Feb 12, 2017

ඕනෑම තැනක සිංහල ටයිප් කරන හැටි දන්නවද?

අපි හැමෝම වගේ දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි අපේ පරිගණකය තුල සිංහල අකුරු නිවැරදි ආකාරයට ටයිප් කරගන්නේ කොහොමද කියලා. ඇතැම් විට ඔයා මේ ගැන දැනටමත් දන්නවා වෙන්න පුළුවන්. ඉතින් දන්න නොදන්නා හැමෝම වෙනුවෙන් අද අපි බලමු කොහොමද සිංහල අකුරු ෆොටෝශෝප්වල ටයිප් කරන්නේ කියලා.



      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!

Dec 13, 2016

සිංහල Video Tutorials : How to buy an item on EBAY (Sinhala) ✔

      Ebay වෙබ් අඩවියෙන් items මිලදීගන්න (භාණ්ඩ මිලදීගන්න) කැමති අයට Ebay Account එකක් හදන තැන ඉදන්ම හැම දෙයක්ම ඉගෙනගන්න  මේ video එක ප්‍රයෝජනවත්.

👉🏻 Sri Lanka Postal Codes: http://bit.ly/2gyx03B
👉🏻 ඔයාගේ email account එකට ගිහින් ebay එකෙන් confirmation mail එකක් ඇවිත් තිබුනොත් අදාළ link එකට ගිහින් ebay account එක confirm කරගන්න.



සිංහල Video Tutorials : How to buy an item on EBAY (Sinhala) ✔


https://youtu.be/DSNPPe9BaM4


      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!

Dec 7, 2016

සිංහල Video Tutorials : How to Hide Files Inside Pictures - Steganography ✔

      අද මම ඔයාලට කියලා දෙන්න යන් Steganography ක්‍රමයට Files Hide කරන හැටි මේ video එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.






සිංහල Video Tutorials : How to Hide Files Inside Pictures - Steganography ✔




      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!

Aug 13, 2016

ඔයාගේ facebook messenger එකෙන් games play කරන්නේ මෙහෙමයි

      අද මම ඔයාලට කියලා දෙන්න යන් ඔයාගේ facebook messenger app කෙන් games play කරන්ොමද කියලා. පදීලා තියෙන ලින්ක් එකෙන් අද පාඩමට යන්න.






ඔයාගේ facebook messenger එකෙන් games play කරන්නේ මෙහෙමයි 

http://gihankashnuka.com/video/how-to-play-facebook-messenger-games.html

      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!!

 

Aug 5, 2016

ඔයාගේ Social media accounts ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

      අද මම ඔයාලට කියලා දෙන්න යන් ඔයාගේ Social media accounts එහෙමත් නැත්නම් Social media profiles ආරක්ෂා කරන්ොමද කියලා. පදීලා තියෙන ලින්ක් එකෙන් අද පාඩමට යන්න.





සිංහල Video Tutorials : 5 Reliable Ways to Secure Your Social Media Accounts 

https://www.youtube.com/watch?v=t0uqyV0_sUs


      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!!

 



Jul 28, 2016

Facebook එකේ Videos කිසිම Software නැතිව Download කරන්නේ මෙහෙමයි

      Sandriesoft අඩවියේ අපේ පාඨකයින්ට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ කාලයකින් ඔයාලට ලිපියක් ලියන්න බැරි වුනා. අධික කාර්යබහුලත්වයෙන් කාලය ගෙවීගිය නිසයි අලුතින් කිසිම දෙයක් දෙන්නට බැරිවුනේ. ඉතින් අද ඉදන් Sandriesoft අඩවිය යළි යාවත්කාලීන කරමින් නැවත ලිපි පළකිරීමට මම සූදානම්.

      

      අද මම ඔයාලට කියලා දෙන්න යන්ේ මුහුණුේ කියන වීඩිඑකක් කිසිදු software එකක් නැතිව download කරන්ොමද කියලා. පදීලා තියෙන ලින්ක් එකෙන් අද පාඩමට යන්න.

සිංහල Video Tutorials : How to Download Facebook Videos without using any software


https://www.youtube.com/watch?v=HfZAzEMXe14


      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!!

