Jun 8, 2012

ආදරේ කරනවා නම් මේ කරැණු ගැනත් හිතන්න....


‍‍‍‍      "Sandriesoft අඩවියට පිවිසෙන ඔබට ගුණාත්මක යමක් අපි නිතරම ලබාදෙන්නට කැපවන්නේ , බොහෝ දෙනෙක් කථා නොකරන දේ අප ඔබට ලබාදෙන්නේමෙය තවත් එක් බ්ලොග් අඩවියක් පමණක්ම නොවේ. යන සංකල්පයෙනි.." ඉතින් අද පටන් ජීවිතයට වැදගත් දේ පිළිබදවත්, තාක්ෂණික ලිපිවලට අමතරව මම පළකිරීමටයි සූදානම් වන්නේ... ඒ අනුව ‘Love’ යන මාතෘකාව යටතේ වටිනා හරබර ලිපි මාලාවක් පළකිරීමටයි බලාපොරොත්තුවන්නේ... මේ ලිපි මාලාව ලියවෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යය ධනාත්මක චින්තන ලේඛක හා දේශක දයා රෝහණ අතුකෝරාල මහත්මා සමග කළ සාකච්ඡාවන් කිහිපයක් ඇසුරින් සකස් කළ ලිපි මාලාවක් ඇසුරින් බව කරැණාවෙන් සිහිපත් කරමි... 2012/06/07"

      ආදරය කියන එක ඉතාම උතුම් ජීවිතයට වටිනා ක්ෂේත්‍රයක් ලෙස තමයි සාමාන්‍යයෙන් වර්තමාන මනෝ විද්‍යාවේදීන් පිළිගන්නේ - එයට අපි විශ්ව ආදරය කියලා කියනවා.. දරැවන් දෙමව්පියන්ට ආදරය කරනවා වගේම ස්වාමි පුරැෂයා  භාර්යාවට ආදරය කිරීම ආදි හැම දෙයක්ම ආදරයේ වටිනා ප්‍රභේද, ආදරය කියන එක සිත්වල පවතින දෙයක්... එය සිතින් සිතට ශක්තිමත් වන දෙයක්.. මිනිසුන්ගේ සිත්වල තිබෙන සම්බන්ධතාවයේ බද්ධවීමක් තමයි ශාරීරික සබදතාවන්...

      ආදරය කොටස් දෙකක් තිබෙනවා.. එකක් තමයි මානසික බන්ධනය, අනෙක තමයි ශාරීරික බන්ධනය.. මේ දෙකම ආදරයේදී එකිනෙකට අනුකූළයි.. මානසික බැදීම් වැඩි අයගේ ශාරීරික බැදීමක් ඒ හා සමානව තිබෙනවා.. ඒ එකක් හෝ අඩුවුණාම එතන ගැටලුවක් ඇති වෙනවා.. හුදෙක් ශාරීරික බැදීමකට පමණක් නම් මුල් තැන දීලා තිබෙන්නේ සමහර විට එම පුද්ගලයාගේ මානසික බැදීම් අඩුවන්න ටික කාලයක් යනවිට එය නීරස කර්තව්‍යයක් බවට පත්වෙනවා..  මානසික බැදීම පමණක් තිබිලා  ශාරීරික බැදීම නැතිනම් එතන කායික අවශ්‍යතා ඉෂ්ඨවන්නේ  නැතිව යනවා... එසේ වූවිට ආපසු ආදරය පිළිබද ගැටලු යම් නීරස තත්ත්වයන් ඇතිවෙනවා...

      ඒ නිසා හොදම දේ තමයි ආදරය කියන එක මුලදී බොහෝ දුරට මානසික බැදීමක ප්‍රථිඵලයක් වෙන්න ඕනේ.. එවැනි ආදරයක් තිබෙනවා නම් එතනදි යොවුන්වියේ ආදරය ඉතාමත් හොදවන්නට පුලුවන්.. රාගික හැගීමකට පමණක් ක්‍රියාත්මක වනවා නම් එතැන ආදරය අහිතකර වන්නට පුලුවන්... ආදරය කියන එක වරදක් නොවෙයි.. එය වරදක් වන්නේ කරන්නේ කෙසේද යන්න අනුවයි.. ආදරය කියන එක බෙහොම හොද හිතවත් සම්බන්ධතාවයක්, මිත්‍රශීලීකමක්, අන්‍යෝන්‍ය බැදීමක්, අන්‍යෝන්‍ය උදව් කරගැනීමක් වැනි ආදරයේ එක් එක් ලක්ෂණ තිබිය යුතුය.. එහි අවසානය එනම් සමාජ සම්මතයන්ට ඊළගට යොමුවිය යුතු වෙනවා..


