Jun 29, 2012

කරදරකාරී ඇමතුම්වලට සදාකාලික විසදුමක්..!!!

      ඔබ පිරිමි පාර්ශවයේ හෝ ගැහැණු පාර්ශවයේ කවුරැ වුනත් ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙන අයගෙන් බේරෙන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලව දැනුවත් කරන්න හිතන් හිටියේ.. ඔබට එවැනි කරදරකාරී ඇමතුම් එක දිගට ලැබෙන්නට ගත්තොත් ඔබ මොකද කරන්නේ..? Blacklist කරනවාද?  බොහොමයක්  Blacklist  කරන මෘදුකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස. එම කාලය නිම උනාම එයට මුදල් දී තමා එය නැවත සක්‍රිය කරගන්න අවශ්‍ය වෙනවා.. ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ...






මේකයි ක්‍රමය :
  • මුලින්ම http://www.mcleaner.com වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මෘදුකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න...
  • දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන Install කරගන්න..
  • දැන් එක  Install  වුණාටපසුව  මෘදුකාංගය විවෘත කරගන්න...
  • 15 day trial කියලා වැටුනට බය වෙන්න එපා. එකේ trial කියන එක ඔබලා  මෘදුකාංගය  ඇතුලට යන්න..
  • ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න...
  • එත් අංකයක් ඉල්ලනවා... බය වෙන්න එපා.. එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න...
  • දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක Blacklist එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද (Calls), නැත්තම් කෙටි පණිවිඩද (SMS) නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න.
  • දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයි නම් නැවතත් Option ගිහින් Start Service කියන එක ඔබන්න.
  • ඊට පස්සේ ඔයාගේ මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාට...

පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.

  1. Nokia
  2. Motorola
  3. Sony Ericsson
  4. iPhone
  5. Samsung
  6. Siemens
  7. Panasonic
  8. LG
  9. Lenovo
  10. Ben Q
  11. Ari ma
     
      ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත. එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.

වැදගත් : ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය Java මෘදුකාංගයක් නොවන අතර, මෙය චීනයේ නිශ්පාදිත දුරකථන මාදිලි සදහා වලංගු නොවේ.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jun 28, 2012

Fit on room එකට යනවා නම් මේ ගැනත් හිතන්න.. ( ගෑණු ළමයින්ට පමණි! )

       Sinc NEWS තුළින් අද ඔයාලව විශේෂ කාරණාවක් පිළිබදව තමා දැනුවත් කරන්න යන්නේ.. මෙය ගොඩක් වැදගත් වන්නේ ගෑණු ළමයින්ටයි.. අපේ සාප්පු සවාරි යන ගෑණු ළමයින්ට ටිකක් නරක ආරංචියක් මුලින්ම කියන්න වෙන්නේ.. කෙටියෙන්ම කිව්වොත් ඔයාලා Fit on room එකට යනවා නම් මේ ගැනත් හිතන්නම වෙනවා... මේවන විටත් මම කියන්නට යන දේ ගැන යම් වැටහීමක් ඇවිත් ඇති කියලා මම හිතනවා.. එහෙනම් ලිපිය හොදින් කියවා බලා ලබා ගත් කරැණු ඔබේ යහලුවන්ටත් දන්වන්න...

 Pinhole Camera

      මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක්.. මේවා Fit on room තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඇතැමුන් ඒ දර්ශන වීඩියෝගත කරනවා...

     ඇත්තටම දැන් දැන් ඒ මේවා ශ්‍රී ලංකාවේත් සීඝ්‍රයෙන් පැතිරීගෙන යාමේ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්...



Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නේ කෙසේද?

      ඔබ Fit on room තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කර බලන්න... හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ..

      මේ කැමරා Fit on room තුළ මෙන්ම පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න...


2-way Mirrors



      Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් Fit on room තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2 -way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව සම්පූර්ණයෙන් පෙනෙන මුත් ඔබට ඔවුන් නොපෙනේ. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ අමුතුවෙන් කිවයුතු නැත...

2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නේ කෙසේද?








      ඔබ ඉදිරියේ ඇති කණ්නාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්නාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2 - way mirror එකක් බව සනාථ වේ.

      මේ පිළිබදව ඔබගේ යෙහෙලියන්ව ද දැනුවත් කර අනවශ්‍යය ගැටලු ඇතිවීම්වලින් බේරාගන්න..

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



නොමිලයේ Top Level Domain දෙනු ලැබේ...!

      ඔන්න යාලුවනේ ගොඩක් කල් වෙනකම් මමත් බලාගෙන හිටපු අවස්ථාවක් ඇවිත්.. අපේ යාලුවෝ ගොඩක් අය ගන්න කැමති දෙයක් නොමිලයේම ගන්න පුලුවන් ක්‍රමයක් මට හමුවුණා.. මොකක් ගැන ද මම දැන් ඔයාලට කියන්න යන්නේ?

      මම ඔයාලට කියන්න යන්නේ නොමිලයේම Top Level Domain එකක් ගන්න ක්‍රමයක් ගැනයි.. සමහරැ ඒ වුණාට Top Level Domain කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිවෙන්නට පුලුවන්.. Top Level Domain එකක් කියන්නේ .com / .net / .org ලෙසට අවසන් වන ආකාරයේ වෙබ් ලිපිනයන්වලටයි.. සාමාන්‍යයෙන් මෙවැනි Top Level Domain එකක් ලබාගැනීමට සැළකිය යුතු මුදලක් වැය වෙනවා.. බොහෝ දෙනෙක්ට Top Level Domain ක් ලබාගැනීමට ඇති ගැටලුව මෙයයි.. සාමාන්‍යයෙන් අප භාවිතා කරන Domain නාමයක් තමයි .tk. නමුත් Top Level Domain ක වටිනාකම එහි ඇත්තේ නැහැ..

      ඔබ Top Level Domain නාමයක් ලබාගැනීම වැදගත්වන එක් දෙයක් තමයි Google Adsense ලබාගැනීමට වීම. එපමණක් නොව එය ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට පැමිණෙන්නන්ටත් පහසුවක්..

      හොදයි මම දැන් නොමිලයේ Top Level Domain එකක් හෝ දෙකක් ලබාගැනීමේ ක්‍රමය ඔයාලට කියලා දෙන්නම්.. මේ සදහා පහත වෙබ් අඩවියේ Register වන්න..


      මෙහිදී ඔබට නොමිලයේ අවශ්‍ය Top Level Domain ගණන අනුව ඉදිරි පියවරයන් අනුගමනය කළ හැකිය.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jun 27, 2012

PaisaLive මගින් මුදල් උපයමු..!!