Jan 23, 2014

සාර්ථක ලෙස ෆයිවර් ගිග් එකක් හදමු

      Sandriesoft පාඨක සියල්ලටම නව වසරට ආසිරි පතනවා! කලකට පසු නැවත ලිපියක් ලිව්වා. ෆයිවර් දෙවන ලිපිය තමයි අද ඔයාලට අරන් ආවේ. පළමුවෙනි ලිපිය ගිය වරසේ මැයි මස තමයි ඔයාලා කියෙව්වේ. මාස හයකට පමණ පසු මෙම ලිපිය ලියන්නේ. ඉතින් හැමෝම වගේ දැන් ෆයිවර් ගිණුම් හදාගෙන ගිග්ස් කීපයක්ම ගිණුමට එක්කරගෙන ඇති. කාර්ය බහුලතාවය නිසා ලිපියක් ලිවීමට කාලයක් සොයාගන්නට අපහසුයි. ඒ නිසාම දැන් බ්ලොගයට එන පිරිස ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉදිරියේ ලිපි ලිවීම නවත්වනවාද යන්න ගැන බ්ලොගයට එන පිරිස අනුව තීරණය කරනවා, ගොඩක් අය පැරණි ලිපි කියවන්න එන පිරිස. ඉතින් බොහෝ දුරට නැවත ලිපි ලිවීම නවත්වන්නට සිදුවේවි කියලා හිතනවා. කෙසේ නමුත් ඔබට යම් දෙයක් පිළිබදව ගැටලුවක් ඇති වුවහොත් අප වෙත දන්වන්න පුළුවන්, හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු සපයන්නත් අපි උත්සාහ ගන්නවා. ඉතින් අද පාඩම ගැන කියනවානම්, ෆයිවර්හි සාර්ථක ගිග් එකක් නිර්මාණය කිරීමයි. මම මෙහිදී උදාහරණයකට ගන්නේ ඊ-පොත් කවර නිර්මාණය පිළිබදවයි. හොදයි, එහෙනම් පාඩමට අවධානය යොමු කරමු. 


මුලින්ම පහළ දීලා තියෙන ඊ කවර දෙකට අවධානය යොමු කරන්න.
 
      ආකර්ෂණීය ලෙස නිර්මාණය කරලා තියෙනවා. වර්ණ ගැලපීම, අක්ෂර වල පැහැදිළි බව, පහසුවෙන් කියැවීමට හැකි බව, රචකයාට පොතේ මාතෘකාවෙන් අදහස් කිරීමට අවශ්‍ය දේ පිළිබදව මනා ලෙස පෙන්වන පින්තූර, නම් ගම් වලට නිර්මාණ ශිල්පියා ලබා දී ඇති ස්ථාන හා ප්‍රමුඛතාවය. මේ සියල්ල ගැන මොහොතක් අවධානය යොමු කරන්න. ඇත්තටම සරළ පෙනුමක් සමස්ථ නිර්මාණය තුළ තිබුනත් අවසානයේ කවර නිර්මාණයෙන් පාඨකයාට ලැබිය යුතු අදහස ලැබී අවසන්. එහි අර්ථය කුමක්ද? රචකයාගේ අවශ්‍යතාවය මත නිර්මාණ ශිල්පියා ඔහුගේ කුසළතා මත සාර්ථක නිර්මාණයක් සිදුකර ඇත යන්න නොවේද! ඇත්තටම මම මෙම කවර දෙක මේ අවස්ථාවේ පෙන්වූවේ මෙම ලිපිය කියවන හැමෝම පොටෝෂොප් මෘදුකාංගය භාවිතා කරන ඒ පිළිබදව මනා දැනුමක් ඇති වසර කීපයක පළපුරැද්දක් හා දැනුමක් ඇති අයෙක් නොවන්නට පුලුවන් නිසායි. නමුත් ඔබට කළ හැකි සරළ නිර්මාණයේ හෝ සාර්ථකත්වය මෙමගින් ඇති කරගැනීමට පුලුවන්. පොටෝෂොප් පිළිබද පාඩම් මාලාවක් අපේ යූ ටියුබ් නාලිකාවෙන් විකාශනය වෙනවා. ඉදිරියට තව පොටෝෂොප් පිළිබදව වීඩීයෝවන් එක් කිරීමට කටයුතු කරගෙන යනවා. හොදයි නැවත මාතෘකාවට එමු.
      අපි දැන් ඊ කවර නිර්මාණය කිරීම පිළිබදව ගිග් එකක් නිර්මාණය කරමු. මුලින්ම ෆයිවර් හි Sales ටැබ් එක මත ක්ලක් කර එම පිටුවට එන්න. දැන් දකුණු පස ඇති Create Gig යන්න ක්ල්ක් කරන්න. පහත රූපයේ ආකාරයට දිස්වේවි.