      සමාජ සම්මතයට අනුව සමාජය පිළිගන්නා ආදරය හා සමාජය පිළිනොගන්නා ආදරය හා සම්බන්ධවුණු බුද්ධියක් තිබෙනවා.. බුද්ධිමත් ආදරය කියන්නේ එකක් බුද්ධිමත් නොවන ආදරය කියන්නේ තව එකක්... බුද්ධිමත් ආදරයේදී  බුද්ධිමය ක්‍රියාවලීන් නිසා තව තවත් පුද්ගලයාගේ දියුණුවට උදව් වනවා.. බුද්ධිමය නොවන ක්‍රියාවලීන් නිසා ආදරයේදී එය පුද්ගලයාගේ පර්හානියට බලපානවා...
      ඒ වගේම ආදරය සමාජ හැසිරීම අනුව වෙනස් වෙනවා.. ආදරයේ තිබෙනවා ඉහළ සමාජ හැසිරීමක් සහ පහළ සමාජ හැසිරීමක්... මිනිසා කියන්නේ සමාජ සත්ත්වයෙක් සහ බුද්ධිමය සත්ත්වයෙක්... බුද්ධිමය සත්ත්වයෙක් නිසා ඒ බුද්ධිමය හැසිරීම ප්‍රේම සම්බන්ධතාවයකදී පෙන්වන්නට ඕන... සතුන් ලිංගික සම්බන්ධයකදී පවතිවන ආකාරය ඒකාකාරීයි.. කළින් තීන්දු වෙලා තිබෙන පරිදි මද කිපෙන කාලයක් හා නැති කාලයක්  තිබෙනවා..

      මිනිසා එසේ නොවේ.. මිනිසා සතුන්ගෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙතනදී.. මිනිසාට මෙන්ම සතුන්ට ආහාර, නින්ද, මෛථුන්‍ය මේ තුන පොදුයි.. සත්තු මේ සියල්ල පවත්වන ආකාරයයි, මිනිසා මේ සියල්ල පවත්වන ආකාරයයි අනුව තමයි බුද්ධියේ වෙනස පේන්නේ... මිනිසාට තම ලිංගික කර්තව්‍යයන්ට අවශ්‍ය කාලයක් නෑ.. මද කිපෙන කාලයක් කියා නැහැ.. මිනිසාට ඒක අවශ්‍ය වේලාවට හසුරවා ගැනීමට බුද්ධිය ඉඩ දීලා තිබෙනවා.. එවිට තමන් කැමති වෙලාවක තමන් කැමති විදියකට ලිංගික සම්බන්ධතාවයන් පවත්වන්නටත්, අත්හදා බලන්නටත් පුලුවන්.. නමුත් සතුන්ට තිබෙන්නේ එකම ක්‍රම ශිල්පයයි... මිනිසාට ආදරය විවිධාකාර විදියට පවත්වාගෙන යාමට පහසුකම් සියල්ල  සොබාදහමෙන් සකස් කර දී තිබෙනවා... එය බුද්ධිමය ආකාරයට හසුරවා ගත්තු කෙනෙකු මත තමයි මේ සියල්ල රදා පවතින්නේ..

      සම්බන්ධතාවයන් පවත්වන්නේ කා සමගද කොතරම් කාලයක් සම්බන්ධතාව පවත්වාගෙන යනවා ද, කුමන කාලයේදී සම්බන්ධතාවය පවත්වනාවාද? කුමන කාලයේදී එය නොපවත්වාගෙන ඉන්නවාද යනාධිය තමයි බුද්ධිමය ආදරය රැදිලා තියෙන්නේ... අවු : 12,13 දී ආදර සම්බන්ධතා පවත්වනවාද? අවු : 20,25 දී ආදර සම්බන්ධතා පවත්වනවාද? ආපසු මෙය තීන්දු වනවා සමාජ සාධකත් සමග... සමහර සමාජවල ආදරය පැවැත්වීමට ළමා වයසේදීම පුලුවන්වෙනවා...

