේ ඉෂ්ට නොවෙනවා නම් අපට මානසික ශක්තියක් තියෙන්න ඕන ඒ ආශාවන්, බලාපොරොත්තු ඉෂ්ට නොවුනට මම ජීවත් වෙන්නට ඕන කියන ආකල්පය ඇතිකරගන්න...

      සාමාන්‍යයෙන් මිනිස් මානසික ලක්ෂණයක් තමයි  යෞවන වයසේදී චිත්තවේග වර්ධනය සිදුවන්නේ බොහොම සෙමින්.. ශාරීරික වර්ධනය හා බුද්ධිමය වර්ධනය වේගයෙන් සිදුවන නමුත් චිත්ත වේග වර්ධනය සිදුවන්නේ අඩුවෙන්.. එවිට ඉක්මන් කේන්තිය, තරහව ඇතිවෙනවා.. ක්ෂණීක තීරණ ගන්නවා..  ඒවා සියල්ල තරැණ වයසේ අයට ඇතිවිය හැකි ලක්ෂණ  කියලා  කළින් දැනුවත් වන්නට ඕන.. එවිට කිසියම් ප්‍රශ්නයක් ආවාම ක්ෂණීක තීරණයක් අරගෙන වස බොන්න, පුච්ච ගන්න පුලුවන්.. ඊට විනාඩි ගණනකට පසුව එයාටම තේරැම්යනවා තමන් කළේ වරදක් බව.., නමුත් එය ආපස්සට අදිනන බැහැ...

      ඒ නිසා නිරන්තරයෙන් ආවේග බහුල වයසේදී ඒ ආවේගවලට එක පාරටම ක්‍රියාත්මක වුනොත්  බොහෝ දුරට විනාශයක් කරා යනවා.. එය හැමදෙයකදීම පොදුයි.. තරැණ පිරිස් රාගික ආවේග පවා එක පාරට ක්‍රියාත්මක කරන්නට තිබෙන නම්‍යතාවය වැඩියි.. එතකොට දෙදෙනෙක් මුණගැසුනම ක්ෂණීකව කෙටිකාලයක් තුළ ප්‍රවේගශීලීව ලිංගික කර්තව්‍යයේ යෙදෙන්න පුලුවන්.. එය පසුව බලන විට අහිතකරයි.. නමුත් ඒ හැම අවස්ථාවේදීම ඔවුනට එය අහිතකර බව වැටහෙන්නේ නැහැ.. කේන්ති ගියාමත් එහෙමයි.. කෙනෙ‍කුට බනින විට, දොස් කියනවිට ආවේගශීලීව යම් යම් දේ කියනවා.. මොහොතකින් දැනගන්නවා එය වැරදියි කියලා.. නමුත් ආවේගශීලීව ක්‍රියාත්මක වීම තරැණ වයසේ සාමාන්‍ය ලක්ෂණයක්.. ඒනිසා එවැනි අවස්ථා මගහරින්න තරැණ පිරිස් දැනගෙන ඉන්නට ඕන.. එවැනි අවස්ථාවන් ඇතිවුණාම ඇතිවන ප්‍රතිවිපාක දන්න නිසා එවැනි අවස්ථාවලට සම්බන්ධ නොවී ඉන්න.. පොදුවේ අපි සෙනග ගැවසෙන තැන්වලදී මුණ ගැහිලා කථාබහ කරලා වෙන් වෙනවා..  සමහර වේලාවට අපි තනියම මුණ ගැහුණොත් එයින් ගැටලුවක් ඇතිවන්නට තිබෙන ඉඩකඩ වැඩියි...