 
හොදයි, දැන් අපි එක් එක් අංගයන් පිළිබදව වෙන වෙනම අවධානය යොමු කරමු.


 Gig Title
      ගිග් එකට එහෙමත් නැතිනම් අප කරන කාර්යයට අනුව අප යෙදිය යුතු මාතෘකාව යෙදීම සදහා මෙය භාවිතා කළ යුතුයි. උදාහරණයට අනුව අප මෙහිදී ඊ කවර නිර්මාණය පිළිබදයි මාතෘකාවට යොදන්නේ. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු අංගයක් ලෙස මෙහිදී සැළකිලිමත් විය යුතු කරැණක් තියෙනවා. බොහෝ පාරිබෝගිකයන් සොයන්නේ තමන් වියදම් කරන මුදලට වැඩි වටිනාකමක් ඇති දෙයක් ලබා ගැනීමටයි. ඉතින් මෙහිදී ඔබ සිතිය යුත්තේ ඔබ පාර්බොගිකයෙක් ලෙස සේවා සපයන පුද්ගලයන්ගෙන් ඔබ $5 ක් වැනි මුදලකට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබදවයි. බොහෝ පාර්බොගිකයින් තමන් ඉල්ලුම් කල දෙයට වඩා වැඩි දෙයක්  ලැබෙනවා නම් ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඔබ කරන කාර්යයට අනුව දිය හැකි වැඩි දෙයක් ඇත්නම්  ඒ පිළිබදව කල්පනා කර බලන්න. අප මෙහිදී නොමිලයේ පොටෝෂොප් ෆයිල් එක ලබා දෙනවා යන්න ගැන සදහන් කරන්නට පුළුවන්. මෙමගින් තරගකාරීත්වය ගැන අනික් සේවා සපයන්නන් හා සැළකුවහොත් ඔබ ඉදිරියෙන් සිටීවි. මක් නිසාද යත් ඔවුන් එවැනි දෑ සදහා අතිරේක මුදලක් පාරිබෝගිකයින්ගෙන් අය කරගන්නා බැවිනි. කෙසේ නමුත් මේ පිළිබදව වැඩිදුර ඉදිරි ලිපියකදී සදහන් කරන්නම්.

Category
      තවත් වැදගත් අංගයක්. මෙහිදී ඔබ සපයන සේවාවට සමීපතම ප්‍රවර්ගය තෝරා දිය යුතුයි. මෙමගින් ඔබගේ ගිග් එක ස්ථාන ගතවීම පිළිබද ප්‍රධාන අංගයයි. අප උදාහරණයට අනුව අපේ ගිග් එකට ගැලපෙනම ප්‍රවර්ගය ඇත්තේ Graphics & Designs යටතේ eBook covers & Packages යන්නයි. බොහෝ විට ඔබ සපයන සේවාවන්ට අනුව ගැලපෙන ප්‍රවර්ගයක් තෝරාගැනීමට තිබෙන්නට පුලුවන්. එසේ නොමැතිනම් වෙනත් යනුවෙන් ඇති ප්‍රවර්ගයකට එය ඇතුළත් කරන්න. කෙසේ නමුත් ෆයිවර් තුළ වැඩි ඉල්ලුමක් ඇත්තේ Graphics & Designs යන්නට හා Online Marketing යන්නටයි. තවද Video & Animation ප්‍රවර්ගයටද සාමාන්‍ය ඉල්ලුමක් තිබෙනවා. ඒ අංශවලින් හැකියාවක් ඇත්නම් අනිවාර්යෙන් උත්සාහ කර බලන්න.

