Jun 10, 2012

ආදරේ ඉල්ලන්නන්ට දෙන්න හොදම උත්තරය.......

‍‍‍‍      "Sandriesoft අඩවියට පිවිසෙන ඔබට ගුණාත්මක යමක් අපි නිතරම ලබාදෙන්නට කැපවන්නේ , බොහෝ දෙනෙක් කථා නොකරන දේ අප ඔබට ලබාදෙන්නේ ‘මෙය තවත් එක් බ්ලොග් අඩවියක් පමණක්ම නොවේ. යන සංකල්පයෙනි.." ඉතින් අද පටන් ජීවිතයට වැදගත් දේ පිළිබදවත්, තාක්ෂණික ලිපිවලය අමතරව මම පළකිරීමටයි සූදානම් වන්නේ... ඒ අනුව ‘Love’ යන මාතෘකාව යටතේ වටිනා හරබර ලිපි මාලාවක් පළකිරීමටයි බලාපොරොත්තුවන්නේ... මේ ලිපි මාලාව ලියවෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යය ධනාත්මක චින්තන ලේඛක හා දේශක දයා රෝහණ අතුකෝරාල මහත්මා සමග කළ සාකච්ඡාවන් කිහිපයක් ඇසුරින් සකස් කළ ලිපි මාලාවක් ඇසුරින් බව කරැණාවෙන් සිහිපත් කරමි... 2012/06/07"

      යොවුන් වියේදී දකින්න ලැබෙන තත්ත්වයක් තමයි  ප්‍රේම සම්බන්ධතා ඇතිවීම... එය අස්වාභාවික දෙයක් නොවෙයි. වයස අවු : 12 පනින විට සිග්මන් ප්රොයිඩි අය හදුන්වන්නේ වෘද්ධ කාමුක අවධිය කියලයි... වෘද්ධ කාමුක අවධිය කියන්නේ වැඩිහිටි කාමුක ලක්ෂණ පහළ වෙන්නට පටන් ගැනීමයි. එය ස්වභාව ධර්මයේම කොටසක්... අපට එය අවශ්යය නොයව් යැයි කියා එය නවතා දැමිය නොහැකිය.. ශරීරය ඇතුළත හෝමෝන වර්ධනය වනවිට සිතිවිලිවල ඒ විධියේ වෙනස්කම් ඇතිවෙනවා... ගැහැණු ළමයි පිරිමි ළමයින්ට ආකර්ශණය වෙනවා.. පිරිමි ළමයි ගැහැණු ළමයින්ට ආකර්ශණය වෙනවා.. එය අස්වාභාවික නොවන සිදුවීමක්...

      නමුත් මෙය නියම අන්දමට විය යුතුය... වයස අවු : 14 පමණ කාලයේදී එම අවධියට නියමිත ආදර තටාකය සම්පූර්ණ වන්නේ ( Family friends and fun ) පුලුල් පවුල යහලුවන් සහ විනෝදය යන ඒවායෙනි... ඒක සම්පූර්ණ වීම වැදගත්.. මේ කාලයේ විනෝදයෙන් ඉන්න ඕන.. නැන්දලා මාමල ආච්චිලා සීයලා වගේ අයත් සමග /දෙන්න ඕන.. එවිට ආදරය බෙදිලා යනවා.. එසේ ආදරය බෙදී යනවිට එක් අයෙකුට පවතින ආකර්ශණය අඩුවෙනවා..


      වයස අවු : 14-18ත් පමණ කාලයේ ප්‍රිය කණ්ඩායම ( Group love ) කියන ආදර තටාකය සම්පූර්ණ විය යුතුය.. මෙයින් කියන්නේ කැමති කණ්ඩායමක් සමග කණ්ඩායම් ගැසීම... මෙය සමපදස්ථ කණ්ඩායමක් නැතිනම් ක්ලික් එක්ක ලෙසත් හදුන්වනවා.. ළමයින්ට ක්ලික් එකක් ඉන්න ඕන.. මෙතනදි ගැහැණු ළමයි, ගැහැණු ළමයි ක්ලික් වෙන්න පුලුවන්.. පිරිමි ළමයි, පිරිමි ළමයි ක්ලික් වෙන්නත් පුලුවන්.. මිශ්ර. ක්ලික් එකක් වෙන්නත් පුලුවන්.. සාමාන්යියෙන් මිශ්රප පාසල්වල මිශ්රක කණ්ඩායම් තියනවා.. එය හොදයි වගේමකිසි ප්ර.ශ්නයක් නැහැ.. සමාජයෙන් ඇතිකරන වැරදි ලිංගික උත්තේජක නිසාවැරදි මගට වනාගියා නම් එවැනි කණ්ඩායම් වඩා හොදයි..