      ඒවගේ ආවේගශීලී අවස්ථා බුද්ධිමය වශයෙන් කල්පනා කර හැසිරීම තමන්ට පාලනය කරගන්න බැරිවෙන්නට පුලුවන්.. එතනදී කල් ඇතිව තීන්දු කරගන්න ඕන මේ ජීවිතය මට අයිතියි.. මා විසින් මාගේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕන.. ඒ සදහා මාගේ ජීවිතය යම්කිසි ක්‍රමාණුකූළ රටාවකට හැඩගස්සවා ගන්නට ඕන.. එසේ කල්පනා කළොත් විතරයි ජීවිතයේ වටිනාකම කෙනෙක්ට තේරෙන්නේ.. වටිනාකම තේරැම් ගියේ  නැතිනම් සිදුවන්නේ හැගීම්වලට වහල්වෙලා ජීවිතය විනාශ කරගන්න එකයි..

      සියදිවි නසාගැනීම කියන්නේ තමන්ගේ ජීවිතයටවත් තමන් ආදරය නැහැ කියන එකයි.. එතැනදී  රැවටිල්ලකට අසුවෙනවා..  වෙන තෙනෙකේ මට ආදරේ නැති වුණාම හිතනවා තමන්ගේ වටිනාකම හොදටම අඩුවෙලා කියලා.. එහෙම වුණාම කල්පනා කරනවා තමන් වටිනා පුද්ගලයෙක් නොවේය කියලා.. එතනදී තමන්ට සිදුවන්නේ පාඩුවක් නිසා තමයි තමන් මේ විදියේ වැරදි චර්යාවකට පෙළ‍ඹෙන්නේ.. ඒකෙන් තමන්ට වාසියක් ඇතිවෙන්නේ නැහැ.. අවසාන වශයෙන් බැලුවාම තමන් තමන් විසින්ම පීඩනයකට ලක්වෙලා තිබෙනවා.. මේ විදියට තමා  විසින් තමාවම පීඩනයකට ලක්කරගැනීමට ප්‍රධාන හේතුව තමයි කුඩා කාලයේ සිටම තමන්ගේ තරහව, කෝපය වගේ දේවල් පාලනය කරගන්න ඉගෙන නොගැනීම.. පුංචි කාලේ පටන් හැමදේකටම පොරකන, හැමදේම ඉල්ලන, හැමදේටම රණ්ඩු කරන  ළමයි එවැනි සිද්ධිවලදී ක්ෂණික තීරණයක් ගන්න පුලුවන්...

      මේ නිසා කුඩාකළ සිටම අපි පුරැදුවන්නට ඹ්න තරහා වගේ දේවල් සමනය කරගන්න. එසේ පුරැදු පුහුණු වුණොත් විතරයි එයාට පසු කාලයකදී ගැටලුවකට මුහුණ දෙන්නට පුලුවන් වෙන්නේ.. අනෙක් කරැණ තමයි බොහෝවිට තමන් දෙවැනි වෙනවා, තමන් පරාජය වෙලා, තමන් නිවට වෙලා වැනි හැගීම්... මෙය තමන් තමන් පිළිබද අභිමාණය බිදීයාමක්.. එය එක හේතුවක් තමයි සියදිවි නසාගනනට... එවිට ආදරය අහිමිවීම පමණක් නොව තමන්ට තිබෙන ඉච්ඡෘභංගත්වය, බලාපොරොත්තු කඩවීම, ආදරය බිදීයාම, මේ අනුව ඉච්ඡෘභංගත්වයත් බලපානවා සියදිවි නසාගන්නට...