Gig Gallery
      වැදගත්ම අංගයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඔබට ඕඩර්ස් එනවාද නැද්ද යන්න පිළිබදව තීරණය වෙනවා මෙය මගින්. ඔබ වැඩි අවධානයක් යොමු කළ යුත්තේද මෙයටයි. බොහෝ නවකයින් මෙම අංගය පිළිබදව යොමු කරන්නේ ඉතා අඩු අවධානයක්. ඒ නිසාම ඔවුනට ලැබෙන් ඕඩර්ස් ප්‍රමාණය අඩුවන්නට පුළුවන්, ඇතැම් විට නොලැබීම තියෙන්නටත් පුලුවන්. තවත් සමහරු මේ සදහා අඩ නිරුවත් ඡායාරූප භාවිතා කරනවා. ඇතැම් විට බොහෝ පේජ් වීව්ස් ප්‍රමාණයක් එවැනි ගිග්ස්වලට වැටීමේ හැකියාව තියෙනවා. එහෙත් එවැනි දර්ශන පෙන්වමින් ගිග් එක කරා ගෙන්වා ගැනීම එතරම් සුදු වන්නේ නැහැ. බොහෝවිට එවැනි සෙලර්ස්ලා කොන්වෙන අවස්ථා තියෙනවා. පේජ් වීව්ස් තරමට ඕඩර්ස් එන්නේ නැහැ. ඇතැම් පාරිබෝගිකයින් එවැන්නක් දුටු සැනින් ඔබව මගහරවා වෙන අයෙක්ව තෝරාගනීවි. එතරම් බලපෑමක් කළ හැකි මෙම අංගය ජයගන්නේ කොහොමද? අපි කතා කරමු. ප්‍රධාන වශයෙන් ගිග් ගැලරියෙන් තමයි ඔබගේ නිර්මාණ කුසළතාවයත්, එයට ඔබගේ ඇති උනන්දුවත්, නිමාවත්, ඔබට මෙම අංශයෙන් ඇති පළපුරැද්ද පිළිබදවත් පාරිබෝගිකයා දළ අදහසකට පැමිණෙන්නේ. ඉතින් එවැනි අංගයක් මගින් ඔබගේ උපරිම දක්ෂතාවය පෙන්වීම සිදුකළ යුතුයි. මෙහිදී අපට අපි සිදුකරන නිර්මාණයට අනුව පින්තූර තුනක් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඇත්තටම අපි මේ පින්තූර තුනම නිර්මාණය කර ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සාර්ථකත්වය කරා යන්නෙකුට අවශ්‍ය වෙනවා. මෙහිදී ඔබට පාරිබෝගිකයින් යම්කිසි මාතෘකාවකින් කවරයක් නිර්මාණය කර දෙන්නට කියා කිවහොත් ඔබ ඔහුට හෝ ඇයට නිර්මාණය කර දෙන කවරය මෙන්ම ඉතා ආසාවකින් හා ආකර්ශනීය ලෙස පින්තූර නිර්මාණය කිරීමට වග බලා ගන්න. විශේෂයෙන්ම කිව යුත්තක් තියෙනවා. කිසිදු ආකාරයකින් අනුන්ගේ පින්තූර එකතු කර මෙම පින්තූර නිර්මාණය කිරීමට යන්නට එපාග මම කලින් කිව්වා පින්තූර තුනක් මේ සදහා ඇතුළත් කිරීමට ඇති බව. මින් පළමුවැනි පින්තූරය පිළිබදව වැඩි අවධානයක් යොමුකරන්න.  උදාහරණයක් ලෙස පහත පින්තූරය බලන්න.