   වයස අවු : 14-21 අතර කාලයේ  ප්‍රිය  කණ්ඩායමක් නැතිනම් ක්ල්ක් එකක් ඉන්න ඕන.. එවිට ඒ ඒ අයට අදහස් බෙදාගන්න පුලුවන්... මිතුරෝ වෙන්නත් පුලුවන්.. රණ්ඩු වෙන්න පුලුවන්.. වාද විවාද කරගන්න පුලුවන් වෙන‍වා... එවිට හොද පෞෂ ලක්ෂණ ඇතිවෙනවා.. ඉන් ලැබෙන වාසි තමයි ඒ අයට ඕන සෙනගක් ඉදිරියේ වැඩකරන්න පුලුවන්.. ඕන කාර්යාලයක වැඩ කරන්න පුලුවන්.. ඕන තැනක ගිහින් කණ්ඩායම් ගත වෙන්න (fපිට්) පුලුවන් වීම... එහෙම නැතිනම් “මේ අය මාව අමාරැවේ දාන්න තමයි ඉන්නේ.., මාව වැරදියට වටහාගනීද දන්නෑ..” වගේ සිතිවිලි එක්ක නිතරම සැකයෙන් තමයි ජීවත්වෙන්නේ මුල් කාලයේ හරියට කණ්ඩායමක නොසිටිය නිසයි මෙසේ සැකයෙන් ජීවත්වෙන්නේ... එය විවාහ ජීවිතය දක්වාම බලපානවා.. ඒ වගේ බොහෝ පාඩු වෙනවා..

     ඒ නිසා ඒ කාලයේදී ප්‍රේම සම්බන්ධකම් කියන සංකල්පයට වඩා මිත්රගයින් ඇතිකරගැනීම කියන සංකල්පය තමයි වැදගත් වෙන්නේ... මිත්‍රකම් ගොඩාක් තියනවා.. යාලුවෝ ගොඩාක් ඉන්නවා.. ඒ අතරින් කෙනෙක් අහම්බෙන් තේරෙන්න පුලුවන්.. මුල ඉදළම එක් අයෙකු තෝරාගත්විට ඇසුරැ කරන්නේ එක් අයෙකු පමණක් නිසා එයාට යාලුවෝ අහිමි වී යනවා.. එවිට යාලුවෝ ගොඩාක් නැහැ.. තනිවෙලා ඉන්නේ.. අහම්බෙන් හෝ ඒ සම්බන්ධය බිදුනොත් සියදිවි නසාගන්න හිතෙනවා.. මොකද එයාට දුක සැප බෙදාගන්න කෙනෙක් නැහැ.. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ.. නමුත් ගොඩාක් අතරින් කෙනෙකු වුනාම ප්‍රශ්නයක් නැහැ, එක් විශේෂිත කෙනෙක් නැති වුනොත් එය විදදරා ගන්න පුලුවන්.. මොකද එයාගේ යාලුවෝ එයාව සමාන කරගන්නවා, දුක බෙදාගන්නවා.. තරහව කෝපය අඩුකරනවා.. ඒ නිසා එය වරදක් නොවේ..