Internet එකේ money හොයන්න ක්‍රම වගයක් හොයද්දි මට නියම Site එකක් හම්බුනා. මේ  Site එකේ නම තමයි  PaisaLive. මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා. ඒ විතරක් නොවේ ඔයාල Account එකට Log වෙන හැම පාරක් පාසාම මෙම  Site  එකෙන් මුදල් ගෙවනවා. තවද ඔයාලගේ Refferel link එකෙන් කවුරු හරි Register වුනොත් ඔයාලට වැඩියෙන් මුදල් හොයන්න පුලුවන්. Register වීමට පහත link එක භාවිතා කරන්න.

      වැදගත් : ඔයාලට මේ site එකෙන් email read කරලා එම email එකේ තියන විදියට offer complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඒ සදහා ඔයාලගේ account එකට log වෙලා paisalive inbox කියන එක click කරන්න.ඉන්පසු inbox එකේ තියන email click කර emailඑකේ තියන විදියට offers complete කරන්න.

      Account Balance බැලීම සදහා 'My earnings' click කරන්න. මෙම site එකේ cashout limit එක Rs500 කි. ඔයාලගෙ  Account එකේ Rs. 500 හෝ ඊට වඩා තිබෙන විට check එකක් මගින් නිවසටම මුදල් ගෙන්න ගන්න පුලුවන්.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jun 26, 2012

ආදරේ බිදුනොත් මොකද කරන්නේ..?

‍‍‍‍      "Sandriesoft අඩවියට පිවිසෙන ඔබට ගුණාත්මක යමක් අපි නිතරම ලබාදෙන්නට කැපවන්නේ , බොහෝ දෙනෙක් කථා නොකරන දේ අප ඔබට ලබාදෙන්නේ ‘මෙය තවත් එක් බ්ලොග් අඩවියක් පමණක්ම නොවේ. යන සංකල්පයෙනි.." ඉතින් අද පටන් ජීවිතයට වැදගත් දේ පිළිබදවත්, තාක්ෂණික ලිපිවලය අමතරව මම පළකිරීමටයි සූදානම් වන්නේ... ඒ අනුව ‘Love’ යන මාතෘකාව යටතේ වටිනා හරබර ලිපි මාලාවක් පළකිරීමටයි බලාපොරොත්තුවන්නේ... මේ ලිපි මාලාව ලියවෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යය ධනාත්මක චින්තන ලේඛක හා දේශක දයා රෝහණ අතුකෝරාල මහත්මා සමග කළ සාකච්ඡාවන් කිහිපයක් ඇසුරින් සකස් කළ ලිපි මාලාවක් ඇසුරින් බව කරැණාවෙන් සිහිපත් කරමි... 2012/06/07"


      ආදරයෙන් පරාජය වුනාම සමහරැ සියදිවි නසාගන්නවා.. අපි ආදරය කරන්නේ තෘප්තිකරව ඉන්න, ජීවිතය සතුටින් පවත්වාගෙන යන්න.. මෙ සදහා නම් අපි ආදරය කරන්නේ අපේ මුල, මැද, අග හැම අවස්ථාවක්ම තෘප්තිකර බවක් තිබෙන්නට ඕන.. අපි කිසියම් කෙනෙකුට ආදරය පවත්වනකොට ඒ ආදරය පවත්වන පුද්ගලයා තුළ තිබෙන්නේ නැත්නම් ඇතිවන්නේ වෛරයක් නම් පීඩාවක් නම් එතැන ආදරය පිළිබද ගැටලුවක් තිබෙනවා.. තමක් තමන්ට මෙිනතරම් ආදරේද කියන එක මත තමයි මෙය රදාපවතින්නේ.. අපි යම් කෙනෙ‍කුට ආදරය කරනවා කියන්නේ ඉන් තමන් තෘප්තිකර වෙන්න ඕන.. එහෙම නැතිව අපි ආදරය කරලා ඉවරවෙලා අතෘප්තියට පත්වෙනවා නම් ඒක අපට හිතකර වෙන්නේ නැහැ..

      අනෙක් පැත්තෙන් අපේ ආශාවන් අපේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වේවි කියලා කාටවත් කියන්න බැහැ.. ආශාවන්, බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න පුලුවන්.. එසේ ඉෂ්ට නොවෙනවා නම් අපට මානසික ශක්තියක් තියෙන්න ඕන ඒ ආශාවන්, බලාපොරොත්තු ඉෂ්ට නොවුනට මම ජීවත් වෙන්නට ඕන කියන ආකල්පය ඇතිකරගන්න...

      සාමාන්‍යයෙන් මිනිස් මානසික ලක්ෂණයක් තමයි  යෞවන වයසේදී චිත්තවේග වර්ධනය සිදුවන්නේ බොහොම සෙමින්.. ශාරීරික වර්ධනය හා බුද්ධිමය වර්ධනය වේගයෙන් සිදුවන නමුත් චිත්ත වේග වර්ධනය සිදුවන්නේ අඩුවෙන්.. එවිට ඉක්මන් කේන්තිය, තරහව ඇතිවෙනවා.. ක්ෂණීක තීරණ ගන්නවා..  ඒවා සියල්ල තරැණ වයසේ අයට ඇතිවිය හැකි ලක්ෂණ  කියලා  කළින් දැනුවත් වන්නට ඕන.. එවිට කිසියම් ප්‍රශ්නයක් ආවාම ක්ෂණීක තීරණයක් අරගෙන වස බොන්න, පුච්ච ගන්න පුලුවන්.. ඊට විනාඩි ගණනකට පසුව එයාටම තේරැම්යනවා තමන් කළේ වරදක් බව.., නමුත් එය ආපස්සට අදිනන බැහැ...

      ඒ නිසා නිරන්තරයෙන් ආවේග බහුල වයසේදී ඒ ආවේගවලට එක පාරටම ක්‍රියාත්මක වුනොත්  බොහෝ දුරට විනාශයක් කරා යනවා.. එය හැමදෙයකදීම පොදුයි.. තරැණ පිරිස් රාගික ආවේග පවා එක පාරට ක්‍රියාත්මක කරන්නට තිබෙන නම්‍යතාවය වැඩියි.. එතකොට දෙදෙනෙක් මුණගැසුනම ක්ෂණීකව කෙටිකාලයක් තුළ ප්‍රවේගශීලීව ලිංගික කර්තව්‍යයේ යෙදෙන්න පුලුවන්.. එය පසුව බලන විට අහිතකරයි.. නමුත් ඒ හැම අවස්ථාවේදීම ඔවුනට එය අහිතකර බව වැටහෙන්නේ නැහැ.. කේන්ති ගියාමත් එහෙමයි.. කෙනෙ‍කුට බනින විට, දොස් කියනවිට ආවේගශීලීව යම් යම් දේ කියනවා.. මොහොතකින් දැනගන්නවා එය වැරදියි කියලා.. නමුත් ආවේගශීලීව ක්‍රියාත්මක වීම තරැණ වයසේ සාමාන්‍ය ලක්ෂණයක්.. ඒනිසා එවැනි අවස්ථා මගහරින්න තරැණ පිරිස් දැනගෙන ඉන්නට ඕන.. එවැනි අවස්ථාවන් ඇතිවුණාම ඇතිවන ප්‍රතිවිපාක දන්න නිසා එවැනි අවස්ථාවලට සම්බන්ධ නොවී ඉන්න.. පොදුවේ අපි සෙනග ගැවසෙන තැන්වලදී මුණ ගැහිලා කථාබහ කරලා වෙන් වෙනවා..  සමහර වේලාවට අපි තනියම මුණ ගැහුණොත් එයින් ගැටලුවක් ඇතිවන්නට තිබෙන ඉඩකඩ වැඩියි...