      
      ඔබට මොකක්ද මුලින්ම දකින්නට ලැබුනේ? ඊ කවර කීපයක්ම තියෙනවා. ඊට කලින් යමක් දකින්නට ඇති. නොමිලයේ පී.එස්.ඩී ෆයිල් දෙනවා කියලා. මෙය උදාහරණයක් පමණයි. ආකාරශණීය බව මකකට නොසලකා හරින්න. මම මෙය නිර්මාණය කළේ හදිසියෙන් හා අන්තර්ජාල රූප භාවිතා කර ඔබට උදාහරණයක් ලෙස පෙන්වීමට පමණයි. හරි නැවත මුලට එමු. මම මෙහිදී පාරිබොගිකයාගේ මනසට නොමිලයේ ලබා දෙන අංගය පිළිබදව වැඩි අවධානයක් යොමු කරවලා තියෙනවා. ( පින්තූරයේ හැටියට තව පොඩ්ඩක් පොඩි වුවනානම් හොදයි කියලා හිතෙනවා. ) අනික් දේය තමයි මම මෙහිදී එක කවරයකට වඩා නිර්මාණය කර ඇති බව පෙන්වන්න උත්සාහ අරන් තියෙනවා. එමගින් පාරිබෝගිකයාට අපගේ නිර්මාණකරණයේ හැකියාව එක් එක් අංශයෙන් කෙසේ වන්නේද යන්න ගැන අදහසක් ගන්නට් පුලුවන් වෙනවා. අනික් කරුණ මාතෘකාව. මෙහිදී මාතෘකාවට මීට වඩා අවධානයක් ලැබෙන සේ නිර්මාණය අවසන් විය යුතුයි. ඇසට ක්ෂනිකව අවධානය යොමුවන වර්ණ ඒ සදහා භාවිතා කරන්නට පුලුවන්. මීට අමතරව අපට අපගේ පළමුවන ගිග් පින්තූරයට එක එක ආකාරයේ පොඩ් පින්තූර එකතු කරන්නට පුලුවන්. උදාහරණයක් ලෙස නිර්මාණය කෙරෙහි සතුටුදායක නොවන්නේ නම් මුදල් ආපසු ගෙවන ආකාරයේ හෝ 100% පාරිබෝගිකයින් සතුටු කරවන ආකාරයේ එකක් හෝ කීපයක් යෙදිය හැකියි. ෆයිවර් යූසර් නේම් එක මෙහි යෙදීමත් වැදගත්ම දෙයක්.

Description
      තවත් වැදගත්ම අංගයක්. සාර්ක ලෙස ඔබගේ ගිග් පිටුවට ගෙන්වා ගත් පාරිබෝගියයෙක් ආපසු හරවා යවනවාද නැතිනම් ඔහුගෙන් හෝ ඇයගෙන් ඇණවුමක් එහෙමත් නැතිනම් ඕඩරයක් ලබා ගන්නවාද යන්න තීරණය වෙන්නේ මෙමගින්. ඉහත රූපයට අවධානය යොමු කරන්න. මෙහිදී මම මුලින්ම සදහන් කරලා තියෙන්නේ මෙම සේවාව ලැබෙන්නේ ෆයිවර්වලින් පමණක් බවයි. පසුව මෙම ගිග් පිටුව කරා පැමිණමට ස්තූතිය පළ කරලා තියෙනවා. ඉන් පසු මගේ නමත් මම වෘත්තියෙන් කවරෙක්ද යන්නත් කෙටි හැදින්වීමක් කරලා තියෙනවා. පසුව මම මේ පිළිබදව වසර කීයක පළපුරුද්දක් ඇත්ද යන්නත් මීට පෙර වැඩ කර ඇති පාරිබෝගිකයින් පිළිබදවත් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. තෙවැනි ඡේදයේදී මම සිදු කරන කාර්යය පිළිබදව පැහැදිළි ලෙස සදහන් කර තියෙනවා. මෙහිදී මම රිවිශන්ස් දෙකකට සීමා කර තිබුනත් ඔබ ඔය අන්ලිමිට් ලෙස සදහන් කරන්න. එයද වටිනා වාක්‍යයක් වේවි. අවසාන වශයෙන් පැහැදිළි කිරීමට අමතරව ඇති ගැටලු සම්බන්ධයෙන් මා හා සම්බන්ධ වෙන්න යන්න පිළිබද සදහන් කර තිබෙනවා. ඇත්තෙන්ම කිව යුතු දේ පැහැදිළිව හා සරළව ඉදිරිපත් කර තිබෙනවා. ඔබත් ඔබේ නිර්මාණයට අදාළව ඉතා පහසුවෙන් මනසට යන ආකාරයෙන් ගිග් ඩිස්ක්‍රිප්ෂන් එක සකස් කර ගැනීම කළ යුතුයි.


Tags
      මෙය වැදගත් වෙන්නේ පාරිබෝගිකයින්ට ඔබගේ ගිග් පිටුව පහසුවෙන් සොයා පැමිණිය හැකි ලෙස ටැග්ස් යෙදීමටයි. ඔබ කරන කාර්යයට අනුව පාරිබෝගියකයෙකු ලෙස එම කාර්යය සෙවීම සදහා යොදන වචන යෙදීමට මෙය භාවිතා කරන්න. උපරිම ටැග්ස් පහක් දක්වා ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා.