      ඇමරිකාව කැනඩාව වගේ  රටවල ආදරය දක්වන සහ ලිංගික සම්බන්ධතා පවත්වන ආකාරයට වඩා ලංකාවේ ඒක වෙනස් අර්ථයක් ගන්නවා... අපේ සංස්කෘතිය තුළ ඒ දේවල් අනුමත කරන්නේ නැහැ... සංස්කෘතිය තුළින් ප්‍රතික්ෂේප වෙනකොට ඊට අනුකූළව ආදරය දක්වන ආකාරය වෙනස් වෙන්න ඕන... පොදුවේ කිවයුතු වන්නේ , ආදරය කියන එක අවශ්‍ය දෙයක් එය පවත්වන ආකාරය අපට තිබෙන සමාජ සම්මතයන්, සංස්කෘතිය, නීතිරීති, බුද්ධිමය හැසිරීම් සියල්ල පදනම් කරගෙන බලන්න ඕන  මගේ මේ හැසිරීම කොතෙක් දුරට අනුමත කරන එකක් ද නොකරන එකක් ද කියලා... අනුමත කරන එකක් නම් එය අගේ කරනවා... නොකරන එකක් නම් එහිදී ගැටලු මතු වෙනවා... අනුමත නොකරනවා නම් ගුරුවරු , දෙමව්පියන් ජන සමාජය ඊට විරැද්ධ වෙනවා... ඊළගට ආදරය පවත්වන ආකාරය පිළිබදව දෝෂාරෝපන තිබෙනවා.. මේ සියල්ල ඉන්පසු වැරදිකරැවෝ වෙනවා...

      මේ අනුව තරැණ තෙනෙක් ආදරය කරනවිට  බලන්න ඕන සියලු දෙනාගේ කැමැත්ත දිනාගෙන, තමනුත් තෘප්තිමත් වෙලා  ආදරය කරන දෙන්නාම ඉන් සතුටු වෙලා කුමන මට්ටමකින් මෙය කරගෙන යන්න ඕනද කියලා... සැබෑ ආදරයකදී පිරිමියා සහ ගැහැණිය දෙන්නාම ආදරය නිමවන විට තෘප්තියෙන් ඉන්න ඕන.. ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් දෙන්නාම ඉන් සතුටුවන්න ඕන.. ඒක විවාහ වෙලා පවත්වනවාද නැද්ද යන්න නෙවෙයි මෙතනදි අදාළවන්නේ... ඉන් දෙදෙනාම තෘප්තිමත් වෙනවාද නැද්ද කියන එකයි..

      එක්කෙනෙක් බලහත්කාරයෙන්, තමන්ගේ බලය පාවිච්චිකරලා අනිත් කෙනාගේ කැමැත්තෙන් තෘප්තියත් නැතිව ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් ඒක වැරදියි.. ලිංගික සම්බන්ධතාවයකදී ඉන් දෙදෙනාම සතුටුවන්නට ඕන.. ඒ තර්කය අනුව විවාහ වුනාද නොවුනාද කියන එක වුනත් වැදගත්වන්නේ දෙදෙනා තෘප්තිමත් වෙනවා නම් තමයි... දෙන්නෙක් අතර ලිංගික සම්බන්ධතාවයදී දෙන්නා විවාහ වෙනවාද නැද්ද කියන එක තීන්දු වෙනවා.. දෙදෙනාගේ අවශ්‍යතාවය හා කැමැත්ත අනුව ඒ දේ අනුමත කිරීමක් නොව සැබෑ ආදරය පවත්වාගෙන යද්දී වලංගුවන සංසිද්ධිය තමයි එය...



      එක්කෙනෙකුට ආශාව තිබෙනවා, අනෙකාට ආශාව නැතිව දූෂණය කරන විට, බලහත්කාරකමින් ලිංගිකසම්බන්ධතා පැවැත්වූවාට එතැන ආදරයක් ඇතිවන්නේ නැහැ... එතැනදි දෙන්නාම ගැලපෙන්න ඕන...  දෙන්නම කැමතිවෙන්න ඕන.. එහි පසු ප්‍රථිඵලවලටත් දෙන්නා කැමතිවෙන්න ඕන.. පසු ප්‍රථිඵලවලටත් දෙන්නා අසතුටුවෙනවා නම් ස්වාමි පුරැෂයා ඉන්පසු අතහැර යනවා නම් නැතිනම් කන්‍යාභාවය පිළිබද ප්‍රශ්නයක් නම් දරැවන් ලැබෙන එක ප්‍රශ්නයක් නම් එතැන ආදරයක් පවතින්නේ නැහැ.. ආදරය කියන එක මුලදි - මැදදි - අගදි අවස්ථා තුනේදිම මේ තුළින් මොනතරම්  තෘප්තිමත් වෙනවාද කියන එක තමයි.. එහෙම සිතුවහොත් ආදරය ගැන සිතන විට මීට වඩා තමන්ට සීමාවක් පනවා ගන්න පුලුවන්... කළයුතු දේ සහ නොකළ යුතු දේ ගැන..