      ඒවගේ ආවේගශීලී අවස්ථා බුද්ධිමය වශයෙන් කල්පනා කර හැසිරීම තමන්ට පාලනය කරගන්න බැරිවෙන්නට පුලුවන්.. එතනදී කල් ඇතිව තීන්දු කරගන්න ඕන මේ ජීවිතය මට අයිතියි.. මා විසින් මාගේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕන.. ඒ සදහා මාගේ ජීවිතය යම්කිසි ක්‍රමාණුකූළ රටාවකට හැඩගස්සවා ගන්නට ඕන.. එසේ කල්පනා කළොත් විතරයි ජීවිතයේ වටිනාකම කෙනෙක්ට තේරෙන්නේ.. වටිනාකම තේරැම් ගියේ  නැතිනම් සිදුවන්නේ හැගීම්වලට වහල්වෙලා ජීවිතය විනාශ කරගන්න එකයි..

      සියදිවි නසාගැනීම කියන්නේ තමන්ගේ ජීවිතයටවත් තමන් ආදරය නැහැ කියන එකයි.. එතැනදී  රැවටිල්ලකට අසුවෙනවා..  වෙන තෙනෙකේ මට ආදරේ නැති වුණාම හිතනවා තමන්ගේ වටිනාකම හොදටම අඩුවෙලා කියලා.. එහෙම වුණාම කල්පනා කරනවා තමන් වටිනා පුද්ගලයෙක් නොවේය කියලා.. එතනදී තමන්ට සිදුවන්නේ පාඩුවක් නිසා තමයි තමන් මේ විදියේ වැරදි චර්යාවකට පෙළ‍ඹෙන්නේ.. ඒකෙන් තමන්ට වාසියක් ඇතිවෙන්නේ නැහැ.. අවසාන වශයෙන් බැලුවාම තමන් තමන් විසින්ම පීඩනයකට ලක්වෙලා තිබෙනවා.. මේ විදියට තමා  විසින් තමාවම පීඩනයකට ලක්කරගැනීමට ප්‍රධාන හේතුව තමයි කුඩා කාලයේ සිටම තමන්ගේ තරහව, කෝපය වගේ දේවල් පාලනය කරගන්න ඉගෙන නොගැනීම.. පුංචි කාලේ පටන් හැමදේකටම පොරකන, හැමදේම ඉල්ලන, හැමදේටම රණ්ඩු කරන  ළමයි එවැනි සිද්ධිවලදී ක්ෂණික තීරණයක් ගන්න පුලුවන්...

      මේ නිසා කුඩාකළ සිටම අපි පුරැදුවන්නට ඹ්න තරහා වගේ දේවල් සමනය කරගන්න. එසේ පුරැදු පුහුණු වුණොත් විතරයි එයාට පසු කාලයකදී ගැටලුවකට මුහුණ දෙන්නට පුලුවන් වෙන්නේ.. අනෙක් කරැණ තමයි බොහෝවිට තමන් දෙවැනි වෙනවා, තමන් පරාජය වෙලා, තමන් නිවට වෙලා වැනි හැගීම්... මෙය තමන් තමන් පිළිබද අභිමාණය බිදීයාමක්.. එය එක හේතුවක් තමයි සියදිවි නසාගනනට... එවිට ආදරය අහිමිවීම පමණක් නොව තමන්ට තිබෙන ඉච්ඡෘභංගත්වය, බලාපොරොත්තු කඩවීම, ආදරය බිදීයාම, මේ අනුව ඉච්ඡෘභංගත්වයත් බලපානවා සියදිවි නසාගන්නට...

      සියදිවි නසාගන්නේ බොහෝවට ක්ෂණිකව.. වහාම මෙය නවතා ගන්න නම් කරන්නට තිබෙන දෙයක් තමයි අවස්ථා කල්දැමීම...  අද ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ සොයන එක දින 2-3 කට කල් දැමීම.. ක්ෂණික තීන්දුවක් නොගෙන ඉන්නවා.. නැතිනම් ඒ ගැන දන්න කෙනෙක් සමග සාක්ච්ඡා කරනවා.., විවිධ විසදුම් කල්පනා කිරීම.. තමන්ගේ ආවේගය එකවර ගලාගෙන ගියොත් සම්පූර්ණයෙන්ම පහල ප්‍රදේශ විනාශ වෙලා යන්න පුලුවන්.. හැබැයි ආදරය යම්කිසි ආකාරයකට බෙදිලා යන්න සැළැස්සුවා නම් ඉන් මුලු ප්‍රදේශයම සරැසාර කරගන්න පුලුවන්.. ආදරේ දෝරේ ගලලා ගිහින් තමන්ගේ ජීවිතය විනාශ කරගෙන යන්න පුලුවන්.. එය නිර්මාණාත්මකව හැසිරැවහොත් හොද කෙටිකථා, නවකථා වගේ දේවල් හරහා යන්නත් පුලුවන්..
      ආදරයෙන් පැරදුණු, පීඩා විදපු බොහෝ බුද්ධිමත් අය ඒ ආදරය සිය නිර්මාණ කෘති හරහා යවලා තිබෙනවා..  හොද නිර්මාණ හැම එකක් පිටුපස ආදරය බිදීයාමක් තිබෙනවා.. ටෝල්ස්ටෝයිගේ බැලුවත්, ගෝර්කිගේ බැලුවත් ප්‍රධාන චරිත හැම එකකම ආදරය නොලැබීයාමේ ගැටලුවක් තිබෙනවා.. ඒ අය බුද්ධිමත් ආකාරයට හෙලිදරව් කරනවා.. අනිත් අය එයට පිහියෙන් ඇණගන්නවා.. එය හෙලිදරව්වන්නේ බුද්ධිමත් භාවය අනුවයි..