Duration
      අපගේ උදාහරණයට අනුව  අපට ඊ කවරයක් නිර්මාණය කිරීමට ගතවන කාලය අනුව ඔබට කාර්යය නිමකර පාරිබෝගිකයාට ලබා දිය හැක්කේ දවස් කීයකින්ද යන්න මෙහි සදහන් කරන්න. මෙම අගය 1 - 4 ත් අතර අගයකට සීමා කිරීම වඩා යෝග්‍ය වේ. හැකි ඉක්මනින් ලබා දිය හැකි සෙලරස්ලා වෙත පාරිබෝගිකයින් වැඩි අවධානයක් යොමු කරයි.


Instructions for Buyer
      උදාහරණයට අනුව අප නිර්මාණය කරන ඊ කවරය සදහා පාරිබෝගිකයාගෙන් අපට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න මෙහි සදහන් කළ යුතුයි. විශේෂයෙන් මාතෘකා, වෙනත් වාක්‍ය හා ඡේද, පින්තූර ආදිය ඉල්ලීම සදහා මෙය භාවිතා කළ යුතුයි. 

පළමු පියවරේ දත්ත සියල්ල ඇතුළත් කළ පසු Save & Continue යන්න ක්ල්ක් කරන්න.


දැන් ඔබ පැමිණෙන්නේ තවත් සුවිශේෂි අංගයක් වෙතයි. ඔබ සපයන සේවාව පිළිබදව වැදගත් හා හරවත් වීඩියෝවක් ආකාර්ශණීය පෙනුමක් සහිතව නිර්මාණය කර මෙයට අප්ලෝඩ් කරන්න. මෙමගින් ඔබට ලැබෙන සේල්ස් ප්‍රමාණය ඉහළ නැංවීමේ හැකියාවක් පවතිනවා. ඔබ අප්ලොඩ් කරන වීඩියෝව දවසක් ඇතුළත පරීක්ෂාවට ලක්කර ඔබගේ ගිග් පිටුවට ඇතුළත් වනු ඇති.
මීළගය පැමිණෙන්නේ සේවාවට අදාළව ඔබට අතිරේක සේවා සපයා මුදලක් ලබා ගත හැකි අංගයයි. ගිග් එස්ට්‍රාස්  යනුවෙන් හදුන්වන මෙය සක්‍රිය වන්නේ අවම වශයෙන් පළමුවන මට්ටමේ සෙලර්ස්ලටයි. ඔබ ෆයිවර් හා සමබන්ධ වූ දින සිට ඔබ සාර්ථක ලෙස පාරිබෝගිකයින්ට සැපයූ සේවා ප්‍රමාණය අනුව ඔබට ගිග් එස්ට්‍රාස් හතරක් දක්වා දැමීමට පුලුවන. ෆයිවර් ලෙවල්ස් පිළිබද වැඩි දුර විස්තර සදහා මෙම ලින්ක් එකට යන්න.
      හොදයි දැන් පහත රෑපය බලන්න. මම මෙහිදී ඊ කවරය දවසින් අවශ්‍ය නම් අතිරේක මුදලක් ලබාගෙන එක දවසින් ලබා දෙනවා යන්න සකසා තිබෙනවා. අතිරේකව ලබා ගන්නා මුදල් ප්‍රමාණයද ඔබට වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.



      මීට අමතරව කවරයක පිටුපස කවරයත් නිර්මාණය කර අවශ්‍ය නම් ඊට තවත් මුදලක් හා ඒ සදහා අතිරේකව අවශ්‍ය වන කාලයත් සදහන් කර තිබෙනවා. අවසන් ගිග් එස්ට්‍රාවෙන් එහි ත්‍රිමාණ පෙනුම ඇති රෑපයක්ද ලබා දෙන් බව සදහන් කර තිබෙනවා. පහත රෑපයේ දැක්වෙන්නේ ඊට උදාහරණයක්ල ඒ පිළිබදවද ගිග් ගැලරියේ දෙවන පින්තූරයේ සදහන් කිරීමට පුලුවන්.
 

