May 29, 2012

Sandriesoft Eraser [World first unrecoverable file deleter] - Download



             ඔන්න යහ‍‍‍ලුවනේ මම ඔයාලට ලෝකෙ පෙරළලාවත් හොයාගන්න බැරි මෘදුකාංගයක් අරන් ආවා.. මේවගේ මෘදුකාංගයක් තවමත් නිෂ්පාදනය කරලා නැහැ. Sandriesoft කවදත් first කියලා අපේ යහලුවෝ හොදටම දන්නවානේ... මතකනේ මීට පෙර නිර්මාණය කළ Sandriesoft Facebook Profile Finder මෘදුකාංගය.. හ්ම්... මම තාම කිව්වේ නැහැනේ මගේ මේ අලුත්  මෘදුකාංගය ගැන...


             නමින් එය Sandriesoft Eraser... නම ඇහුවම බය හිතෙනවාද දන්නැහැ.. බය වෙන්න දෙයක් නැහැ, බය නැතිකරගන්න පුලුවන් දෙයක් තමයි මේක... මොකද අපේ යහලුවෝ කරන සමහර දෙවල් දෙපාරක් නොහිතා කරන බව  Sandriesoft  අපි දන්නවා.. කොල්ලා, කෙල්ල කාලේ නොකරන දේවල් ආයේ ඉතින්  කවද කරන්නද? හෙහ්හෙහ්.. lol.. කෝ ඉතින් තාම මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ නේද..! සමහරැන්ට නම් දැනටමත් ඔලුවට අදහසක් ඇවිල්ලා ඇති, එහෙම ආපු කෙනෙක්ම තමා  මට මේ මෘදුකාංගය නිර්මාණයට අදහස දුන්නේ.. We Activate Your Ideas කියන්නේ නිකම් නෙවෙයිනේ.. හ්ම්... මෙන්න එහෙනම් මෘදුකාංගය ගැන විස්තරය...,

             අපේ යහලුවෝ ගොඩ දෙනෙක් අපහසුතාවයට පත්වන දෙයක් තමයි අපි Delete කළ Files වෙනත් අයෙකුට Recover කර බැලිය හැකි වීම.. උදාහරණයක් හැටියට ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා සිපගන්නා ඡායාරෑපයක් ගෙදර අයෙකුට හෝ වෙනත් අයෙකුට හසුවුවහොත් ඔබ කොපමණ පහසුතාවයකට ලක්වේවිද? ඔවුන් ඔබ ගැන මොනවා නම් සිතයි ද? ඔබට මානසික ගැටලුවක් කරා යාමට එයද හොදටම ප්‍රමාණවත්.. ඉතින් ඒ නිසාම තමයි  Sandriesoft Eraser  ලොව ප්‍රථම Unrecoverable deleter මෘදුකාංගය නිර්මාණය වන්නේ....

             ලොව ප්‍රකට Recover මෘදුකාංගවන RecoverMyFiles, Disk Digger, Recuva වැනි ඕනෑම මෘදුකාංගයකට හසුනොවන ලෙස Files මැකිය හැකි ලොව ප්‍රථම හා එකම මෘදුකාංගය ශ්‍රීලංකාවේ  Sandriesoft  තුළින් මා ඔබට ලබා දෙන්නේ නිහතමානී ආඩම්බරයකින්...! හැබැයි දැන් හිතන්නෙපා  Sandriesoft  වැරදි දේවල්වලට අනුබල දෙනවා කියලා.. මොකද අපේ පරමාර්ථය වටිනා ජීවිත ආරක්ෂා කිරීම. මේ මෘදුකාංගය කොහොමද ඔයාලගේ  ජීවිත ආරක්ෂා කරන්නේ?, ඔයාලා දන්නවා ඇතිනේ පහුගිය දවස්වල විවිධ පාසල්වල දරැ දැරියන් එක එක දේවල් නිසා එක එක විදිහට ජීවිත නැතිකරගත්ත හැටි.. අපේ යහලුවෝ නම් එවැනි මෝඩවැඩ කරගන්න අය නොවෙයි කියලයි අපේ හැගීම... කෙසේ නමුත් එවැනි මානසික තත්ත්වයකට පත්වුවකුට මේ මෘදුකාංගයේ පිහිට තමා... හැබැයි ඔයාලා කරන වරඩ 1-2 පාරක් නෙවෙයි 3-4 පාරක්වත් හිතලා කරන්න කියලයි මම නම් කියන්නේ...

             හරි එහෙනම්, මෘදුකාංගය භාවිතා කරලම ගුණ දොස් කියන්නකෝ.. Registration key එකට පහත key එක ලබාදෙන්න.. මේ මෘදුකාංගය භාවිතා කරන විට අනෙකුත් windows සියල්ල close කරන්න.


Registration key = FREE1993772012052855

Download : Sandriesoft Eraser

             මෘදුකාංගය ගැන සුභවාදී ආකල්පයක් ඇත්නමි මගේ මහන්සියත් ගැන හිතලා Page එකට Like එකක් දෙන්න.. පසුව Unlike කරන්න හිතාගෙනනම්  Like කරන්නෙපා...

             මෘදුකාංගයේ තව වැඩි දියුණු කළ යුතු දේවල් comment එකක් ලෙස ඇවිත් දාන්න යාලුවනේ...!


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..