      නමුත්  ප්‍රේම සම්බන්ධතා කියන දේවල් ටික ටික එහාට තල්ලු කරගන්නවානම් එය වාසියක්.. කළින් එය පටන් ගත්විට අධ්‍යාපනික අංශයෙන් විශාල පාඩුවක් සිදුවෙනවා.. තවමත් ලංකාවේ පාසල් වියේ  ප්‍රේම   සම්බන්ධතා එතරම් අනුමත කරන්නේ නැහැ.. ළමාවියේ  ප්‍රේම  සම්බන්ධකම් , යොවුන් වියේ  ප්‍රේම   සම්බන්ධකම් අම්මා තාත්තාට හොරෙන්, ගුරැවරැන්ට හොරෙන් තමයි කරන්න වෙන්නේ.. එවිට නිතරම ඒ ගැන සැකෙන් බියෙන් තමයි ඉන්නේ... ඒ නිසා ඉගෙනීමට තිබෙන මානසික නිරවුල්කම අඩුවෙනවා.. නිරවුල්කම අඩුවෙනවා කියන්නේ ප්‍රශ්න පත්රයයට ලකුණු අඩුවෙනවා කියන එකයි.. එහෙම නැතිව ගිහිල්ලා වැඩි ලකුණු ගන්න පුලුවන්කම තිබියදී අඩුවෙන් කරලා අඩු ලකුණු ගන්නවා...

      ඒ නිසා හොදම දේ තමයි කාලෙන් කාලයට ප්‍රමුඛස්ථානය දිය යුතු දේ තීරණය කිරීම.. මේ වයසේදී (අවු: 14-20) ප්‍රමුඛස්ථානය දිය යුත්තේ අධ්‍යාපනයටයි..  අධ්‍යාපනයට මුල් තැන දීලා අපි හිතන්නට ඕනා අපේ ජීවිතය අවු : 20න් කෙළෙවර වන එකක් නොවන නිසා මුල් අවුරැදු 20 ජීවිතයට අත්තිවාරම දමන්නට.. මේ අනුව මුල් යුගයේ යහපත් ගතිලක්ෂණ එක්කර ගත යුතු වෙනවා... එවිට ජීවිතයම සාර්ථක කරගන්න පුලුවන්කම ලැබෙනවා.. නමුත් දැන් කාලයේ එක් කෙනෙක් ඒ විදියට හිතුවත් අනෙක් කෙනා හිතන්නේ වෙන විදියකට.. දැන් කාලයේ පාසලේ 8,9,10 වගේ පන්තිවල ගැහැණු ළමයි හුගක් වැඩියි... වැඩිහිටි අය බොහෝ දුරට මේ වයසේ අය අල්ලා ගන්න උත්සාහ කරනවා.. මේ අයට බේරිලා ඉන්නත් අමාරැයි.. ඒ සදහා පිළිතුරකුත් නැහැ.. ඉස්සරට වඩා සම්බන්ධතා පවත්වන රටාව වෙනස්.. දැන් අමතර පන්ති ගොඩාක් තියනවා.. ළමයින් ඒ සදහා නිදහසේ යනවා.. බස්වල රැදෙන වේලාව වැඩියි.. උදේ ගෙදරින් ආවම අමතර පන්ති නිසා රෑ වෙනතුරැ ඇවිදින්න තැන් තියනවා.. ඒ වගේම චිත්‍රපටි, නිල් චිත්‍රපටි බලන ළමයිනුත් ඉන්නවා.. අන්තර්ජාලවල, වෙබ් අඩවිවල ඒ වගේ දේවල් බලන අය ඉන්නවා.. සමහර වේලාවට ටෙලිනාට්ය වල දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවා....

       ඒ වගේම තමයි පහසුකම් ටිකක් වැඩියි.. මේ සියල්ල නිසා රැවටෙන්න පුලුවන් අවස්ථා වැඩියි.. රැවටෙන අවස්ථා ඇතිවුණාම බොහෝ ළමයි සිතන්නේ කිවිවාම හදාගන්න පුලුවන්.. පස්සේ ඒ වැරදි තත්ත්ව හරියයි කියලයි.. නමුත් එහෙම වෙන්නේ නැහැ.. එහෙම වුනොත් ඒ බොහොම කළාතුරකින්.. දැන් අනුකම්පාවට, බයට තමයි ආදරය කරන්නේ..