Physical shipping
       තවත් සුවිශේෂී අංගයක්. මෙය වැදගත් වන්නේ ඔබ භෞතිකමය දෙයක් පාරිබෝගිකයා වෙත යවනවානම් පමණයි. ෆයිවර් මගින් ඔබට පාරිබෝගිකයින් වෙත ලබාදිය හැක්කේ සේවා පමනක්ම නොවේ යන්න මෙමගින් පැහැදිළි වෙන්නට ඇති. ඩොලර් පහක් වැනි මුදලකට ඔබට පාරිබෝගිකයා වෙත යැවීමට හැකි යමක් වේ නම් ඒ පිළිබදව ගිග් එකක් නිර්මාණය කිරීමේදී මේ පිළිබද අවධානය යොමු කරන්න. ඔබට පාරිබෝගිකයා ජීවත්වන ප්‍රෙද්ශයන් අනුව තැපැල් ගාස්තු ඔවුන්ගෙන්ම අයකරගැනීමේ හැකියාව මෙහිදී ඔබට සපයා දී තිබේ.


Publish Gig
       ඔබ සාර්ථක ලෙස ගිග් එක නිර්මාණය කළ පසු ඔබට පහත පණිවිඩය
ලැබෙනු ඇත. පබ්ලිෂ් ගිග් යන්න ක්ලික් කරන්න.


It's ALIVE!
       ඔබ සාර්ථක ලෙස ගිග් එක නිර්මාණය කළ ගිග් එක් පාරිබෝගිකයින් කරා යැවීමට මෙය භාවිතා කරන්න. මෙමගින් ඔබට ඔබගේ ගිග් පිටුව ෆේස්බුක්, ටුවිටර් වැනි සමාජ ජාල වෙත බෙදාහැරීමට අවස්ථාව සලසා දීම සිදුවේ. පසුව ෆිනිෂ් යන්න ක්ලික් කරන්න.

        එවිට ඔබ නිර්මාණය කළ ගිග්ස් ඇතුළත් පිටුවක් වෙත ෆයිවර් ඔබ ගෙනයනු ඇති. එහි ඔබ නිර්මාණය කළ ගිග් එකෙහි Live Portfolio ON යන්න ක්ලක් කරන්න. එමගින් පසුකලෙක ඔබ නිර්මාණය කර පාර්බෝගිකයින් වෙත ලබාදුන් නිර්මාණ අනික් පාරිබෝගිකයින්ට දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර සේල්ස් වැඩිවීමක් ද සිදුවිය හැකියි.


        දැන් ඔබ සාර්ථක ලෙස ගිග් එකක් නිර්මාණය කරගෙන තිබෙනවා. වැඩි වැඩියෙන් ෂෙයා කර ඊට පැමිණෙන පිරිස වැඩි කිරීමට උත්සාහ ගන්න. නවකයින් මෙය අනිවාර්යයයෙන් සිදුකළ යුත්තක් වෙනවා. බොහෝ විට ෆයිවර් හි නවකයින්ට ඕඩර්ස් ලැබීම අඩුවුවත් පෙර සදහන් කළ ආකාරයේ ආකාර්ශනීය නිර්මාණ මගින් එම බාදකය ජය ගත හැකි වනු ඇති. තවත් වැදගත් දෙයක් කිව යුතුමයි.



එනම් ඔබේ නිර්මාණයට යොදා ගන්නා ෆොන්ට් පිළිබදව වැඩි අවධානයකින් කටයුතු කරන්නයට යන්නයි. ඔබට කොපමණ අලංකාර ලෙස සිතුනත් අපහැදිළි ෆොන්ට්වලට ඔබගේ පාරිබෝගිකයා කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන් අපහැදි වැල් අකුරු, බොල්ඩ් වැඩි මහත අකුරු, යල් පැන ගිය අකුරු ඔබගේ නිර්මාණයන්ට යොදාගැනීමෙන් වළකින්න.