      සියදිවි නසාගන්නේ බොහෝවට ක්ෂණිකව.. වහාම මෙය නවතා ගන්න නම් කරන්නට තිබෙන දෙයක් තමයි අවස්ථා කල්දැමීම...  අද ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ සොයන එක දින 2-3 කට කල් දැමීම.. ක්ෂණික තීන්දුවක් නොගෙන ඉන්නවා.. නැතිනම් ඒ ගැන දන්න කෙනෙක් සමග සාක්ච්ඡා කරනවා.., විවිධ විසදුම් කල්පනා කිරීම.. තමන්ගේ ආවේගය එකවර ගලාගෙන ගියොත් සම්පූර්ණයෙන්ම පහල ප්‍රදේශ විනාශ වෙලා යන්න පුලුවන්.. හැබැයි ආදරය යම්කිසි ආකාරයකට බෙදිලා යන්න සැළැස්සුවා නම් ඉන් මුලු ප්‍රදේශයම සරැසාර කරගන්න පුලුවන්.. ආදරේ දෝරේ ගලලා ගිහින් තමන්ගේ ජීවිතය විනාශ කරගෙන යන්න පුලුවන්.. එය නිර්මාණාත්මකව හැසිරැවහොත් හොද කෙටිකථා, නවකථා වගේ දේවල් හරහා යන්නත් පුලුවන්..
      ආදරයෙන් පැරදුණු, පීඩා විදපු බොහෝ බුද්ධිමත් අය ඒ ආදරය සිය නිර්මාණ කෘති හරහා යවලා තිබෙනවා..  හොද නිර්මාණ හැම එකක් පිටුපස ආදරය බිදීයාමක් තිබෙනවා.. ටෝල්ස්ටෝයිගේ බැලුවත්, ගෝර්කිගේ බැලුවත් ප්‍රධාන චරිත හැම එකකම ආදරය නොලැබීයාමේ ගැටලුවක් තිබෙනවා.. ඒ අය බුද්ධිමත් ආකාරයට හෙලිදරව් කරනවා.. අනිත් අය එයට පිහියෙන් ඇණගන්නවා.. එය හෙලිදරව්වන්නේ බුද්ධිමත් භාවය අනුවයි..

    ඒ අනුව බැලුවම ලෝකේ ඉන්න ලෝකේ ඉන්න හොදම නිර්මාණකරැවන්, හොදම රජවරැන්, හොසම ශක්තීන් සියල්ලට ලිංගික ජීවිතයේ සාර්ථකත්වය බලපානවා.. ලිංගිකව බෙලහීනයි කියන්නේ හැස අතින්ම බෙලහීනයි කියන එකයි... ලිංගිකව ශක්තිමත්වීම හැම අතින්ම  ලිංගිකව ශක්තිමත්වීම හැම අතින්ම ශක්තිමත්වීමට උදව්කරනවා.. හොදම නිර්මාණකරැවන්, හොදම අලෙවිකරැවන්, හොදම රජවරැන් මේ  හැමෝම ලිංගික පැත්තෙන්බොහොම ශක්තිමත්.. තවත් උදාහරණයක් ගත්විට තරැණ හරකුන්ගේ ලිංගික ශක්තිය මරාදමනවා.. එවිට හොද බර අදින ගොනුන් බවට පත්වෙනවා.. නමුත් ඊළගට ඔවුන් ළග තිබෙන මූලික ජවය අඩුවෙනවා.. එනම් ලිංගිකත්වය සමග බද්ධවුණු කායික හා මානසික අභිමානය (ජවය) එය අවම වූ විට තමන්ගේ නිවටකම, දුබලකම සේරම මතුවෙනවා..





      X-X කියන ජානයෙන් ගැහැණු ළමයි හැදෙනවා..  X-X-X  කියා අකුරැ 3ක් තිබෙන ජාන ති‍බෙනවා.. අහම්බෙන් එහෙම දරැවන් බිහිවෙලා තියනවා..  X-X-X කියන ගැහැණු දරැවන්ගේ ගැහැණුකම වැඩියි.. ඒ අයට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු වගේම  ලිංගිකව බොහෝ දුර්වලයි.. ඒ අයගේ මුලු ජීවිතයම නිවට, බයාදු, වහල් හැසිරීමක් තමයි පෙන්නුම් කරන්නේ.. ඒ අනුව ලිංගිකත්වය හා සමිබන්ධ උද්ධීපනය ඒ අයගේ චර්යාවෙන් පෙනෙනවා.. එහි පහත බැසීමක් චර්යාවෙන් පෙනෙනවා... මේවගේ උද්ධීපනය වැඩියි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා තමන්ගේ ශාරීරික අවශ්‍යතා සදහා කෙළින්ම භාවිතා කරනවා කියලා.. එවිට තමයි බුද්ධිය අවශ්‍යය... එය තමයි බුද්ධීයෙන් හසුරවන්න ඕන..

