May 4, 2012

PENDRIVE එකේ Icon එක change කරමු


මම කියන්න යන්නේ pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.
මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක ගන්න.

ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න.

[autorun]
Label=Sandriesoft
Icon=icon.ico


  • මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය Sandriesoft කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම!
  • එතකොට icon.ico කියන්නේ icon file එකේ නම!

හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්න.
autorun.inf

දැන් කරන්න තියෙන්නේ, ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.

ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්න...
දැන් refresh කරලා බලන්න.

මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine එකෙන් ගලවලා ආයිත් plug කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ..

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..