      හොදයි, අද පාඩම මින් අවසන් මීළග පාඩම්වලදී ඕඩරස්වලට ප්‍රතිචාර දීම පිළිබදවත්, ඩිලිවර් කිරීම පිළිබදවත් කතා කරමු.  මෙම පාඩම ඔයාලට සකස් කර දෙන්න පැය කිහිපයක් ගත වුනා. මින් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒ පිළිබදව කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. මීට අමතරව තව දැනගත යුත දෙවල් ඇත්නම් අපගේ ෆෙස්බුක් ගිණුම්වලට දන්වන ලෙසත් මතක් කරනවා. ඔයා මේ බ්ලොග් එකට අලුත් කෙනෙක් නම් යාලුවන්ටත් අපි ගැන කියන්න! :)

Nov 1, 2013

දැන් ඔයාගේ පරිගණකයටත් වින්ඩෝස් 8 පෙනුමක්.....!!!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට ගොඩක් ආස හිතේවි කියලා හිතුනු දෙයක් තමයි දෙන්න අරගෙන ආවේ... අද මම ඔයාලට දෙන්නේ Windows 8 transformation pack එක... වින්ඩෝස් 8 කියන්නේ කළින් පැමිණි වින්ඩෝස් සංස්කරණවලට වඩා හාත්පසෙකින්ම වෙනස් මෙහෙයුම් පද්ධතියක් කියලා මම කළිනුත් කිව්වානේ.. ඉතින් මේ නව පෙනුමට අපේ ගොඩක් අය කැමැත්තක් දක්වනවා... ඉතින් අපගේ යාළුවෝ කුමන වින්ඩොස් සංස්කරණයක් භාවිතා කළත් දැන් ගැටලුවක් නෑ... මේ මෘදුකාංගය මගින් දැන් ඔයාගේ පරිගණකයටත් වින්ඩෝස් 8 පෙනුමක් ගන්න පුලුවන් වෙනවා... මෙම මෘදුකාංගය සාර්ථකව ක්‍රියා කරන්නේ වින්ඩෝස් XP, 7, Vista යන සංස්කරණ සමගයි...

      මෙම මෘදුකාංගය තුළ වින්ඩෝස් 8 හි ලක්ෂණ බොහොමයක් අඩංගු කර තිබෙනවා... ඒ වගේම කියන්නට ඕන දෙයක් තියෙනවා... මෙම මෘදුකාංගය ස්ථාපනය කළා කියා ඔයාගේ පරිගණකයේ කිසිදු මන්දගාමී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ... එය සාමාන්‍ය පරිදි වින්ඩෝස් 7, විස්ටා, XP ආකාරයෙන්ම ක්‍රියාකරනවා...




      මෙම නව Windows 8 transformation pack එක භාවිතය කිසිදු අනතුරක් සිදු වීමට බලනොපායි. එමෙන්ම මේ සමග නව තීම්ස්, වෝල් පේපර්ස්, ලොගින් ස්ක්‍රීන්, අයිකන්, සහ බොහෝ දේ අන්තර්ගත කර තිබෙනවා...
 

මෙහි ලක්ෂණ

§ Seamless installation and uninstallation giving users safe transformation.
§ Easily configurable in single click with intelligence Metro UI design.
§ Designed for all editions of Windows XP/Vista/7 including Server Editions.
§ Genuine Windows 8 system resources with Metro touches
§ Smart system files updating with auto-repair and Windows Update friendly.
§ Fresh start for Vista/Seven Transformation Pack users with updated Windows 8 themes and resources.
§ UxStyle memory patching
§ Windows 8 themes, wallpaper and logon screen.
§ UserTile with current user auto-configured on login.
§ Metro UI desktop emulation with pre-configured gadgets.
§ Aero’s auto-colorization feature


ස්ථාපනය කිරීමට තිබිය යුතු අවම සුදුසුකම්


§ .NET Framework 2.0 – Required for system files transformation in Windows XP/Server 2003 x64 Editions Only.
§ .NET Framework 4.0 – Required for Windows 8 features like User Tile/Metro UI Desktop/Auto-colorization.


වැදගත් : මෙම නව Windows 8 transformation pack එක ස්ථාපන යට පෙර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ බැකප් කරගැනීම වඩාත් වැදගත් වේ... මන්ද එවිට යම් අත්වැරදීමක් වුවහොත් කිසිදු ගැටලුවක් ඇති නොවන බැවිනි..

  
 

Search Keywords : Windows 8 theme pack for windows 7, Windows 8 theme for xp, windows 8 edition for windows 7 xp, windows 8 skin pack for windows 7 xp

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...