      ඒ වගේම  ඇමරිකාවේ වගේ සිරගෙවල්වල සිටින බහුතරයක් සිරකරැවන් හසුවී සිටින්නේ අපචාර ක්‍රියා සදහායි.. ඒ බොහෝ දෙනා හැඩි දැඩි, දක්ෂ පුද්ගලයින්.. මයිකල්, ක්වේන්, මයික්  ටයිසන්, ‍ටෙනිසන් වගේ අය ලිංගික පැත්තෙන් බොහෝම ශක්තිමත් .. ඒ වගේම වෙනත් ශක්තීනුත් තිබෙනවා.. ඒ වගේ අය දූෂණ, අපචාරවලට අසුවෙනවා.. සමහරවිට ඒ අයටම පාලනය කරගන්න බැරි ජවයක්.. ඒ ජවය පිටකරගන්නේ එවැනි අවස්ථාවලින්.. ඒ සදහා වෙන වෙන පියවරවල් තිබෙනවා ගන්න..


      ලිංගිකත්වය හා සම්බන්ධ ආදරය කියන එක සියදිවි නසාගැනීම දක්වා යන්න පුලුවන්.. එය හොද පැත්තට හැරිලා යනවා  නම් ඉතාම හොද නිර්මාණ ලෝකෙට බිහිවෙන්නත් පුලුවන්.. මේ නිසා සියදිවි නසාගැනීම කියන එක කොයි අතකින් බැලුවත් තමන්ම පරාජය වීමක්... මේ කොයි ආකාරයට කිව්වත් බොහෝ අයට නිසි මගපෙන්වීමක් ලැබුනේ නැත්නම් සහායකයකු පිටුපස සිටියේ නැතිනම් මානසිකව යම්කිසි භීතිකාවක් ඇතිවෙලා තමන්ට තමන් නොවටිනා කෙනෙක් කියා අදහස ඇතිවෙනවා.. ඒ ආකල්පය ඇති වුණාම තමන්ගේ ජීවිත අසාර්ථකත්වයට පත්කර ගන්නවා...



      යහලුවනේ මගේ මේ අරමුණ වන්නේ ඔබ නොදැනුවත්ම ඔබ වැරදි දෙයට ඇදගෙන යන, වැරදි දේ පමණක් නිවැරදි දේ ලෙස ඔබේ මනසට කාවද්දන්නට සමාජයේ සිටින ඇතැමුන්ගෙන් ඔබ  වෙන්කර සාමාජයේ ඇත්ත ස්වරෑපය තේරැම් කර දී සැබෑ ජීවිතයක්, සොභාග්‍යමත් ජීවිතයක් ගතකරන රටවැසියන් බවට පත්කරලීමටයි.. මෙතෙක් කිසිවෙකු මෙලෙස ඔබ යහමගට ගන්නට උත්සාහ නොකර ඇති වුවත්,  කර ඇතිවුවත් බ්ලොග් අඩවියකින් කිසිදා නොකළ දෙයක් මම ඔබ වෙනුවෙන් කරන්නට කැපවෙමි..


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 


2 comments:

  1. dear,mama mee post eka mage facebook profile ekata post karannada...oyaage akameththak thiyenavada? hemogema denuvath viimatai mama daanna hadanne meeka...oyaage web ekath ekka mama daanne.mage post ekak vidiyata nemei..oyaage vistharath mama yatin ddannava..akameththak thiyenavanam mata msg karanna...

    ReplyDelete
    Replies
    1. Hmmm... Ehemanam getaluwak ne... hemogema denuvath veema vadagath... :)

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..