Jun 18, 2012

RAR Password Finder මෘදුකාංගයක්...!!!


      ඔන්න යාලුවනේ අද ඔයාලට තවත් හොද මෘදුකාංගයක් අරන් ආවා.. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ ඔයා ළග තියෙන RAR ෆයිල්වල තියෙන පාස්වර්ඩ් සොය දෙන එකයි.. ඔන්න අපි හිතමු අපි ගාව පාස්වර්ඩ් එකක් දාපු  RAR ෆයිල් එකක් තියෙනව කියල. ඒකේ පාස්වර්ඩ් එක අපි දන්නෑ එහෙමත් නැත්නම් අපිට ඒ පාස්වර්ඩ් එක මතක නෑ කියමු‍කෝ. ඉතින් අපි කොහොමද ඒ RAR ෆයිල් එකේ තියෙන අපිට අවශ්‍ය ෆයිල් ටික ගන්නේ?


      අන්න ඒකට තමයි මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ.. දැනට නැති වුනත් ඉස්සරහට සමහර විට අවශ්‍ය වෙන්නත් පුලුවන් වේවි නේ!! එහෙනම් මෙන්න බාගන්න.. මෙන්න ක්‍රමය කෙටියෙන්...,   



      මුලින්ම කරන්න තියෙන්නේ පල්ලෙහා ඇති Link එකට ගිහින් RAR Password Unlocker මෘදුකාංගය බාගත කර ගන්න එකයි.  පසුව එය 
ස්ථාපනය කරගන්න.


   හරි දැන් ඔයාලා මෘදුකාංගය ස්ථාපනය කරගත්ත නේ. දැන් කරන්න තියෙන්නෙ අවශ්‍ය RAR ෆයිල් එක open කරල START බොත්තම ඔබන එකයි.

      මෙතනදි ක්‍රම කිහිපයක් භාවිතා කරල මේ වැඩේ කරන්න පුළුවන්. මෙතනදි ෆයිල් එකට දීල තියෙන පාස්වර්ඩ් එක ටිකක් දිගයි නම් ඒක Recover කර ගන්න යන වෙලාවත් ටිකක් වැඩියි. උත්සහ කරල බලන්න. මීට වඩා හොද මෘදුකාංගයක් හමුවුනොත් ඔයාලට දෙන්නම්කෝ...


      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....

6 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..