May 30, 2012

ඔබට දැන් ඔබට 2GBට වැඩි අන්තර්ජාල ගබඩා පහසුකමක් නොමිලයේ මෙන්න..!



          අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි අපගේ දත්ත අන්තර්ජාලයේ ගබඩා කිරීමේ අපහසුව.. මොකද නොමිලයේ දෙන එවැනි සේවා ඉතා දුර්ලභ වීම..

ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා Dropbox... ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට 2GBක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


          ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට  files  මෙම folder රයකට copy කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග Auto Synchronization වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි...

        තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර 250MB ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ 16GBක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).

      ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය 50GBක් හෝ 100GB ක් දක්වා වැඩි කර ගත හැකියි.

ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත Link එක භාවිතා කරන්න



      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න....



2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..