    ඒ අනුව බැලුවම ලෝකේ ඉන්න ලෝකේ ඉන්න හොදම නිර්මාණකරැවන්, හොදම රජවරැන්, හොසම ශක්තීන් සියල්ලට ලිංගික ජීවිතයේ සාර්ථකත්වය බලපානවා.. ලිංගිකව බෙලහීනයි කියන්නේ හැස අතින්ම බෙලහීනයි කියන එකයි... ලිංගිකව ශක්තිමත්වීම හැම අතින්ම  ලිංගිකව ශක්තිමත්වීම හැම අතින්ම ශක්තිමත්වීමට උදව්කරනවා.. හොදම නිර්මාණකරැවන්, හොදම අලෙවිකරැවන්, හොදම රජවරැන් මේ  හැමෝම ලිංගික පැත්තෙන්බොහොම ශක්තිමත්.. තවත් උදාහරණයක් ගත්විට තරැණ හරකුන්ගේ ලිංගික ශක්තිය මරාදමනවා.. එවිට හොද බර අදින ගොනුන් බවට පත්වෙනවා.. නමුත් ඊළගට ඔවුන් ළග තිබෙන මූලික ජවය අඩුවෙනවා.. එනම් ලිංගිකත්වය සමග බද්ධවුණු කායික හා මානසික අභිමානය (ජවය) එය අවම වූ විට තමන්ගේ නිවටකම, දුබලකම සේරම මතුවෙනවා..





      X-X කියන ජානයෙන් ගැහැණු ළමයි හැදෙනවා..  X-X-X  කියා අකුරැ 3ක් තිබෙන ජාන ති‍බෙනවා.. අහම්බෙන් එහෙම දරැවන් බිහිවෙලා තියනවා..  X-X-X කියන ගැහැණු දරැවන්ගේ ගැහැණුකම වැඩියි.. ඒ අයට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු වගේම  ලිංගිකව බොහෝ දුර්වලයි.. ඒ අයගේ මුලු ජීවිතයම නිවට, බයාදු, වහල් හැසිරීමක් තමයි පෙන්නුම් කරන්නේ.. ඒ අනුව ලිංගිකත්වය හා සමිබන්ධ උද්ධීපනය ඒ අයගේ චර්යාවෙන් පෙනෙනවා.. එහි පහත බැසීමක් චර්යාවෙන් පෙනෙනවා... මේවගේ උද්ධීපනය වැඩියි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා තමන්ගේ ශාරීරික අවශ්‍යතා සදහා කෙළින්ම භාවිතා කරනවා කියලා.. එවිට තමයි බුද්ධිය අවශ්‍යය... එය තමයි බුද්ධීයෙන් හසුරවන්න ඕන..

      ඒ වගේම  ඇමරිකාවේ වගේ සිරගෙවල්වල සිටින බහුතරයක් සිරකරැවන් හසුවී සිටින්නේ අපචාර ක්‍රියා සදහායි.. ඒ බොහෝ දෙනා හැඩි දැඩි, දක්ෂ පුද්ගලයින්.. මයිකල්, ක්වේන්, මයික්  ටයිසන්, ‍ටෙනිසන් වගේ අය ලිංගික පැත්තෙන් බොහෝම ශක්තිමත් .. ඒ වගේම වෙනත් ශක්තීනුත් තිබෙනවා.. ඒ වගේ අය දූෂණ, අපචාරවලට අසුවෙනවා.. සමහරවිට ඒ අයටම පාලනය කරගන්න බැරි ජවයක්.. ඒ ජවය පිටකරගන්නේ එවැනි අවස්ථාවලින්.. ඒ සදහා වෙන වෙන පියවරවල් තිබෙනවා ගන්න..


      ලිංගිකත්වය හා සම්බන්ධ ආදරය කියන එක සියදිවි නසාගැනීම දක්වා යන්න පුලුවන්.. එය හොද පැත්තට හැරිලා යනවා  නම් ඉතාම හොද නිර්මාණ ලෝකෙට බිහිවෙන්නත් පුලුවන්.. මේ නිසා සියදිවි නසාගැනීම කියන එක කොයි අතකින් බැලුවත් තමන්ම පරාජය වීමක්... මේ කොයි ආකාරයට කිව්වත් බොහෝ අයට නිසි මගපෙන්වීමක් ලැබුනේ නැත්නම් සහායකයකු පිටුපස සිටියේ නැතිනම් මානසිකව යම්කිසි භීතිකාවක් ඇතිවෙලා තමන්ට තමන් නොවටිනා කෙනෙක් කියා අදහස ඇතිවෙනවා.. ඒ ආකල්පය ඇති වුණාම තමන්ගේ ජීවිත අසාර්ථකත්වයට පත්කර ගන්නවා...



      යහලුවනේ මගේ මේ අරමුණ වන්නේ ඔබ නොදැනුවත්ම ඔබ වැරදි දෙයට ඇදගෙන යන, වැරදි දේ පමණක් නිවැරදි දේ ලෙස ඔබේ මනසට කාවද්දන්නට සමාජයේ සිටින ඇතැමුන්ගෙන් ඔබ  වෙන්කර සාමාජයේ ඇත්ත ස්වරෑපය තේරැම් කර දී සැබෑ ජීවිතයක්, සොභාග්‍යමත් ජීවිතයක් ගතකරන රටවැසියන් බවට පත්කරලීමටයි.. මෙතෙක් කිසිවෙකු මෙලෙස ඔබ යහමගට ගන්නට උත්සාහ නොකර ඇති වුවත්,  කර ඇතිවුවත් බ්ලොග් අඩවියකින් කිසිදා නොකළ දෙයක් මම ඔබ වෙනුවෙන් කරන්නට කැපවෙමි..


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 


Jun 22, 2012

5$ක් එක Click එකකින්ම..!!!

                  ඔන්න අපේ කට්ටියට පොඩ්ඩක් අමුතු විදිහට මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් ගැන මම අද කියල දෙන්න ආවේ.. මමත් අදයි මේක අත්හදා බැලුවේ.. මීට කළින් ඒවායේ නම් පොඩි පොඩි ගණන් වලින්නේ Account එකට එකතු වුනේ.. ඒත් මේක නම් එහෙම නැහැ.. මේ සයිට් එකෙන් නම් 5$ක් එක Click එකකින්ම ගන්න පුලුවන්.. මොනවා උනත් මට මේ සයිට් එක ෂුවර් නැති ගතියක් තියෙන්නේ.. ඒ වුනාට මමත් මේ සයිට් එකේ ‍member කෙනෙක් විදිහටම දිගටම කරගෙන යනවා.. වැඩේ ඇත්තද බලන්නත් පුලුවන්නේ.. අනික මම ඔයාලට කියලා දුන්නු අනිත් ක්‍රමටික මමත් කරන නිසා හදිස්සියේවත් මේ සයිට් එකෙන් මට මුදල් ලැබුනේ නැතත් ප්‍රශ්නයක් නැහැනේ.. අනික මේකෙ ඇඩ් බලන ගමන් වෙන අපට අවශ්‍ය පේජ් එකක වැඩක් උනත් කරන්න පුලුවන්.. වෙනම විදිහකට කියනවා නම් Facebook එකේ ඉන්න ගමන් Click එකක් දාගෙන ඉන්න පුලුවන් සයිට් එකක්.. හ්ම්... කැමති අය ඉන්නවනම් පහල බැනර් එක Click කරලා Register වෙන්න.. මම නම් දැනටත් member කෙනෙක් වෙලා ඉවරයි..