      ආදරය කියන්නේ බයට හෝ අනුකම්පාවට කරන දෙයක් නෙවෙයි.. එය කරන්නට ඕන දෙන්නගේම සිත්වල ඇතිවන ගැඹුරැ මානසික බන්ධනයකින්.. සමහරැ අනිත් කෙනා හදාගන්න, තවත් සමහරැ බයට එය ආදරය කියලා වැරදියට වටහාගන්නවා.. මෙයා තරහ වෙයිද, සියදිවි නසාගනීවිද දන්නැහැ හිතලා බයට ආදරය කරන අය ඕන තරම් ඉන්නවා.. එය නියම ආදරය නොවෙයි.. මේවා පසු කාලයේදී අර්බුධ බවට පත්වෙනවා...


      සැබෑ ආදරය කුමක්ද කියන එක වෙනම ඉගෙන ගෙන තේරැම්ගත යුතු දෙයක්.. ඒවගේ ඇතිවන සැබෑ බන්ධනයක් මුලු ජීවිත කාලය තුළම තෘප්තිකරයි.. මුල් අවුරැදු විස්ස තුළ තම ප්රතමුඛතා වෙනස් කර ප්රේිම කරන්න ගියොත් ඉදිරි අවුරැදු 60 ක් පමණ කාලය දුක් විදින්න සිදුවෙනවා.. ගියොත් ඉදිරි අවුරැදු 60 ක් පමණ කාලය දුක් විදිනවාද? මේ අවුරැදු 20 හොදින් ගතකරලා ඉදිරි අවුරැදු 60 සතුටින් ඉන්නවාද යන්න තීන්දුවක් ගතයුතු වෙනවා.. අනෙක් කරැණ නම් පාසල් ප්‍රේම සම්බන්ධතාවලින් 85% ක්ම බිද වැටෙනවා.. ඒ වගේ පාසල් ප්‍රේම සම්බන්ධයක් ලිංගික සම්බන්ධතා දක්වාම දුරදිග ගියානම් අනිවාර්යෙන්ම විවාහ ජීවිතය අර්බුධකාරී වෙනවා.. ඉස්සරට වඩා මේ වගේ දේවල් ආරංචි වෙන්න තියනව ඉඩකඩ වැඩියි.. පාසල්වියේ ප්‍රේම සම්බන්ධතා පිළිබද විවාහ වුනාට පසුව ආරංචි වුනොත් අනිවාර්යෙන්ම පවුල් ගැටලුවක් වෙනවා.. හැමදාම මොනවා හෝ ප්‍රශ්නයක් ආවිට එය මතක් කරලා බනිනවා.. අන්තිමට මේ නිසා ගුට්කෙළි ඇතිවෙනවා.. මේ නිසා ප්‍රශ්න ගොඩාක් ඇතිවෙනවා...

      “කරන කලට පවු මිහිරිය මී සේ “ කිව්වා වගේ ඒ කාලයේ විනෝදය වුනාට පසු කාලයේ මතක් කරලා ගහනවිට  ප්‍රශ්නයක්  වෙනවා.. ඒ නිසා විහිලුවට, විනෝදයට,  ප්‍රේම සම්බන්ධතා ඇතිකරගන්නේ නැතිව අර්ථසම්පන්නව යොවුන්විය ගතකරන්න තරම් ළමයි බුද්ධිමත් විය යුතුයි...

      ළමයින් අසරණයි.. ඒ අයට කවුරැත් මේවා කියලා දීලා නැහැ, හැගීම්වලට අනුව යනවා... ආසා හිතෙනවා.. ඉතින් මේ ආසා හිතීම ස්වභාවිකයි... බුදු හාමුදුරැවෝ පවා කියලා තියනවා පිරිමින්ට ගැහැණු , ගැහැණුන්ට පිරිමි කියන එක තමයි ලෝකයේ ආකර්ශණය වැඩියෙන්ම තියෙන වස්තූන් දෙක.. වෙන වස්තූන් කුමකටවත් ඒ විදියේ ආකර්ශණයක් නැහැ.. එතකොට මේ දෙය ස්වාභාවිකයි.. මේ ස්වාභාවික ආකර්ශණයට අවනත වෙන්න පුලුවන්...


