Jun 2, 2012

ScoBell - පාසල් කාලකලමණාකාර මෘදුකාංගය

      ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට වැදගත්වන මෘදුකාංගයක් අරන් ආවා... මේ මෘදුකාංගය ගොඩක්ම වැදගත් වෙන්නේ ඔබ තවමත් පාසල් ශිෂ්‍යයෙක් නම් තමා... මොකද මම අද අරගෙන ආවේ පාසල් යන අපේ නංගිලා, මල්ලිලාට විශේෂ දෙයක්...

      මොකක් ද මේ Sandriesoft ScoBell කියන්නේ...? Sandriesoft ScoBell කියන්නේ...? ඔයාලගේ පාසලේ කාල කළමණාකරණය කරගන්න පුලුවන් වෙන විදිහට නිර්මාණය කළ මෘදුකාංගයක්... ඔලුවට අදහස ඇවිත් ගොඩක් කල් වුනත් මම මේ මෘදුකාංගය හැදුවේ අපේ පාඨකයෙකුගේ ඉල්ලීමකට අනුව... මේ මෘදුකාංගය දවසක් වැනි පොඩි කාලයෙකින්ම නැතිනම් මෘදුකාංගය ඉල්ලලා පැය 24ක් යන්නත් කළින් මට මේ ‍මෘදුකාංගය එයාට ලබාදෙන්න පුලුවන් වුනා...

      මම මේ මෘදුකාංගය නිර්මාණය කරන්න කලින් මෙවැනි මෘදුකාංගයක් තිබේදැයි අන්තර්ජාලයෙන් සෙවීමකට ලක්කළා... ඒත් මට එවැනි මෘදුකාංගයක් සොයාගැනීමට හැකිවුනේ නැහැ.. ඉතින් ඔයාලා කොපමණ හෙව්වත් හම්බවෙන්නේ නැති නිසා මම ඔයාලට කට්ටක් නොකා බාගත කරගන්න මේ මෘදුකාංගය ඔයාලාට දෙන්නේ නිහතමානී ආඩම්බරයකින්...







      ඉතින් යාලුවනේ පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලාගේ පාසලේ බහු මාධ්‍ය ඒකකයේ ශිෂ්‍යාව හෝ ශිෂ්‍යයාව හැම දවසකම ඔබ වෙනුවෙන් මහන්සි වෙන තරම... එයා ඔයා ඇතුලු මුලු පාසලේම ළමයින් වෙනුවෙන් විශාල මහන්සියක් අරන් කටයුතු කරන බව ඔබ මදකට හෝ සිතුවාද? ඉතින් යාලුවනේ අපි එයාලට දෙන උදව්වක් විදිහට  මෙම මෘදුකාංගය ලබාදුන්නොත් එයා කොච්චර සතුටුවේවිද...? ඔබව පාසලේදී ඇගයීමකට පත්කිරීමක් වුවද සිදුවිය හැකිය... මම වැඩි විස්තරයක් නොකරම බාගතකිරීමේ ලින්ක් එක දෙන්නම්...

      ආහ්... මතක තියාගන්න..., මම මේ මෘදුකාංගය හැදුවේ ඔයාලට ඒකේ වෙනස්කම් සිදුකරලා පාසලට අනුව හදාගන්න පුලුවන් වෙන්න... ඉතින් මම ඒකට අවශ්‍යවන නාදරටා ඔයාටම තෝරගන්න පුලුවන් වෙන්න විදිහට සිංහල භාෂාවෙන්ම මෙය නිර්මාණය කළා... එහෙනම් මෘදුකාංගය භාවිතා කරලම බලන්නකෝ...







Download : ScoBell

      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


20 comments:

  1. Please try to modify this software in order to change the times on Tuesdays when the morning assembly is held or on Fridays when Literary associations are held, short periods ( a 35 minutes periods) have to be scheduled. Please contact me over e-mail

    ReplyDelete
    Replies
    1. Laksiri : That's good idea.. i'll do it bro.. thanks for ur idea... New version will be release in this month!

      Delete
  2. මමත් මේ වගේම එකක් develop කරා ලඟදි... අද තමයි මම ඔයාගේ එක දැක්කේ... ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.... about එකේ school කියන එකට වැරදිලා type වෙලා තියෙන්නේ schook කියල... ඒක හදන්න..... සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. හොදයි..! බොහොම ස්තූතියි...!!
      ඔබටත් එසේම වේවා....!!!

      Delete
  3. මමත් ලඟදි මේ වගේ එකක් නිර්මාණය කරා අපේ ගමේ පාසලට....අද තමයි මේක දැක්කේ.. ලස්සනට නිර්මාණය කරලා තියෙනවා....about එකේ school කියන එක වෙනුවට වැරදිලා ලියල තියෙන්නේ schook කියල....ඒක හදන්න... සුභ අනාගතයක්...

    ReplyDelete
  4. ඇත්තටම හොද software එකක්.

    ReplyDelete
  5. oyata thanx aiye mamath me wage software 1 hoya hoya hitiye

    ReplyDelete
  6. aththatama godak hoda software 1 oyata thanx aiye ,mamath me wage 1 hoya hoya hitiye ayemath oyata sthuthy

    ReplyDelete
  7. elaz aiye math me wage eka goda dawsaka idan hoyanawa. hariyana ekakwth ne. mmeka godak hoda soft ekak

    ReplyDelete
  8. yaluwane me software eka dan download karaganna behe ne.... help karanawanam godak thnx

    ReplyDelete
  9. sandriesoft pls help me (sanjeewanuwan@gmail.com)

    ReplyDelete
  10. ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. අලුත් සංස්කරණයක් ඉක්මනින්ම ලබාදෙන්නම්.

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..