වැදගත් :


  • මෙම සයිට් එකෙන්  Withdraw කර ගැනීමට Payza ගිණුමක් තිබිය යුතුය.
  • එක් වරකට  Click කළ යුත්තේ එක් ඇඩ් එකක් පමණි.



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jun 21, 2012

මෘදුකාංග නැතිව File Convert කරන්නේ මෙහෙමයි...

      කොහොමද යාලුවනේ...? අද කියන්න යන්නේ කට්ටියට ටිකක් වැදගත් වෙන දෙයක්, ඔයාල එදිනෙදා Word, PDF, Excel වගේ දෙවල් භාවිතා කරනවනේ මෙ ෆයිල් සමහර වෙලාවට Convert කරගන්න වෙනවනේ.... ඒ කියන්නේ Word එකක් PDF විදිහට නැත්තම් PDF එකක් Word විදිහට මෙකට ඉතින් Converter එකක් ඔයාලගේ පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕනි. ඒත් ඔයාලා Office එකක නැත්තම් කොහේ හරි ලැබ් එකක නම් මෘදුකාංග ස්ථාපනය කරන එක ටිකක් අමාරු වැඩක්නේ. ස්ථාපනය කරන්න පුලුවන් උනත් හොද Converter එකක් Key එකත් එක්ක හොයා ගන්න පොඩි කට්ටක් කන්නම වෙනවා. මේ ඔක්කොම කරදර වලින් බේරෙන්න පුලුවන් විදිහ තමා Online විදිහට කරගන්න එක... මේවට ගොඩක් සයිට් තිබුනත් මට හොද එකක් අද හම්බුනා... convertpdftoword.net

මෙම සයිට් එකෙන් පහසුවෙන් පහල තියන විදිහට File Convert කරගන බාගත කරගන්න පුලුවන්...


  • PDF to Word
  • PDF to Text
  • PDF to JPG 
  • PDF to HTML
  • PDF to DOC
  • DOC to PDF
  • Text to PDF
  • HTML to PDF
  • JPG to PDF
  • JPG to Text

      පොඩි වැඩ ටිකක් තියන නිසා අද කලින්ම යන්න වෙනවා.. මේ දවස්වල අපේ යාලුවන්ගෙන් ගොඩක් ඉල්ලීම් තියනවා මෘදුකාංග නිර්මාණය කරගැනීම සදහා.. ඉතා ඉහළ ප්‍රතිචාර නිසාත්, අපේ මෘදුකාංග අඩුම මිලකට නිර්මාණය කරගැනීමට හැකි නිසාත්, උපරිම සේවයක් ලබාදෙන එකම ආයතනය  නිසාත්, මේ දවස්වල මෘදුකාංග නිර්මාණය කරගැනීමට බොහෝ දෙනෙක්ගෙන් ලිපි ලැබෙනවා.. කෙසේ නමුත් ඒ සෑම මෘදුකාංගයක්ම අප ඔබට නිර්මාණය කර දෙන්නට කැපවීමෙන් කටයුතු කරන බව මතක් කරන්නම ඕන දෙයක්.. අපේ යහලුවන්ටත්, ඔබ සේවය කරන වැඩපලට, සේවා ස්ථානයට අවශ්‍ය මෘදුකාංග ඉතා අඩු මුදලකට නිර්මාණය කර දෙන්න අප සූදානම්.. වැඩි විස්තර සදහා gihankashnuka@gmail.com ට හෝ sandriesoft@gmail.com යන විද්‍යුත් ලිපිනයන්ට ලිපි එවා දැනගන්නට පුලුවන්...

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Jun 19, 2012

3D Videos බලන්න නියම මෘදුකාංගයක්..!!!

      මම අද ඔයාලට දෙනවා නියම ප්ලේයර් එකක්... නමින් එය Splash PRO... මේ ප්ලේයර් එක නිකම්ම නිකන් ප්ලේයර් එකක් නම් නෙවෙයි.. මේ ප්ලේයර් එක මගින් අපිට සුපැහැදිළි දසුන් නැරඹීමට අවස්ථාව සළස්වා දෙනවා.. සිංහලෙන්ම කියනවා නම් HD Videos වලටම හදපු මෘදුකාංගයක්.. ටිකක් මිල අධික මෘදුකාංගයක් ලෙසට තමයි මේක වෙළදපොලේ තියෙන්නේ.. ඒත් මේක ලංකාවේ අපිට නොමිලයේ දෙනවා.., හැබැයි එයාල නෙමෙයි අපි.. හරි හරි එහෙනම් මෘදුකාංගය බාගෙන කොහොමද කියලා අපිටත් කියන්නකෝ.. පහතින් තියෙන්නේ ප්ලේයර් එකේ Screenshot එකක්..



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Trial Version එක හැමදාටම නොමිලයේ භාවිතා කරන්නේ මෙහෙමයි...!

      කොහොමද යාළුවනේ,  අද මම ඔයාලට තවත් වැදගත් මෘදුකාංගයක් අරන් ආවා.. Original මෘදුකාංග සංස්කරණ මිලදී ගැනීමට නොහැකි නිසා අපිට පවතින ප්‍රශ්නයක් තමයි හුගාක් ප්‍රයෝජන ගත හැකි මෘදුකාංග Internet එකෙන් නොමිලේ බාගත කරගත්ත ඒවා නොමිලේ ලබාදෙන්නේ නිශ්චිත දින ගණනකට පසු ඉබේ අක්‍රිය වේ. එහෙමත් නැත්නම් ඒවා Trial Version ය. එදිනෙන් පසු එම මෘදුකාංග මිලදි ගත යුතු වෙනවනේ මුදල් නොමැති කමින් දුකට පත්වී ඉන්න අයට මෙන්න මේ මෘදුකාංගය හොදම පිළියමකි. මෙම මෘදුකාංගය මගින් සිදුවන්නේ  Trial Version Software Version වල දින දීර්ඝකාලින කර දීමයි. මුලින්ම මේක ඉන්ටෙර්නෙට් එකෙන් බාගත කරගන්න. ඒ සදහා පහත බොත්තම  Click කරන්න..