      තවත් ළමයි සිතන දෙයක් තමයිපාසල් කාලයේ විනෝදයට, විහිලුවට ප්‍රේම කරලා පසුව අතහැර දානවා කියන එක.. මේවා ඒ තරම් හොද අදහස් නොවේ.. මේ විහිලු කොතනින් නතරවෙයිද දන්නැහැ.. ඉස්සරට වඩා අදහස් හුවමාරැ කරගන්න පහසුව තියන නිසා (දුරකතන) නිදහසේ කතා කරකර ඉන්නවා.. විනාඩි 5න් 10න් පටන් ගෙන ඒ කතාබහ අවසන් වෙන්නේ මේ වගේ බන්ධනයකට අහුවෙලා.. එය මිදෙන්නට බැරි ගැටලුවක් වෙනවා..‍ මේ වගේ ප්‍රශ්න අද වැඩියි.. මෙතනදි තේරැම් ගතයුතු වන්නේ තමන්ගේ මූලික බලාපොරොත්තුව කුමක්ද කියලායි.. මේ වයසේ දී මම ප්‍රමුඛතාව දියයුත්තේ කුමකටද? ඊළග වයසේ මම කුමක් සදහා සූදානම් විය යුතුද? යනාදී ලෙස යම්කිසි ඉලක්කයකට තමයි යන්න ඕන....

     ප්‍රේම සම්බන්ධකම් ගැන කථා කරද්දී අද තිබෙන්නේ බොහෝ දුරට සැහැල්ලු ප්‍රේමයක්.. ආසාවට කරනවා.. , හිතවත් කම් පෙන්වනවා.., අදුන ගන්නවා.., ඉන්පසු තරහා වෙනවා.., ඒක කොතරම් දුරට ගැඹුරට යනවාද කියනවානම් එක් ඇමරිකන් ලිපියක තිබුනා “මගේ ශරීරය පාවිච්චි කරන්න කාගෙන්වත් අහන්නේ මොකටද?” කියලා.. මගේ ශරීරය කවුරැ පාවිච්චි කළත් කමක් නැහැ කියන හැගීමකිනුයි එය පවසා තිබෙන්නේ... ඒ වගේම මේ දේවල් පසු කාලයේ අමතක කරන්න පුලුවන් යන හැගීමෙන් ලිංගිකත්වයට පෙළඹීම 80 දශකයේදී ඇමරිකාවේ බහුලව සිදුවුණා.... එය ඇමරිකන් රජයට විශාල අර්බුදයක් වුණා.. අද පවා ඇමරිකාවේ ළමා මවුවරැන්ගේ දරැවන් වෙනුවෙන් රජය විශාල මුදලක් වියදම් කරනවා... ඊට හේතු වුණේ සල්ලාලකමට තිබිණු පෙළඹවීමයි.. රාගික හැගීමී ඉස්මතුවීමේ අවසාන ප්‍රතිඵල එයයි.. ඒ නිසා ඒ කෙරේ යොමුවෙනවාද නැද්ද කියලා තමන් තීරණය කළ යුතුයි...!

      යහලුවනේ මගේ මේ අරමුණ වන්නේ ඔබ නොදැනුවත්ම ඔබ වැරදි දෙයට ඇදගෙන යන, වැරදි දේ පමණක් නිවැරදි දේ ලෙස ඔබේ මනසට කාවද්දන්නට සමාජයේ සිටින ඇතැමුන්ගෙන් ඔබ  වෙන්කර සාමාජයේ ඇත්ත ස්වරෑපය තේරැම් කර දී සැබෑ ජීවිතයක්, සොභාග්‍යමත් ජීවිතයක් ගතකරන රටවැසියන් බවට පත්කරලීමටයි.. මෙතෙක් කිසිවෙකු මෙලෙස ඔබ යහමගට ගන්නට උත්සාහ නොකර ඇති වුවත්,  කර ඇතිවුවත් බ්ලොග් අඩවියකින් කිසිදා නොකළ දෙයක් මම ඔබ වෙනුවෙන් කරන්නට කැපවෙමි..

ගිහාන් කෂ්ණුක

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

2 comments:

  1. Niyama Adahas Tika Sarawath Samajayak Godanaganna Atha Denna Onbata pin

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..