May 31, 2012

Google DNS මගින් Internet වේගවත් කරගනිමු

          DNS හෙවත් Domain Name System යනු URL හා IP address සෙවීමට ඇති අන්තර්ජාල සේවාවකි. එබැවින් ඔබ අන්තර්ජාලයේ වේගවත්ව සැරිසැරීමට DNS ද කෙළින්ම බලපායි. සාමාන්‍යයෙන් අප DNS  සකස් නොකළත් අන්තර්ජාලයේ සැරිසැරීමට බාධාවක් නොවේ. මන්ද OS එක මගින් ස්ව්‍යංක්‍රීයව DNS එකක් යොදා ගන්නා බැවිනි. නමුත් අප DNS එකක් යෙදීම මගින් අන්තර්ජාලයේ උපරිම වේගයට ළගාවීමේ හැකියාව ලැබේ.

      Google Public DNS යනු Google සමාගම විසින් ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කිරීමට ලබා දී ඇති අංකයකි. Google මගින් එහි සෙවුම් යන්ත්‍රයේ Crowler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරනු ලබන කොටස හා මෙම Google Public DNS එක බැදී ඇත. එම නිසා Google හි යමක් සෙවීමේදී එය බොහෝ වෙගවත් වනු ඇත.

*. පළමුව Internet connection එක Disconnect කර Network connection එක තෝරන්න.

*. Network Settings හි Properties වෙත ගොස් IPV4 හි Properties ලබාගන්න. (මෙහෙයුම් පද්ධතියට අනුව ඔබේ Network Settings එක ලබාගන්න)

*. එහි පහත සදහන් ආකාරයට DNS අගයන් වෙනස් කරගන්න.

     දැන් සියල්ල සිදු කර අවසන්ය. Internet connection එක connect කර වෙනස සසදා බලන්න. අනිවාර්යෙන්ම ලොකු වෙනසක් දකින්න ලැබේවි..


      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....


4 comments:

  1. පොටෝ එක පැහැදිලි මදි. DNS server එකේ නම්බර් පේන්නෙ නැහැ.....................

    ReplyDelete
  2. පෙට්ටියේ අධිපති : පින්තූරය පැහැදිළිව බැලීමට පින්තූරය ක්ලික් කරන්න.
    008.008.008.008
    008.008.004.004

    :)

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..