      මුලින්ම මෙම මෘදුකාංග ඔයාලගේ computer එකේ ස්ථාපිත කර ගන්න. එහෙනමේ යාලුවනේ වැඩේ පටන්ගමු ඔයාලගේ පරිඝනකයේ Desktop එකේ ඇති Time Stopper මෘදුකාංගය විවෘත කරගන්න. මුලින්ම Select the Main EXE of the trial version කියන ස්ථානයට Browse click කර ඔබගේ ට්‍රයල් Software සංස්කරණයේ ප්‍රධාන EXE file එක තිබෙන ස්ථානය පෙන්වා එය තෝරාගන්න.Choose the new date කියල පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ පරිගණකයේ අද දිනයට පසු දිනයක් තෝරාගන්න.මෙම දිනයට ඔබගේ Trial Software සංස්කරණයේ අවසන් දිනයට පෙර දිනයක් යොදාගත යුතුයි. Enter a name for crate desktop icon කියන ස්ථානයට මෙම නවදිනය සිහිත සංස්කරණයේ ඩෙස්ක්ටොප් icon එකට ලබාදෙන නමයි. ඒ සදහා ඔයාලට ඕනෑම නමක් දෙන්න පුළුවන්, Create desktop shotcut යන Button එක click කළ පසු ඩෙක්ස්ටොප් එක මත icon එකක් සැදේ .මෙම icon එක සාදාගත් පසු ඔබේ එම Trial සංස්කරණයේ විසින්  desktop  එක මත සහ Start menu එකෙහි පෙරදී සාදා ඇති shotcut  සහ icon සියල්ල මක දැමිය යුතුය... දැන් ඔබේ වැඩේ අවසන් ය.. දැන් එම  Trial  සංස්කරණය ඉතා දිගු කාලයක් පාවිච්චි කිරීමට පුළුවන්....!






       එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....

රණවිරුවන්ගේ සුරුවිරුකම් ගැන කියන ‘උතුරු මුහුද’ - ජයරත්න කොඩිප්පිලි

      අද මම ඔයාලව දැනුවත් කරන්නේ රණවිරැ සාහිත්‍යයට එක්වුණු නවතම කෘතියක් පිළිබදවයි... ඉතින් මම ඔයාලට ගෙනෙන සෑම දෙයක්ම වැදගත් ඒවා කියලා ඔයාලා දන්නවානේ... උතුරැ මුහුද නමින් ඔබ අතට පත්වන මෙම කෘතිය නිර්මාණය කොට ඇත්තේ "රණවිරැ සුවද" ජනාධිපති සම්මානය හිමිවූ "මව්බිම අහිමිව" නවකථාව රචනා කළ ජයරත්න කොඩිප්පිලි මහතා විසින්...

Jun 18, 2012

RAR Password Finder මෘදුකාංගයක්...!!!


      ඔන්න යාලුවනේ අද ඔයාලට තවත් හොද මෘදුකාංගයක් අරන් ආවා.. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ ඔයා ළග තියෙන RAR ෆයිල්වල තියෙන පාස්වර්ඩ් සොය දෙන එකයි.. ඔන්න අපි හිතමු අපි ගාව පාස්වර්ඩ් එකක් දාපු  RAR ෆයිල් එකක් තියෙනව කියල. ඒකේ පාස්වර්ඩ් එක අපි දන්නෑ එහෙමත් නැත්නම් අපිට ඒ පාස්වර්ඩ් එක මතක නෑ කියමු‍කෝ. ඉතින් අපි කොහොමද ඒ RAR ෆයිල් එකේ තියෙන අපිට අවශ්‍ය ෆයිල් ටික ගන්නේ?


      අන්න ඒකට තමයි මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ.. දැනට නැති වුනත් ඉස්සරහට සමහර විට අවශ්‍ය වෙන්නත් පුලුවන් වේවි නේ!! එහෙනම් මෙන්න බාගන්න.. මෙන්න ක්‍රමය කෙටියෙන්...,   



      මුලින්ම කරන්න තියෙන්නේ පල්ලෙහා ඇති Link එකට ගිහින් RAR Password Unlocker මෘදුකාංගය බාගත කර ගන්න එකයි.  පසුව එය 
ස්ථාපනය කරගන්න.


   හරි දැන් ඔයාලා මෘදුකාංගය ස්ථාපනය කරගත්ත නේ. දැන් කරන්න තියෙන්නෙ අවශ්‍ය RAR ෆයිල් එක open කරල START බොත්තම ඔබන එකයි.

      මෙතනදි ක්‍රම කිහිපයක් භාවිතා කරල මේ වැඩේ කරන්න පුළුවන්. මෙතනදි ෆයිල් එකට දීල තියෙන පාස්වර්ඩ් එක ටිකක් දිගයි නම් ඒක Recover කර ගන්න යන වෙලාවත් ටිකක් වැඩියි. උත්සහ කරල බලන්න. මීට වඩා හොද මෘදුකාංගයක් හමුවුනොත් ඔයාලට දෙන්නම්කෝ...


      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....

සිංහල බලන්න, ලියන්න මෙන්න ‍Font 1500 ක්...!

       කොහොමද යාලුවනේ..., අද මම ඔයාලට දෙන්න අරන් ආවේ Font Collection එකක්.. මේක මම ඔයාලට දෙන්න හිතුවේ Internet එකේ සිංහල Font හොයන්න ගියාම හොයාගන්න ලේසි නැති නිසාමයි..  Internet  එකේ හොයන්න ගියාම එපාවෙන දෙයක් වුනත් අත්‍යවශ්‍යම දෙයක් නිසා මම ඔයාලට මේක දෙන්න හිතුවේ..  සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.

      මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 29MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.


      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....

Jun 16, 2012

ව්‍යාජ Sandriesoft මෘදුකාංග ජාවාරමක සුළමුල...!!

      යහලුවනේ, අද නම් මම කියන්න යන්නේ Sandriesoft අපිට වෙලා තියෙන සිදුවීමක් පිළිබදවයි.. Sandriesoft වෙනුවෙන් Sandriesoft  සාමාජික ඔබව මේ පිළිබදව දැනුවත් කිරීම මාගේ වගකීමයි.. මෙම සිදුවීම සිදුවී දැනට මාසයක පමණ කාලයක් ගෙවී ගොස් තිබේ..


      මෙම සිදුවීම ඇති වී තිබෙන්නේ අප Sandriesoft Screen Saver Builder මෘදුකාංගය ප්‍රධාන කොටගෙනය. මෙම සිදුවීම සිදුවන්නේ 2012/06/1 වනදාය. සිදුවීම ඉතා කෙටියෙන්ම කිවහොත් සිදුවී ඇත්තේ ව්‍යාජ Sandriesoft මෘදුකාංග ජාවාරමකි. මේ සදහා විදේශීය සමාගම් කිහිපයක්ම සමිමාදම් වී ඇත. 


      මම අපගේ ශ්‍රීලාංකික ඔබට මාගේ මෘදුකාංග නොමිලයේ දෙන බව ඔබ සැම නොදන්නා කාරණයක් නොවන බව මා දනිමි.. එනමුත් මීට සති කිහිපයකට කළින් සිට මම මාගේ මෘදුකාංග විදේශිකයින්ට මිළදීගැනීමට හැකිවනසේ CNET Download.com වලට Upload කළෙමි.. මාගේ හොදකම වැඩි නිසාදෝ එය අවශ්‍ය නම් නොමිලයේම ලබාගැනීමේ පහසුකමද සැළැස්වීමී...