      බුදු හාමුදුරැවෝ දේශනා කර තිබෙනවා ඕනෑම ප්‍රශ්නයක් දිහා පැති තුනකින් බලන්න කියලා.. ඒක තමන්ගේ හෘද ශාක්ෂියට එකගද ? එසේ එකග නම් ලෝක නීතියට එකගද බලන්න  ඕන... හෘද ශාක්ෂියට එකග වුනත් ලෝක නීතියට එකග නොවන්නට පුලුවන්.. එවිට එය හානිකරයි.. අනෙක තමයි ධර්මයට එකගද?  බලන්න ඕන... එවිට ධර්මානුකූළව  මේ සම්බන්ධතාව පවතින්න පුලුවන්ද? බැරිද? යන ප්‍රශ්න තුනටම  වරදක් නොවනවා නම් ඒ ආදරය පවත්වාගෙන යාමේ ක්‍රම ශිල්පය වරදක් වන්නේ නෑ...

      මේ තුනෙන් එකක් හරි කැඩෙනවා නම් එතැන කුමන හෝ පරස්පරයක් තිබෙනවා..  එවිට එයට සම්බන්ධවන පුද්ගලයාට ගැටලුවක් වෙනවා.. සමාජයට ගැටලුවක් වෙනවා...  සමාජයට යහතින් පවතින්න නම් හොදම දේ තමයි මේ නීති තුන හොදින් සිතේ තබාගැනීම... මම කරන වැඩේ හෘද ශාක්ෂියට එකගද ?, එසේ එකග වුනාට ලෝක නීතියට එකගද? , ලෝක නීතියට එකගවුණිට ධර්මයට එකගද? කියා පැති තුනකින් බැලූවිට උත්තරයක් ‍සොයාගන්න පුලුවන් වෙනවා..


      අපට සෑම හැසිරීමකටම මිම්මක් තියාගන්න ඕන.. ඒ මිම්ම අනුව බලන්න පුලුවන් තමන්ගේ මේ හැසිරීම අනුමත කරනවාද නැද්ද කියලා... හොදද නරකද කියලා.. තමන්ම තමන්ට මිම්මක් තබාගන්න ඕන. වෙන කවුරැත් මිම්ම හදන්න ඕන නැහැ.. මහපාරේ යද්දී  තමන්ගේ හැසිරීම ලොක නීතියට එකගද ? නැද්ද? සමහර වෙලාවට ප්‍රංශය කියන රටේ දෙයක් ලංකාවේ දී වැරදි වෙන් පුලුවන්.. ප්‍රංශයේදී සාමාණ්‍යයෙන් වයස අවු : 15,16,17 පමණ ළමයෙක් අන්‍යෝන්‍ය කැමැත්තෙන් ලිංගික සබදතා පැවැත්වූවාට එය අනුමතයි.. නමුත් මෙහේ එය අනුමත කරන්නේ නැහැ.. ඒ නිසයි ලෝක නීතියට එකගද ? බලන්න කිව්වේ..  එය සංස්කෘතිය අනුව , චාරිත්‍ර වාරිත්‍රවලට අනුව හා බුද්ධියට අනුව බලන්න ඕන.. තරැණ වයසේ පමණක් නොව  වැඩිහිටි වයසේ වුව ප්‍රේමය හා ආදරය සම්බන්ධව බලන්න එීන මානසිකව හා ශාරීරිකව යන දෙකෙන්ම තෘප්තිමත්කර තත්ත්වයකට එන්න නම් එය අනුමත වෙනවා.. එසේ තෘප්තිකර නොවේ නම් ඒක අනුමත නොවන එකක්... ඒක තමය් මෙතනදී ගන්න තිබෙන්නේ...

      යහලුවනේ මගේ මේ අරමුණ වන්නේ ඔබ නොදැනුවත්ම ඔබ වැරදි දෙයට ඇදගෙන යන, වැරදි දේ පමණක් නිවැරදි දේ ලෙස ඔබේ මනසට කාවද්දන්නට සමාජයේ සිටින ඇතැමුන්ගෙන් ඔබ  වෙන්කර සාමාජයේ ඇත්ත ස්වරෑපය තේරැම් කර දී සැබෑ ජීවිතයක්, සොභාග්‍යමත් ජීවිතයක් ගතකරන රටවැසියන් බවට පත්කරලීමටයි.. මෙතෙක් කිසිවෙකු මෙලෙස ඔබ යහමගට ගන්නට උත්සාහ නොකර ඇති වුවත්,  කර ඇතිවුවත් බ්ලොග් අඩවියකින් කිසිදා නොකළ දෙයක් මම ඔබ වෙනුවෙන් කරන්නට කැපවෙමි..

ගිහාන් කෂ්ණුක

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



6 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..