Jun 14, 2012

ඔයාගේ වෙබ් අඩවියෙන් මුදල් උපයන්න මෙන්න සාර්ථක ක්‍රමයක්...!!!

      ඔන්න යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තවත් සාර්ථක වූ ක්‍රමයක් ගැන මම අද ඔයාලව දැනුවත් කරන්නේ.. ඔයාල හැමෝටම වගේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියනවානේ.. ඉතින් නිකන් තියන ඔයාගේ එම බ්ලොග් අඩවියෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් මම කියන්න යන්නේ.. ඔයාලා අහල ඇතිනේ Google Adsense!!! මම නම් ඒ නම ඇහෙනවාටවත් කැමති නැහැ.. මොකද මමත් ඒ වැඩේ කරන්න ගිහින් හොද හොද දේවල් කරගත්තා... ඒවායින් වැඩක් නැහැ.. මම ලංකාවේ අපිට ගැලපෙන ඇඩ් සේවාවක් හොයාගත්තා... මෙයාලගේ නම් ඔය වැඩකට නැති නීති නැහැ.. හරිම පහසුයි...

      මේක adsense වෙනුවට අපිට පාවිච්චි කරන්න පුලුවන් තවත් දෙයක්. Google Adsense ගන්න බැරි උනාම google වලට බැන බැන ඉන්නවට වඩා අලුත් දෙයක් හොයාගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද නේද? කොහොම උනත් මේ කියන්න යන්නේ Clicksor ගැන. ඔය මමත් උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි එන්න දාල තියෙන්නේ. (ඔය ඉන්න ගමන් ad එකකුත් click කරල අපිට හෙල්ප් එකක් දෙන්න.) . ඔය පහල තියන banner එක click කරන්න.




දැන්,
    *. My Account එකට ගිහින් ඔයාගේ විස්තර පුරවන්න...
    *. Ad Setup එකට ගිහින් තමා ඔයාගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරන්න තියෙන්නේ.. එතනින් Next කරමින් ගිහින් ඔයාගේ Ad code එක ගන්න තියෙන්නේ.. (පින්තූර නැතිව ලිපිය ලිව්වේ මෙය ඉතා සරළව සිදුකළ හැකි නිසාය.)

දැන් වැඩේ හරි... දැන් ඔයාලට කරන්න තියෙන්නේ එයාල දෙන code එක ,
design - add gadget - past code කරගන්න.. වැඩේ ගොඩක් ලේසියි.. කාටහරි නොතේරැණු යමක් තියනවා නම් අහන්න..


      අහ්... විශේෂ දෙයක් තියනවා කියන්න.. මේක නොකියම බැරි නිසයි කියන්නේ... මම දැකලා තියෙන ගොඩක් ‍බ්ලොග් අඩවිවල "මුදල් උපයමු" කියලා තියන බ්ලොග් අඩවිවල ඉතා කෙටි විස්තරයක් දාලා යනවා.. සමහර විට එය ද Referral Link එකක් පමණක්ම වේ.. ඇත්තෙන්ම එවැනි බ්ලොග් අඩවිවලින් මුදල් උපයන්නේ ඹබ නොව ඔවුන්ය.. හරි හැටි අදාළ විස්තර පැහැදිලි කිරීමකින් තොරව තමාගේ යහපත උසෙදාම වූ එවැනි අඩවියක් වීමට අපට කිසිදාක අවශ්‍යතාවයක් නැත්තෙමු.. 


      මාගේ බලාපොරොත්තුව මා පමණක් නොව ඔබද ඉදිරියට ගෙනයාමයි... ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔබගේ සිත්තුළ පැළපදියම් වීමට ඉඩදීමෙන්ද වළකින්න... කෙනෙකු මට වඩා මුදල් උපයනවා.. මට විතරයි බැරි වුණේ කියමින් ඔබ ඔවුනට ඊර්ෂ්‍යා කළා කියා ඔබට ලැබෙන යහපතක් ද නොමැත.. යහලුවනේ යමක් කියන්නට තියෙනවා මට.. මෙය ඔබ හොදින් මතක තබාගෙන වැඩ කළොත් ඔබට කිසිදාක වරදින්නේ නැත.


ඔබ, අප මේ ලොව ජීවත්වන දින 30,000 ක පමණ කෙටි කාලය ධර්මානුකූළව, පරාර්ථකාමීව, සැමට ආදරය කරමින් කටයුතු කරන්න... එය ඔබේ දියුණුවට මග පාදනු නියතය....!!! " - Gihan

      මාගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබ, අප ජීවත්වන්නා වූ මේ සමාජය තුළ යහපත් ගති ලක්ෂණවලින් යුත්, සාරධර්මවලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීමයි... මෙය ආරම්භ කළ හැක්කේ ඔබටයි... අපි එය සිදුකරමු!!! මාගේ මෙම ලිපියට අමතරව ඇති කරැණු ඔබගේ ජීවිතයට එක්කරගන්න.. තාක්ෂනික දැනුමෙන් පරිපූර්ණ වනවා සේම අපට ගුණධර්මවලින්ද පරිපූර්ණ විය යුතුය..  එවිටයි ජීවිතය ලස්සන වන්නේ...!!!
      
      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


9 comments:

  1. මේකේ ගෙවීම් කොහොද කියල කියන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. අඩුම $100 වනතෙක් ඉන්න වෙනවා...

      Delete
  2. me site akata yanna bane. pls ikmanata reply ekak denna?

    ReplyDelete
  3. මල්ලියෝ ඔයා මෙ කරන්නේ ගොඩාක් පිං අයිති වෙන වැඩක් ඇත්තමයි ගොඩාක් හොඳ වැඩක්. මල්ලියෝ මට දෙයක් දැනගන්න කියනවා. මොකක්ද දන්නවද මටම කියලා වෙබ් අඩවියක් හදාගන්නෙ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි...
      මම ඉදිරියේදී ඒ පිළිපදවත් ලිපි මාලාවක් ලියන්නම්... දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න..
      ස්තූතියි.. :c

      Delete
  4. Post eke antimata kiyapu deta math ekagay. Godak eMoney kiyagena karana blog vala thiyennema Ref Link ekka PTC gana. Honda amaru deval karanna kiyalaa dunna nam ita vada vatinava.

    Good Luck!
    Shyam
    SLMarketer.com

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..