      ඉහත දැක්වෙන්නේ එයයි.. එය මා විසින් CNET Download.com වලට Upload කළ එකයි... නමුත් වරද ඇත්තේ එතැන නොවෙයි.. පහත රෑපසටහන් බලන්න..



      විශාලම අපරාධය සිදු කර ඇත්තේ, පහත වෙබ් අඩවිය විසින් ය. ඔවුන් අප විසින් නිර්මාණය කර බෙදාහරිනු ලැබූ Sandriesoft Screen Saver Builder මෘදුකාංගයට Keygen එකක් ද නිර්මාණය කර තිබේ..


      මේ පිළිබදව පැහැදිළි දසුන් නැරඹීමට Sandriesoft යනුවෙන් Google Search කර බලන්න, නැතහොත් "Sandriesoft" <= Click කරන්න...


     
      කෙසේ නමුත් අපට කිව හැක්කේ මෙවැනි ව්‍යාජ පිටපත් බෙදාහරින්නන්ට ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට Sandriesoft නොපසුබට වන බවත් හා තවත් ඒ සදහා උත්සාහ දරන්නන්ව නීතිය ඉදිරියට ගෙනයන බවත්ය. Sandriesoft සාමාජික ඔබ මෙවැනි සිදුවීම් පිළිබදව යම් කරැණක් දන්නේ නම් ඒ පිළිබදව අපව දැනුවත් කරන මෙන් මා ඉල්ලා සිටිමි.. කෙසේ නමුත් ඉදිරියේදී Sandriesoft අප නිර්මාණය කරන මෘදුකාංගවලට දැඩි Security system එකක් යෙදීමට අප දැනටමත් කටයුතු කරන බව ඔබට සතුටින් දන්වා සිටිමි.. Sandriesoft අපිට ඔබගෙන් ලැබෙන නිබද සහාය නිරතුරැවම අගේ කරන්නෙමු.


ස්තූතියි.!

Jun 14, 2012

ඔයාගේ වෙබ් අඩවියෙන් මුදල් උපයන්න මෙන්න සාර්ථක ක්‍රමයක්...!!!

      ඔන්න යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තවත් සාර්ථක වූ ක්‍රමයක් ගැන මම අද ඔයාලව දැනුවත් කරන්නේ.. ඔයාල හැමෝටම වගේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියනවානේ.. ඉතින් නිකන් තියන ඔයාගේ එම බ්ලොග් අඩවියෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් මම කියන්න යන්නේ.. ඔයාලා අහල ඇතිනේ Google Adsense!!! මම නම් ඒ නම ඇහෙනවාටවත් කැමති නැහැ.. මොකද මමත් ඒ වැඩේ කරන්න ගිහින් හොද හොද දේවල් කරගත්තා... ඒවායින් වැඩක් නැහැ.. මම ලංකාවේ අපිට ගැලපෙන ඇඩ් සේවාවක් හොයාගත්තා... මෙයාලගේ නම් ඔය වැඩකට නැති නීති නැහැ.. හරිම පහසුයි...

      මේක adsense වෙනුවට අපිට පාවිච්චි කරන්න පුලුවන් තවත් දෙයක්. Google Adsense ගන්න බැරි උනාම google වලට බැන බැන ඉන්නවට වඩා අලුත් දෙයක් හොයාගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද නේද? කොහොම උනත් මේ කියන්න යන්නේ Clicksor ගැන. ඔය මමත් උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි එන්න දාල තියෙන්නේ. (ඔය ඉන්න ගමන් ad එකකුත් click කරල අපිට හෙල්ප් එකක් දෙන්න.) . ඔය පහල තියන banner එක click කරන්න.




දැන්,
    *. My Account එකට ගිහින් ඔයාගේ විස්තර පුරවන්න...
    *. Ad Setup එකට ගිහින් තමා ඔයාගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරන්න තියෙන්නේ.. එතනින් Next කරමින් ගිහින් ඔයාගේ Ad code එක ගන්න තියෙන්නේ.. (පින්තූර නැතිව ලිපිය ලිව්වේ මෙය ඉතා සරළව සිදුකළ හැකි නිසාය.)

දැන් වැඩේ හරි... දැන් ඔයාලට කරන්න තියෙන්නේ එයාල දෙන code එක ,
design - add gadget - past code කරගන්න.. වැඩේ ගොඩක් ලේසියි.. කාටහරි නොතේරැණු යමක් තියනවා නම් අහන්න..


      අහ්... විශේෂ දෙයක් තියනවා කියන්න.. මේක නොකියම බැරි නිසයි කියන්නේ... මම දැකලා තියෙන ගොඩක් ‍බ්ලොග් අඩවිවල "මුදල් උපයමු" කියලා තියන බ්ලොග් අඩවිවල ඉතා කෙටි විස්තරයක් දාලා යනවා.. සමහර විට එය ද Referral Link එකක් පමණක්ම වේ.. ඇත්තෙන්ම එවැනි බ්ලොග් අඩවිවලින් මුදල් උපයන්නේ ඹබ නොව ඔවුන්ය.. හරි හැටි අදාළ විස්තර පැහැදිලි කිරීමකින් තොරව තමාගේ යහපත උසෙදාම වූ එවැනි අඩවියක් වීමට අපට කිසිදාක අවශ්‍යතාවයක් නැත්තෙමු.. 


      මාගේ බලාපොරොත්තුව මා පමණක් නොව ඔබද ඉදිරියට ගෙනයාමයි... ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔබගේ සිත්තුළ පැළපදියම් වීමට ඉඩදීමෙන්ද වළකින්න... කෙනෙකු මට වඩා මුදල් උපයනවා.. මට විතරයි බැරි වුණේ කියමින් ඔබ ඔවුනට ඊර්ෂ්‍යා කළා කියා ඔබට ලැබෙන යහපතක් ද නොමැත.. යහලුවනේ යමක් කියන්නට තියෙනවා මට.. මෙය ඔබ හොදින් මතක තබාගෙන වැඩ කළොත් ඔබට කිසිදාක වරදින්නේ නැත.


ඔබ, අප මේ ලොව ජීවත්වන දින 30,000 ක පමණ කෙටි කාලය ධර්මානුකූළව, පරාර්ථකාමීව, සැමට ආදරය කරමින් කටයුතු කරන්න... එය ඔබේ දියුණුවට මග පාදනු නියතය....!!! " - Gihan

      මාගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබ, අප ජීවත්වන්නා වූ මේ සමාජය තුළ යහපත් ගති ලක්ෂණවලින් යුත්, සාරධර්මවලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීමයි... මෙය ආරම්භ කළ හැක්කේ ඔබටයි... අපි එය සිදුකරමු!!! මාගේ මෙම ලිපියට අමතරව ඇති කරැණු ඔබගේ ජීවිතයට එක්කරගන්න.. තාක්ෂනික දැනුමෙන් පරිපූර්ණ වනවා සේම අපට ගුණධර්මවලින්ද පරිපූර්ණ විය යුතුය..  එවිටයි ජීවිතය ලස්සන වන්නේ...!!!
      
      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


නොමිලයේ ඩොන්ගල් Unlock කරගන්නේ මෙහෙමයි...!

      ඔන්න යාලුවනේ මම අද තවත් මෘදුකාංගයක් අරන් ආවා... නමින් එය DC Unlocker. මේ මෘදුකාංගය වැදගත් වෙන්නේ ඔයාට Lock කරපු ඩොංගල් එකක් තියනවානම් තමයි.. මොකද මම අද අරන් ආවේ ඩොන්ගල් Unlock කරන මෘදුකාංගයක්.. ඒ වගේම ඩේටා කාඩ්, ස්කයිප් ෆෝන්, මොබයිල් ෆෝන් වගේ දේවල් අන්ලොක් කිරීමටත් මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා... මේ මෘදුකාංගය මගින් ඔයාට කිසිම මුදලක් වැය නොකරගෙන ඔයාගේ ඩොන්ගල් එක  Unlock කරගන්න පුලුවන්වීම තමයි විශේෂම කරැණ...  මා දන්නා පරිදි ඔබ Communication එකකින් මේ වැඩේ කරගන්න ගියොත් රැ: 1000/= ක පමණ මුදලක් නිකරැනේ වියදම් කරන්න වෙනවා..


        මෙම මෘදුකාගයෙහි ඇති විශේෂත්වය වන්නේ ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කල විට ඩොන්ගල් එකේ model එක, භාවිතා වන port එක ආදිය සොෆ්ට්වෙයාර් විසින්ම හදුනා ගැනීමයි...
එසේ හදුනා ගැනීමෙන් අනතුරුව Unlock Button එක Click කිරීමෙන් ඔබගේ ඩොන්ගල් එක පහසුවෙන් අන්ලොක් කරගන්න පුළුවන්.


*. DC Unlocker භාවිතයෙන් අන්ලොක් කල හැකි ඩොන්ගල් මාදිලි කිහිපයක් වේ..
මෙහි Click කර ඔබගේ මාදිලිය මෙහි තිබේදැයි විමසා බලන්න.

ඔබගේ ඩොන්ගලය Unlock කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න...
 *. ප්‍රථමයෙන් මෘදුකාගය බාගත කරගන්න..

 DC Unlocker File Size - 2.9 MB

*. Unlock කිරීමට අවශ්‍ය ඩොන්ගලය පරිගණකයට සම්බන්ධ කරන්න.
(ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුය)

*. බාගත කරගත්  ZIP ෆයිල් එක Extract කර ගන්න.  එවිට එය තුල ෆයිල් තුනක් ඔබට දැක ගත හැකි වේ.එහි නිල් පාට Iconයෙන් පෙන්නුම් කරන dccrap මත ඩබල් ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් ඔබට දිස්වේ. 

*. අංක 1 දැක්වෙන ස්ථානයට ඔබගේ ඩොන්ගල් එක අයත් වන නිෂ්පාදකයා තෝරා දෙන්න.
ඉන් පසු අංක 2 දැක්වෙන ස්ථානයෙහි ඇති කිසිවක් වෙනස් නොකරන්න. මෘදුකාංගයට මගින් ඔබගේ ඩොන්ගල් එක අයත් වන model  එක Auto detect  කර ගැනීමට ඉඩ හරින්න.

*. ඉන්පසු අංක 3 Button එක ක්ලික් කරන්න. එවිට ඩොන්ගල් එකට අදාල දත්ත පහත පරිදි දිස්වේ.

*. එහි ඩොන්ගල් මොඩෙල් එක, IMEI Number එක දක්වයි. එහි ඇති SIM Lock status යන්න ඉදිරියෙන් ඉහත පරිදි දිස්වේ නම් ඔබගේ ඩොන්ගල් එක Locked ඩොන්ගල් එකකි.
ඉන්පසු කලින් දැක්වූ රූපයේ ඇති 4 යන ස්ථානය ක්ලික් කරන්න. එයට යටින් ඇති Unlock button එක click කරන්න.


*. එවිට මෙසේ දිස්වේ.


*. ස්වල්ප වේලාවකට පසු මෙසේ දිස්වේ..



ඔබ මෙතෙක් සිදුකළ කාර්යය සාර්ථකව අවසන් වී ඇත..දැන් ඔබට අවශ්‍ය ඕනෑම SIM එකක් දාලා ඕනි විදියට Internet යාමට පුලුවන්...!!!



Huawei ඩොන්ගල් අන්ලොක් කරගැනීම සදහා.



1.     මුලින්ම මෙතන ක්ලික් කර මෘදුකාංග ගොණුව බාගත කරගන්න.


2.    දැන්  ඩොන්ගල් එක ප්ලග් කරන්න.


3.    Mobile Partner මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි Tool > Diagnostic යන වෙත ගොස් ඔබගේ ඩොන්ගල් එකේ IMEI Number එක ලබාගන්න.


4.    දැන් බාගත කරගත් ගොණුවේ ඇති First find Code for Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කොට එහි IMEI ලෙස සදහන් කොටුවට ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය ඇතුළත් කරන්න.


5.    දැන් එම මෘදුකාංගය Calc යන්න ක්ලික් කරන්න.


6.    Code ලෙස කළු පාටින් ඇති කොටුවේ ඔබගේ ඩොන්ගල් එක අන්ලොක් කරගැනීමට අවශ්‍ය කෝඩ් එක ලැබෙන අතර එය කොපි කරගන්න.


7.    පසුව ඔබ බාගත කරගත් ගොනුවේ ඇති Second run this & Unlock Ur Dongle මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එවිට එම මෘදුකාංගයේ ඔබගේ ඩොන්ගල් එකේ IMEI අංකය පෙන්වයි. මෙහිදී ඔබගේ IMEI අංකය දිස් නොවේ නම් කළ යුත්තේ නැවත ඩොන්ගල් ප්ලග් කරගැනීමයි. මේ අවස්ථාවේ දී වෙනත් අමතර උපාංග ප්ලග් කිරීමෙන් වළකින්න.


8.    දැන් එහි ඇති Unlock Code ලෙස සදහන් කොටුවට කලින් ඔබ කොපි කරගත් කෝඩ් එක ලබා දී OK යන්න ක්ලික් කරන්න.


9.    දැන් ඔබගේ ඩොන්ගල් එක සාර්ථකව අන්ලොක් වුණු බව පණිවිඩයක් මගින් දන්වාවි.



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...